මීටකලින් කවදාවත්
බෝලයක් පිත්තක්
අල්ලලා නැති උන් වගේම
ඒව හොඳට
ඇඟට පත්තියං උන
අපේම උන්………..
දෙනෝදාහක් දෙනාගෙ
හීනයක්
තමන්ගෙ ඇඟේ හයියෙන්
උස්සගෙන
දින්නම හිතාගෙන
පිටියට බහින
අපේම උන්……………
තමන් වෙනුවෙන්
තමන්ගෙ පවුලෙ නම වෙනුවෙන්
දාඩිය හෙලාගෙන
ගිනිඅවුවෙ
සෙල්ලං කරන
අපේම උන්………..
පවුලෙ නම
දිනවන්න
වැඩ පෙන්නන උන් වෙනුවෙන්
උගුර ලේ රහ වෙනකං
චියර් කරන
අපේම උන්……..
තමන් දැක්ක හීනෙ
අනුන් නමින් ලියවෙද්දි
හිතේ කහටක් නැතුව
අතට අත දෙන
අපේම උන්……….
දිනයි
හැබැයි ඒ අපෙන් එකෙක්
පරදියි
හැබැයි ඒත් අපෙන් එකෙක්
දිනුමකට එහා ගිය
ජයග්‍රහණයකට
එක රෑනට
අත්පුඩි ගහන්න
එන්න
Leave a Comment