Author - යසුරි හසාරා

Colombo Beacon

දුර

වැහි බිංදු එක දෙකක්උරහිසට ළය මැදටවැටුනා ම හිරිකඩටනැහැවිලා හද තුටිනදුර තියා හිනැහීමහුරු වෙච්ච මල් කැකුළසිදාදියේ දූලි සැරඇත්තට ම රුචි නැද්දමඟ බලා සති අගටකල් තියා කඩපිල ගාවසඳසාවී වඩින මඟඇස් අයා බලාගෙන යසුරි හසාරාපළමු වසරශාස්ත්‍ර පීඨය

විචාර

නුඹ ලොකු මිනිහෙක් වන දා මල් පිපියන් මගෙ සිහිනේ

සමාජ තරාතිරම කුමක් වුව ද තම දරුවා දිනන දා ඕනෑ ම පියෙකුගේ මල් වත්තේ මල් සියල්ල එකවර ම පිපෙයි. රොන් රසය සැදූ ආදරය ද වෙනකෙකුගේ නොව ඔබගේ ම  ය; ‘තාත්තා…’ අම්මාගේ ගුණවරුණා ගැයෙන ලියැවෙන කලෙක පියෙකුගේ ආදරය සඟවා ලොවට ඇතිරිල්ලක් සේ...

නිසදැස්

ඔහු කවුද?

පළන්දා මාල හත අත ගත්ත පිච්චමල නිබන්දා මුව කමල සිනා කැන්දා මැඳුර නිරින්දා සවි ඇතිව උණුහුමට ආව සද පෙති තැළී ඇති මලෙක රොන් බීපී රසබරම හීසැරය ඉඳුරාම කම්පිතයි ළය මඬල නොසඟවා ළඳුනි මට කියාපන් ඔහු කවුද? යසුරි හසාරා පළමු වසර ශාස්ත්‍ර පීඨය 

Colombo Beacon ක්‍රීඩා

දස දිගත නාමේ ශ්‍රී රන්දා… පොඩි කෙල්ල ලකඹරට පායා…

වසර 21කට පසු වාර්තා බිඳ හෙළමින් 2023 වසරේ පැවැත් වූ 19 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසාන දිනයේ දී කාන්තා මීටර් 800 තරගාවලියේ රන් පදක්කම දිනා ගන්නට ශ්‍රී ලාංකීය ධාවනශූරී තරුෂි කරුණාරත්න සමත් වූයේ සමස්ත ශ්‍රී ලංකාවටම ආඩම්බරයක් එක් කරමිනි. ශ්‍රී...

නිසදැස්

නඩුව

සිදාදියේ මල් සුවඳ ගම්මානේ වාගේ නෑ මලානික හද මඬල වැව පාර කීවේ නෑ සිඳී ගිය වැව් පොඩ්ඩ මගෙ ආලේ දුටුවේ නෑ රිඳී විසුණුව වැටුණ පුංචි මල අගය නෑ ලබා සිප් උගත නැණ රොන් සුවඳ විහිදා ද වළාගැබ මේ නඩුව වැස්සෙන් ම කල් යාද යසුරි හසාරා පළමු වසර ශාස්ත්‍ර පීඨය

නිසදැස්

නෝට්කඳු

සිල්ලරට ගත්තේ මංඅන්තිමට පහුවෙලාමල්සරාට ඉඩ දීලාහොඳටෝ ම පැරදුනාසෙමෙස්තර කෙළවරටදැන් ඉතින් ළං වෙලාකේන්දර ගැළපෙව්වාඅකුරු අමතක උනාහීන්දෑරි සුදු පිච්චවැස්සට ම දියවෙලාතොග මිලටවත් බැරියනෝට්කඳු ගොඩ වෙලා යසුරි හසාරාපළමු වසරශාස්ත්‍ර පීඨය