බිත්ති හතරට වට වෙලා
සලු උනා ඇඳ මත වෙලා
සරාගික ඇස් වහං කෙරුවා
ළයෙහි ඇවිලෙන කඳුළු පුවතක්…
රූ සපුව දෙවඟන සමානයි
ඇවිලෙනා දුක මහමෙර පරාදයි
වැදූ දරුවන් ලොකු කරන්නට
ගැහැනු කම විකුණල හමාරයි…
ලෝකයට අභිසාරිකවක් ඈ
ඈගේ දරුවට සෙනෙහෙ මව් ඈ
වැරදුනේ කොතැනද සොයයි ඈ
ගෙවෙන හැම පැයකයට වතාවක්…
සියල් දෙන අපවාද විඳිමින්
දරු සෙනේ ළය දෝරෙ ගලමින්
වැදූ දරුවන් රජුන් කරනට
අනුන්ගේ පව් ගෙවයි මෙලෙසින්…
Leave a Comment