ආගමික විශේෂ දිනයන්

හිමිදිරි වදනින් නිවී සැනසෙන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා

උතුම් වූ සම්බුද්ධත්වය අවබෝධ කරගැනීමෙන් පසු උදා වූ සිව්වන සතියේ ධර්මය මෙනෙහි කරන බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදු රැස් විහිදුව රුවන්ගේ බැබළවූයේ අසිරිමත් පොසොන් පොහෝ දිනකයි.
ලාංකේය ජනයාගේ ආගමික චින්තනය වෙනස් වූ මගකට ගෙන යමින් අනුබුදු මහා මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, යන අරහතුන් වහන්සේලාත්, ෂඩ් අභිඥානාලාභී සුමන සාමණේරයන් ද පභණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ශාන්තීය දූතයන් වශයෙන් බු:ව 236 දී වැඩම කර ලක්දිව බුදු සසුන පිහිටුවන ලදී.
මිහිඳු හිමියන් විසින් එවකට ලක්දිව රජකම් කළ දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස පංචශීලයේ පිහිටුවා අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවයත්, ධර්මයෙහි ඇති සත්‍ය භාවයත්, සංඝයා වහන්සේලා සතු අප්‍රමාණ ගුණ මහිමයත් හා ත්‍රිවිද රත්නයේම ඇති අතිශ්‍රේෂ්ඨත්වයත් පෙන්වා දෙන “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කළේ ය. ඉන් අවසානයේ දී මෙයට සහභාගි වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය දේශනා කළහ.
ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහයයෙන් සිදු කළ තුන්වන ධර්ම සංගායනාවේ දායාදයක් වූ මහින්දාගමනය සමඟ ශ්‍රී ලංකාවේ ආගමික, සංස්කෘතික, දේශපාලනික මෙන්ම කලාව හා සාක්ෂරතාවය වැනි විවිධ විෂයන්හි පුනරුදයක් ඇති විය. පොසොන් පොහොය දිනයේ දී සිදු වූ ඒ අසිරිමත් සිදුවීම මෙරට ශාසන ඉතිහාසයේ ප්‍රධානම හැරවුම් ලක්ෂයකි.
පොසොන් පොහොය දිනයේ දී ම ලක්දිව ඉතිහාසයේ ප්‍රථම මහණ උපසම්පදාව වන පභණ්ඩුක උපාසක මහණ උපසම්පදාවේ පිහිටු වීම සිදු විය.
උතුම් වූ සම්බුද්ධත්වය අවබෝධ කරගැනීමෙන් පසු උදා වූ සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම සිදුවූයේ ද පොසොන් පොහෝ දිනකයි.

Designed By :Saneth Kalhara

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

වත්සලා මෙන්ඩිස්

තාක්ෂණ පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment