කවද හරි කොහොමහරි කවුරුහරි මවා දුන් සිහිනයක් විය මිහිරි නින්ද සටහන් වලට උකස් දී පැතුවෙ ඒ ලෝකයට තටු පමණි “අන්න ඒ ලොවේ නම සරසවි…” අහල තිබු කතන්දර කවි ගීත හැම එකම මැව්වෙ ඒ ලොව සිරි ය සටහනට හිස තියා නිදි ආව හැම රෑම සිහිනෙනුත් මං දැක්ක...
Author - දිදුලනී තාරිකා
නොවිඳ සමරන නිදහස
ඉවත දමන දඬුව වුවද රන් අස්වනු දී පූදින… සක්වල කිතුගොස රන්දන මිහිමත පාරාදීසය… සිහල දමිළ මුස්ලිම් එක පැහැයැති රුධිරය දියකර… රැකගත් දේශය සුරකිමු එක ධජයක සෙවණෙහි හිඳ…
සැරද පුරවර මෑණියනි
සාර සිප් විදු නැණ බෙලෙන් ඔප ලූ… දූ පුතුන් හිස මිණි කිරුළු පැළඳූ… ලොවක් දිනනට පරපුරක් තැන වූ… සැරද පුරවර මෑණියනි, ජයතූ… PC – Praveen Hasaranga
ප්‍රේමය නම්
රිදුම් දී හිත ඇනුන දුක්බර වචන වල දුක සිදුරු විනිවිද… සිහින් ඉකියක් ලෙසින් මතුවන කහට සේදෙන කඳුළු ඇස් අග… නුඹේ සෙනෙහස් වදන් කැටිවුණු හිතේ මතකය කොනිත්තාගෙන… ඇබින්දක්වත් දොසක් නොකියා දරාගන්නා තැන ය ප්‍රේමය…
ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය…
ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය ලෙස ජුනි 12 වන දිනය ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 2002 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලදි. ළමයින් ශ්‍රමිකයන් ලෙස යොදවා ගැනීමට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණ පෙරදැරි කොට ගෙන මෙම දිනය හඳුන්වා දී ඇත...
හිරු
හැමදේම දරාගෙන මුළු දවස පුරාවට……… නිහඬවම හිනාවෙන දයාබර අහස් කුස…… අඳුරු නුඹෙ විජිතයට එළිය අරගෙන වඩින….. බැස යද්දි හිරු සවස නුඹට තනියක් නැද්ද….. මහ පොළව නුඹ නිදන හැම නිහඬ රැයකදිම…… මගේ තනියට කොනක...
රොබරෝසියා
කොළොම්තොට මහළුවී නැතුවැති නේද………. කුමරි සරසවි වසන්තය ආවාද………… සුළං රැල්ලේ එතෙන පෙම්බස් නැතිව……… රොබරෝසියා බිමට වැඩියේ නැද්ද……..
ආයු රක්ඛන්තු ආවඩා…
ගුවන මිහිකත සයුර වටකොට පවුරු බැඳ යදමින් වෙලා දෙස් විදෙස් සතුරන්ගෙ ඉදිරියෙ පණ දෙවෙනි කොට අවි දරා රටක නිදහස් හුස්ම වෙනුවෙන් ඇ’සිස් මස් ලේ බිම හෙලා මෙ බිම රැකි මුර දේවතාවනි ආයු රක්ඛන්තු ආවඩා……..
හෙද දිනපොත
දිවා රෑ වෙනසක් නැත රෝහලේ කොරිඩෝ දිග කිලෝමීටර යොදුන් ගණනක් ඇවිද ඇවිදා දෙපය දියවිය වෙනුවට ඉදෙන බත් රස නන් පැහැ බෙතෙත් පෙති මැද හැපෙනකොට මුළු දවසම බෙහෙත් සුවඳට නහය හුරුවිය ඉවසගෙන හැකි උපරිම ඉඳහිට තරහ ගිය තැන යක්ෂණියකට සම කොට බැනුම් දහසක් ඇයට හිමිවිය...
හැල්මෙ දුවන ඔරලෝසුව…
හැල්මේ දුවන ඔරලෝසුව කවද කොතන නතර වෙයිද……. පැය මිනිත්තු දවස් අතර හුස්ම ගන්න ඉඩ තියයිද…….. එකෙන් දෙකට , දෙකෙන් තුනට ඉස්කෝලෙන් සරසවියට……… පාසල් විය පසු කරමින් නාඹර යෞවන වයසට… අපිට හොරෙන් , දවස් ගෙවන් අරං...
මියගිය හෘද සාක්ෂයක් කථා කරයි…….
තවම මතකයි මට ආලෙලුයියා ගී හඬ සමිදු උත්ථානය දින මඟුල් සිරි ගත් දෙවිදු පුදසුන……. අසුරු සැනකින් එකවර සීනු රාවය වෙනුවට රුදුරු ඒ පිපුරුම් හඬ ඇසුනු හැටි සිතුවමකි බොඳවුන…….. උනුන්ගේ දෙවියන් වැඳ අනුන් දිවි සිඳිනා ලෙස දහම් පණිවිඩයක්...
ගම්මිරිස්
Covid -19 හෙවත් corona වෛරසය හේතුවෙන් මුලු මහත් ලෝකයම පාහේ මේ වන විට අකර්මණ්‍ය වී ඇති ආකාරය අපට පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාවද එම අවධානමට මුහුණ පා ඇති රටක් වශයෙන් මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරමින් ද පාසල් , විශ්වවිද්‍යාලයයන් වසා දමමින්ද...