දිවයුරු ඈත ක්ශිතිජ ඉම සිප – සයුරු තෙර රළ’තර සැඟව ගෙන
යාමයකි සැඳෑ දළ රළ පෙල’තර – වියරු ලෙසකින් දස දිග හමා එන
මාරුතයකි සසල කර ගත නිසල – දැවටෙමින් මියුරු හැඟුමන් තවරමින
හුදෙකලාවකි අමුතුම මුළු හදෙහිම – මතකේ ඇඳුනු ඒ නිම් නොවන
වෙරළත් සයුරත් මියෙන තුරු මනාව – මෙ ලෙසින් අද පෙමින් බැදුන ද
සයුරු රළට අවසර නැත සදාකාලිකව – රැදෙනට වෙරළ තෙර ළඟ අද
වෙරළ ඉමට අවසර නැත සදාකාලිකව – රැදෙනට සයුරු තෙර ළඟ අද
හැඳින්නෙමි නොහැකිය සදා රැඳෙනුව – සිතින් කෙතරම් බැඳුන ද හද
මෑත වෙරළ ඉම පහන් ටැඹක් – ගන’ඳුර දුරලයි සතර වට
ඈත සයුරු ඉම යාමට මගක් – නැවියෙක් සොයයි එලෙසට
තරුත් නොමැති අමාවක රැයක් – වීය ගුරු තරුව විලසට
යලිත් හමුනොවනා සේම අපෙත් – මිය යාවි සිහිනය ද එලෙසට
Leave a Comment