හැමදේම දරාගෙන
මුළු දවස පුරාවට………
නිහඬවම හිනාවෙන
දයාබර අහස් කුස……
අඳුරු නුඹෙ විජිතයට
එළිය අරගෙන වඩින…..
බැස යද්දි හිරු සවස
නුඹට තනියක් නැද්ද…..
මහ පොළව නුඹ නිදන
හැම නිහඬ රැයකදිම……
මගේ තනියට කොනක
සඳ මඬල බලා ඇත…..
නිවා සනහනු පිණිස
දැවී ගිය නුඹේ ගත…
සඳක් වී එතෙන්නේ
එ හිරු රැස්මයි සබඳ……
Leave a Comment