Colombo Beacon නිසදැස්

හෙටත් පිපියන් රෝස කුසුමක් අරගලේ ජය මාවතේ…

ගෙවි ගෙවී අතීතෙට එකතු වෙන තත්පරෙත්
දිලි දිලී දැල්වෙනා පැතුමක්ව හදවතින්
රිදි රිදී ගලා ගිය රුධිර බිඳු නවතමින්
දැවි දැවී හඬන සිත් සනසන්න යුක්තියෙන්

සටන් පාඨෙන් හඬ නගන්නේ අසාධාරණෙ නිසාමයි
ගිටාරයකින් ලොවට කීවේ යුක්තියේ ගී රටාමයි
අලුත ඉපදුණු බිළිඳු අරගෙන මගට ආවේ සිතාමයි
අනාගතයට ලියන්නට නව හීන පුබුදින කතාවයි

විසිර යන්නට ඉඩ නොදී තව එකම එක ලේ බිදුවක්
යළිත් නොපතමු අඳුරු දිනයක් මව් බිමේ අපි කෙදිනත්
හඬා වැටෙනා ලක් මවට වී නැගී සිටිනට සවියක්
සත්‍යයේ හඬ කර ගනිමු අපි විසිහතර පැය අවියක්

යුක්තියේ අරුණැල්ල වැටෙමින් එකම පැතුමෙන් දේශයේ
නිවා කඳුළැල් නගා හසරැල් නුදුරු දිනයක භූමියේ
වෙලා දෑගිලි එකා මෙන් එක මිනිස් පවුරකි ප්‍රේමයේ
හෙටත් පිපියන් රෝස කුසුමක් අරගලේ ජය මාවතේ

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කේතනී පූර්ණිමා

ශාස්ත්‍ර පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment