Colombo Beacon නිසදැස්

හෙට උදා වන්නේ…දේශයයි මා පැතූ…

හෙට උදා වන්නේ…
දේශයයි මා පැතූ…!

අලුත් වැස්සක පිනිති අරුණලු වැටී තෙත්වීලා
සීහ ධජයේ නේක සායම් පෙඟී සැඟවීලා…
යුක්තියේ නිදහසේ පැහැය මුසු සෙනෙහසින්
සසිරි සිරිලක සීහ ධජයම වර්ණ ගැන්වීලා…

දීන සිතිවිලි නැසූ – දේශ අබිමන් වැඩූ
ධීර දරුවන් පෙරමුණේ අද
මේ උදා වන්නේ…
දේශයයි මා පැතූ…!

සේද මාවත අගුල් විවරව ධනය, බලයේ නාමයෙන්…
දිනූ දේශේ ජීව සාරය උරයි නෙක නෙක වේශයෙන්…
මිනිස්කම් දෙදරනා – වහල් වෙස් හඳුනනා…
මිනිස් දම්වැල් නගන සවියෙන්
සත්‍ය බල ගැන්වෙනා…

දීන සිතිවිලි නැසූ – දේශ අබිමන් වැඩූ
ධීර දරුවන් පෙරමුණේ අද
මේ උදා වන්නේ…
දේශයයි මා පැතූ…!

දකුණු කුරුසිය, සඳ පළුව වෙත බිළිඳු මවකගෙ සවිය පෙන්වාවී…
මහා ශිව රැය පහන් එළියෙන් ධම්ම පදයේ අකුරු දිස් වේවී…
සීහ අබිමන් නගා – ස්නේහ මෙත්තා වඩා
උපන් මව්බිම රකින යුක්තිය
දිනන්නට තව වාසනා…
තේජ නිවහල් චේතනා…!

දීන සිතිවිලි නැසූ – දේශ අබිමන් වැඩූ
ධීර දරුවන් පෙරමුණේ අද
මේ උදා වන්නේ…
දේශයයි මා පැතූ…!

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිනිති නවෝද්‍යා

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment