දිවා රෑ වෙනසක් නැත
රෝහලේ කොරිඩෝ දිග
කිලෝමීටර යොදුන් ගණනක්
ඇවිද ඇවිදා දෙපය දියවිය
වෙනුවට ඉදෙන බත් රස
නන් පැහැ බෙතෙත් පෙති මැද
හැපෙනකොට මුළු දවසම
බෙහෙත් සුවඳට නහය හුරුවිය
ඉවසගෙන හැකි උපරිම
ඉඳහිට තරහ ගිය තැන
යක්ෂණියකට සම කොට
බැනුම් දහසක් ඇයට හිමිවිය
ලබාගන්නා වැටුපට
කෙලෙස සම කළ හැකිවෙද
නිවනට පාරමී දෙන
තවත් රැකියාවක් නොවෙද එය
Leave a Comment