Colombo Beacon ඉතිහාසය දැනුම විශේෂ දිනයන්

හිරු නොබසින අධිරාජ්‍යයෙන් බැස ගිය රජ කුමරිය…

“ලිලීබෙට්” කුඩා කල තම නමෙහි උච්චාරණය අපහසු වීම නිසාවෙන් රජ පවුල ඇය ඇමතූ නාමය වූයේ එයයි.

 ඇය නමින් එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරී ය. 1926 වසරේ අප්‍රේල් 21 වන දින හයවන ජෝර්ජ් රජුට හා එළිසබෙත් කුමරියට දාව වින්ඩසන් රාජ වංශයේ උපත ලද කුමරිය වූයේ මේ දෙවන එළිසබෙත් කුමරියයි. මව් පිය දෙපලගේ පරම්පරාවෙන්ගේ එකතුවක් තුළින් ඇයට තම නාමය හිමි විය.

උපතින් දින 37ක ට පසුව කිතුනු ආගමට අනුව බකිංහැම් මාලිගාවේ දී එළිසබෙත් රැජිණ බවුතීස්ම කරනු ලැබීය.

රුව,ගුණ ඇති මේ සුන්දර කුමරිය 1947 දී පිලිප් කුමාරු සමඟ යුග දිවියට එළඹිණි. දරුවන් සතර දෙනෙකුට මව්පියන් වූ මේ දෙපල, වර්තමානය වන විට මුණුපුරන් අට දෙනෙකුගේ මිත්තණිය වීමේ වරමද එළිසබෙත් රැජිණ සතු විය.

පියාගේ ඇවෑමෙන් පසු සිහසුනට පත්වන මැය ලෝක දේශපාලනයේ පරමාදර්ශී චරිතයක් විය. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 16 ක ට තම නායකත්වය දීමට තරම් ඇය විශිෂ්ට විය. ඇගේ බලය මුහුදෙන් එතෙරට පවා විහිදී පැවතුණි. දේශපාලනමය මැදිහත් වීම් තුළ ඇය එතරම් සක්‍රීය නොවුන ද ඇයගේ දේශපාලනික බලය අතිවිශාලය.

“තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරයි” යන මේ කියමන කිසිදු විවාදයකින් තොරව සනාථ කළ හැකි කදිම නිදසුන එළිසබෙත් රැජිණයි. කාන්තාවක් වී තම බලය ලොව පුරා විහිද වීමට ඇයට හැකි විය. මැයගේ මේ පාලන ක්‍රමයට ශ්‍රී ලංකාව ද අයත් වූ බව ඉතිහාසය තුළ සඳහන් වේ.

2022 වර්ෂයේ සැප්තැම්බර් මස 08 වන දින “London Bridge Is Down” ලෙස නිවේදනයක් නිකුත් විය. කලක් තිස්සේ රෝගාතුරව සිටි එළිසබෙත් රැජිණ දැයෙන් සමුගෙන හෝරා කිහිපයක් ගත විය. බකිංහැම් මාලිගාව පුරා “Operation London Bridge” ක්‍රියාත්මක විය. එයත් සමගම හිරු නොබසින අධිරාජ්‍යය පුරා අඳුර පැතිර ගියේ ය.

රැජිණ ලොව කුමන ස්ථානයක මිය ගිය ද ඇයගේ නිසල සිරුර බකිංහැම් මාලිගාවේ සිංහාසන කාමරය වෙත ගෙන යා යුතුය. එය සාම්ප්‍රදාය විය.

අවසන් දින පෙරවරු 9 ට නාද වන බිග් බෙන් සීනූ හඩ මතින් බ්‍රිතාන්‍ය පුරා ශෝකය ප්‍රකාශ කරන අතර එදින ජාතික ශෝක දිනයක් ලෙසත් නම් කරනු ලබයි.

රැජිණගේ නික්ම යාමෙන් පසු ඇයගේ පුත් තුන්වන චාල්ස් කුමරු සිහසුනට පත් වේ.

මෙලෙස හිරු නොබසින අධිරාජ්‍යයේ පළමු පුද්ගලයා තම ස්වකීය දිවි සැරිය නිමා කරනු ලැබීය.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රවීෂා ශෙහානි

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment