#සිත්_අයැඳි_ඒ_රුවට_නමක්_නම්_ඇවිත්
#සඟවා_සිටිමි_එනමුත්_නුඹෙ_සිත්_ලෙසින්…
නාඳුනන සිතක් ඇවිදින් මා අමතලා
සිත් කී නිසා හෙමිහිට මිතුරන් වුනා
ඇරඹි මිතුදම මතින් තතු විමසුවා
පුදුමයිනෙ අපි ආයෙ යළි හමුවෙලා…
දහසක් දෙනෙත් අතරේ ඔය නෙත් සදා
මතකේ රැඳී තිබිලා කාටත් හොරා
හමුවුවත් අපි ආයෙ නාඳුනන් වෙලා
පුංචි සන්ධියේ සිටියලු මිතුරන් වෙලා…
ආඩම්බරයි නුඹෙ සිත් මා සිත් ලෙසින්
දෙදෙනාට දෙදෙන රහසේ සිත් සොයයි හොරෙන්
සිත් අයැඳි ඒ රුවට නමක් නම් ඇවිත්
සඟවා සිටිමි එනමුත් නුඹෙ සිත් ලෙසින්..
Leave a Comment