මගේ හදවත ගැහෙන රාවය අහන්න…
මගේ අතැඟිලි පිරිමැදෙන සැටි විඳින්න
පුර සඳක් පෑයූ අමාවක රෑ යාමේ…
අඳුරු කුටියට සෙමින් පියවර මනින්න
වියළි හදවත් අහස් තලයේ ඇදී ගිය සෙනෙහස් වළාවන්…
කඩා වැටුනා මුරුගසන් වැසි විලාසෙන්
තැලී පොඩි වුනු කැඩී විසිරුනු සිහින වීදුරු මාළිගාවෙන්…
සැබෑ ලොව වෙත පලා ආවා පියවරෙන්
කිරි සුවඳ පිරි බිළිඳු මුවගේ සිනා මල් පෙති පුබුදුවන්නට…
මලක් විය මා බඹර සෙනඟට අද පටන්
අඳුරු අහසට එළිය අරගෙන වඩින දිනිසුරු ඇස ගැසෙන්නට…
සැදී පැහැදී බලා ඉන්නෙමි බැති සිතින්
Leave a Comment