අප අසා ඇති Autism යන ආබාධ තතත්ත්ත්වය වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන්නේ Autism Spectrum disorder ලෙසටයි. මෙමගින් පුද්ගලයෙකුගේ සමාජ හැකියා, එකිනෙකා අතර සන්නිවේදනය කිරීමේ හැකියා, සමාජ සබඳතා සහ තමාව ස්වකීයව පාලනය කරගැනීමේ හැකියා යන ඒවාහි විෂමතා ඇති කරනවා. මෙය හඳුනාගත හැකි වන වයස විවිධ විය හැකි අතර බොහෝවිට දරුවෙකුගේ ප්‍රථම අවුරුදු දෙක තුළදී මෙය හඳුනාගත හැකි වනවා. මෙය ඇතිවන පුද්ගලයින්ට මෙය බලපාන ආකාරය ඉතා විශාල පරාසයක විහිදී පවතින ලෙස වෙනස් වනවා. එනම් මෙය යමෙකුට ඉතා සුළු ආබාධ තත්ත්ව සහිතව බැලුබැල්මට සාමාන්‍ය අයෙකු ලෙස පෙනෙන ලෙස මෙන්ම යමෙකුට බරපතළ ආබාධ සහිතව ජීවිත කාලය පුරාම අන් අයගේ රැකවරණය සහිතව සිටිය යුතු වන ආකාරයට ආබාධවල බරපතළ බව වෙනස් වනවා සේම ඉගෙනුම් හැකියා පිළිබඳ සැලකූ විටද එක් එක් අයට බලපාන ආකරය වෙනස් වනවා. ඇතැම් විට ඔවුන්ට ඉගෙනීමේ දුර්වලතා පැවතිය හැකි නමුත් සන්නිවේදන හැකියා අතින් දුර්වල autism ආබාධමය තත්ත්වය පවතින අයෙකු වුවත් ඇතැම් විට විශිෂ්ට ලෙස ගණිතමය හැකියා, කලා හැකියා හෝ මතක තබා ගැනීමේ හැකියා පෙන්නුම් කල හැකියි.
මෙම තත්ත්වය මුල් කාලයේදීම හඳුනාගැනීම මගින් autism තත්ත්වයෙන් පෙලෙන්නන්ගේ ජීවිතය වඩාත් සුවදායී කල හැකියි.
ඇමෙරිකානු මනෝචිකිත්සක සංගමය autism තත්ත්වය හඳුනාගැනීමට දක්වා ඇති නිර්ණායක අනුව autism තත්ත්වයෙන් පෙලෙන්නන්ගේ මූලික ලක්ෂණ වර්ග තුනක් පවතිනවා.
එනම්,
👉සන්නිවේදනයේ සහ අනෙක් පුද්ගලයින් සමඟ අන්තර්ක්‍රියා දැක්වීමේදී දුර්වලතා දැක්වීම.
👉රුචිකත්වවල සීමාසහිත බව හා යම් දෙයක් නැවත නැවත කිරීමට(ඒකාකාරී බවට) රුචිකත්වයක් දැක්වීම.
👉පාසලේදී, රැකියා ස්ථානයේදී ආදී විවිධ වටපිටා වලදී නිසියාකාරව හැසිරීමට බාධා එල්ලකරන විවිධාකාර වූ ලක්ෂණ
යන ඒවායි.
Autism තත්ත්වයෙන් පෙලෙන්නන් බොහෝවිට දක්වන ලක්ෂණ පහත් පරිදියි. කෙසේනමුත් සෑම රෝගියෙකුම මෙම ලක්ෂණ සියල්ලම දරන්නේ නැති විය හැකියි.
සමාජ ,සන්නිවේදන, අන්තර්පුද්ගල සබඳතා ආශ්‍රිත විෂමතා
▪️වෙනත් අයෙකු සමඟ ඇස් මඟින් නිසි ලෙස සබඳතාවක් (eye contact) තබා ගැනීමට අසමත් වීම.
▪️අනෙක් අය දෙස බැලීමට සහ සවන් යොමු කිරීමට යොමු නොවීම.
▪️යම් දෙයක් වෙනත් අයෙකු හට නිසි එල්ලයක් සහිතව පෙන්වීමට අසමත් වීම.
▪️වෙනත් අයෙකු එම පුද්ගලයාවව වාචිකව අමතන විට එයට අවධානය යොමු කිරීමට පමා වීම හෝ අසමර්ථ වීම.
▪️සංවාදයේ යෙදීමේදී අපහසුතා දැක්වීම.
