අඳුර දුරලන එළිය අරගෙන වරෙල්ලා යදම් සිඳ බිඳ පවුරු පෙරලා දමල්ලා දසත විහිදෙන සීහ නාදය නගල්ලා මගේ දරුවනි මෙමා බේරා ගනිල්ලා දීන සොර මුළ මෙමා වට කර – මගේ සාරය උරා බොන කල සඳලුතලවල රජ මැදුරුවල – මගේ ඇඟ මස අලෙවි වන කල කඳුළු කඳුරැලි ඇදහැලුණු බව...
Author - යසල් සමරජීව
සරුංගලේ කතන්දරේ
පියා සලන්නට වරම් නොමැත මට අත් තටු රැහැනින් බැඳලා අතැඟිලි අතරේ දැවටෙන හුයකින් මහ පොළොවෙ ම සිර කරලා… මුහුදු වෙරළ ඉම අහසේ පියඹා අවට බලන්නට වරම් නොමැත මට රූ සිරි විසිතුරු පැතිරුණ සළු තිර දෑස වසාගෙන ඇද වැටිලා… නිහඬ ව හැඬවුන හද රැඳි වෙන නද අසා පවන...
හිමි අහිමි පැතුමක්
මගේ හදවත ගැහෙන රාවය අහන්න… මගේ අතැඟිලි පිරිමැදෙන සැටි විඳින්න පුර සඳක් පෑයූ අමාවක රෑ යාමේ… අඳුරු කුටියට සෙමින් පියවර මනින්න වියළි හදවත් අහස් තලයේ ඇදී ගිය සෙනෙහස් වළාවන්… කඩා වැටුනා මුරුගසන් වැසි විලාසෙන් තැලී පොඩි වුනු කැඩී...
කඳුළු මලක්
අතු අග හිනැහෙන කඳුළු මලක් හිරු වත මිලිනව හඬා වැටුණු හැන්දෑ යාමේ දුටුවෙමි අතු අග හිනැහෙන කඳුළු මලක් අකලට විකසිත පෙති විදහාගෙන සිනහ රැඳුණු වත මඬල දරාගෙන රොන් සුනු සුවඳින් ගත සරසාගෙන බලා හිඳී නෙතු පියන් වසාගෙන මල් පෙති පොඩි කර රොන් උදුරාගෙන බඹර සෙනඟ...