රත්තරන් මම අදත් රෑ මුර
එපා මග බලන්නට තවත්
හෙද ඇදුමේ බර නිසා
මට ඉන්න නුඹ ලග නෑ වරම්
මගේ පොඩි දූ හොයනවා ඇති
මගේ අම්මා කොයි කියා
දූවේ නුඹ වන් ළමුන් දහසට
නුඹේ අම්මා මවු වෙලා
බ්රිද අම්මා හෙදිය අතරේ
මගේ හිත සටනක වෙලා
ඉඩක් ලද සැනින් එන්නම්
රත්තරන් නුඹේ පණ වෙලා
රෑ මැදියමේ නුඹ දෙදෙනා
ගැන සිතම්න්
නිදි නැති දෙනෙත ලතැවෙයි
හද පිරිණු සොවින්
හෙට උදා වන අලුත් දිනයේ
අලුත් පැතුමන් පොදි බැදන්
රත්තරන් මං හනික එන්නම්
උදේ මුරයත් නිම කරන්…
Leave a Comment