නිසදැස්

හැල්මෙ දුවන ඔරලෝසුව…

හැල්මේ දුවන ඔරලෝසුව
කවද කොතන නතර වෙයිද…….

පැය මිනිත්තු දවස් අතර
හුස්ම ගන්න ඉඩ තියයිද……..

එකෙන් දෙකට , දෙකෙන් තුනට
ඉස්කෝලෙන් සරසවියට………

පාසල් විය පසු කරමින්
නාඹර යෞවන වයසට…

අපිට හොරෙන් , දවස් ගෙවන්
අරං ඇවිත් අපි වයසට……..

ඒත් පුදුම ඔරලෝසුව
කොහොමද තාමත් නාඹර…….

Photo by Jiyeon Park

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිදුලනී තාරිකා

තාක්ෂණ පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment