සරසවිය කියන්නේ,
අපි පුංචි කාලේ අපිට පළවෙනියටම නැකතට අකුරු කියවපු දවසේ ඉඳලා අපේ අම්මගෙයි තාත්තාගෙයි බලාපොරොත්තුව , පළමු වසරට ඇතුලත් වූ දවසේ ඉදලා අපේ ගුරු මව් පියවරුනුත් ඔවුන්ගේ කර ගත් ඒ බලාපොරොත්තුව , ශිෂ්‍යත්ව විභාගය සාමාන්‍ය පෙළ විභාගය උසස් පෙළ විභාගයට මුහුණු දුන් දා පටන් අපෙත් බලාපොරොත්තුව, නෑ ඒක බලාපොරොත්තුවකටත් වඩා අපිට තේරෙන දවසේ ඉදන් අපි දැකපු ඒ ලස්සන හීනය.
ඉතිං ඒ හීනය දකින දහසක් දෙනා අතරින් ඒ හීනය හැබෑ කරගන්නවුන් නම් සෑබෑම වාසනාවන්තයෝ කියන එකනම් කිසි විවාදයකින් තොරව පිළිගත් හැකි කරුණක් බවනම් නොඅනුමානයි .ඒ අතරිනුත් හීන ලැයිස්තුවේ උඩින්ම තියන සරසවි වරමක් ලබන්නට තරම් කොළඹ විශ්ව විද්‍යාලයේ අපි නම් ඇත්තටම වාසනාවන්තයන්.
දවසින් දවස නිදාගන්න තියන පැය ගණන අඩු වෙද්දී සමහර දවස් වල වෙලාවට කන්න බොන්නවත් වෙලාවක් නැති වෙද්දී සමහර කාල වල එක දිගට සති මාස ගණනාවක් ගෙදර යන්න බැරි වෙද්දීත් නිතරම පවතින සුන්දරත්වයත් කිසිම හේතුවක් නිසා වෙනස් නොවන සහෝදරත්වයත් දිනයක් පාසා වර්ධනය වන දැනුම කන්දරාවත් කවදාවත් අමතක කරන්න බැරි මතක ගොන්නකුත් එක්කම අයියේ අක්කේ ඔබනම් ඒ දැකපු ලස්සන හීනය සැබෑ කරගෙන අවසන් .අම්මගෙයි තාත්තාගෙයි ඇස් වලට සතුටු කදුලු පුරවා අවසන් තම ගුරු මව් පියවරුන් අභිමානවත් පුරවැසියන් බවට පත් කර අවසන් එනම් ඔබ දැන් ඔබ වෙනුවෙන් සිහින දැකපු සියල්ලන්ගේම සිහින සැබෑ කර අවසන් .
ඔබ උපාධිය ගන්නට, ඒ සුන්දර කලු ලෝගුව ඇඳ අම්මයි තාත්තයි එක්ක ලස්සන පිංතූරයක් ගන්නට හීන දකිමින් මහන්සිය නොබලා කැප කිරීම් රාශියක් කර විභාග ගොන්නක් ලියපු, රටේ හතරදිග්භාගෙන්ම එකතු වූ තමන් වගේම උන් තමන්ගේම පවුලේ උන් කරගෙන කවදාවත් අමතක වෙන් නැති මතක සැමරුම් රාශියකින් හිත පුරවාගත්තු,පරිත්‍යාගශීලිත්වය කැප කිරීම උත්සහය එකමුතු කම සහෝදරත්වය වචන වල සැබෑම අර්ථය දැන ගත්තූ සුන්දර වසර ගණනක් දැන් ගෙවී අවසන් .

මේ කලු ලෝගුව කොතරම් සුන්දර වූවත් එය ඇඟලා ගත් විට දැනෙන ඒ නිහතමානී ආඩම්බරය කොතරම් වූවත් සියල්ලන් ඉදිරියේ ඔබේ නම කතා කරද්දී ඔබේ මුවේ නැගෙන සිනහව කොතරම් සුන්දර වූවත් දහසක් දෙනා ඉදිරියේ උපාධි සහතිකය අතට ගනිද්දී ඔබේ දෑස් කෙතරම් බැබලූවත් ඔබ පමණක්ම දන්නා ඒ වෙනුවෙන් ඔබ අවුරුදු තුනක් හෝ හතරක් තිස්සේ වුණු ඒ කැපවීම මහන්සිය උත්සහය මල් පල ගැන්වෙන ඒ ලස්සන අවස්ථාවේ ඔබ සුන්දරව ආඩම්බරයෙන් දෑස් දල්වමින් සිනහ නොවී නම් කෙසේද???
ඉතිං තුන් වසරක් හෝ සිව් වසරක් මුළුල්ලේ කොළඹ සරසවි මෑණියන්ගේ සෙවනේ හැදී සරසවි මෑණියනුත් තමා වටේ සිටි සියල්ලනුත් අභිමානයෙන් පුරවා ,අභිමානයෙන් සමරන ආඩම්බරකාර උත්සවයකදී ,තම උපාධි සහතිකය අභිමානයෙන් අතට ගන්නා අයියේ අක්කේ ඔබට Colombo Beacon අපගේ හද පිරි සුභ පැතුම් පිරිනමන අතරම ඔබ සියලු දෙනාටම සුන්දර ලස්සන අනාගතයත් Colombo Beacon අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
Leave a Comment