නිසදැස් විශ්ව විද්‍යාලය

හුස්ම ගන්නා කොළොම්පුර වත…

රීඩ් මාවතේ තුරු වියන් යට
කොයිතරම් හැලුණා ද මල් පෙති…
තිසා වැව ළඟ බංකුවක හිඳ
ආයෙමත් නරඹමු ද සිය පෙති…

ප්‍රේමයේ පුන් සඳේ තනියට
හරි හැඩයි නැගුණාම ග්‍රහ තැටි
පුරවරේ පින් බිමෙන් උගනිමු
අපරිමිත විශ්වයක ඇති සැටි…

අඹ සෙවණේ අත් පටලගෙන යළි
ගිමත් මණ්ඩප වෙතත් යමු අපි
රොබරෝසි මල් අහුරු මොකට ද
නමක් නැති මල් තවත් ඇත පිපී…

ඉෂාරා දනෝද්‍යා
දෙවන වසර
නීති පීඨය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ඉෂාරා දනෝද්‍යා

Leave a Comment