▪️යම් පුද්ගලයෙකු සමග, ඔහු හෝ ඇය දක්වන ප්‍රතිචාර නොසළකා හරිමින් දිගටම කතා කිරීම.
▪️පවසන දේට වඩා වෙනස් වූ ඉරියවු, මුහුණේ හැඟීම් දැක්වීම.
▪️කතාබහ කරන ස්වරයේ වෙනස් කම්. (උදා; ගීතයක් ගායනා කරන ලෙස හෝ රොබෝවෙකු වැනිව කතා කිරීම)
▪️අන් අයගේ හැසිරීම තේරුම් ගැනීමට නොහැකියාවක් දැක්වීම.
යම් දෙයක් පුනරාවර්තීව කිරීම්,
▪️එකම දේ පැවසීම වැනි එකම දේ කිරීමේ කැමැත්ත.
▪️යම් දෙයක් පිළිබඳ අසාමාන්‍ය ලෙස කල්පවත්නා කැමැත්ත.
▪️ චලනය වන වස්තු වැනි දේ පිලිබඳව ඕනෑවට වඩා අවධානය යොමු කිරීම.
▪️එදිනෙදා කටයුතුවල සුළු වෙනස්කමක් සිදුවීම දරාගත නොහැකිව කළබලයට පත්වීම.
▪️ආලෝකය, ශබ්ධය වැනි සංවේදනවලට අසාමාන්‍ය ලෙස අඩු හෝ වැඩි අවධානයක් දැක්වීම.
තවද මොවුන් නින්දේ විෂමතා සහ නුරුස්න බවක්ද දැක්විය හැකි වනවා.
කෙස් නමුත් ඕනෑම දෙයක් යම්කිසි සුබවාදී පැතිකඩක් පවතිනවා යන්න සනාථ කරමින් ඇතැම් විට මොවුන් ඇතැම් දේ කෙරෙහි අතිවිශේෂ සමත්කම් දැක්විය හැකියි.
එනම්,
▪️යම් දෙයක් විස්තරාත්මකව ඉගෙනීමේ විශිෂ්ට හැකියා දැක්වීම.
▪️යම් දෙයක් දීර්ඝකාලීනව මතක් තබාගැනීමේ විශිෂ්ට හැකියා දැක්වීම.
▪️විද්‍යාව, ගණිතය, සංගීතය , චිත්‍ර වැනි දේට විශිෂ්ට සමත්කම් දැක්වීම.
විද්‍යාඥයන් මෙම ASD තත්ත්වය ඇති කිරීමට හේතුවන්නේ කුමක්ද යන වග නිසියාකාරවවම සොයාගෙන නැතත් පරීක්ෂණ මගින්, මෙය ඇතිවීමේ අවදානම ඉහල නංවන කාරණා සොයාගෙන තිබෙනවා.
ඒවානම්,
▪️දරුවාට උපත ලබාදෙන මොහොතේදී දෙමව්පියන් වයස්ගත වීම.
▪️පාරම්පරිකව මෙම තත්ත්වය පැමිණීම.
▪️ඇතැම් ජානමය විෂමතා තත්ත්ව පැවතීම.
▪️අඩු බර සහිතව උපත ලැබීම.
⭕ කෙසේනමුත් මෙම තත්ත්වය ගැහැණු ළමුන්ට සාපේක්ෂව පිරිමි ළමුන් අතර හතර ගුණයක පමණ සුලබතාවයකින් පවතිනවා.
හඳුනාගැනීම
මෙය දරුවෙකුට වසර දෙකක් පමණ වන විට බොහෝ විට හඳුනාගත හැකි වනවා. හඳුනාගැනීම සිදුකල යුත්තේ හැසිරීම පිළිබඳව අවධානය යොමු කිරීම මගිනුයි. පුද්ගලයාගේ හැසිරීම autism තත්ත්වයෙන් පෙලෙන්නන්ගේ හැසිරීම් රටා ලෙස පිළිගැනෙන රටා සමඟ සුපරික්ෂාකාරීව සන්සන්දනය කිරීමෙන් මෙය කලයුතු වනවා.
ප්‍රතිකාර
මෙම තත්ත්වය නිසා ඇතිවන මානසික තත්ත්වවල විෂමතා සමනය කිරීමට බෙහෙත් ලබාදිය හැකියි. මෙය රෝගය නිවාරණයට නොව රෝගලක්ෂණ සමනය කිරීමට ප්‍රතිකාර කිරීමක්.
එසේම මානසික, සාමාජයීය කුසලතා වර්ධනය කරගැනීමට ඉවහල්වන ක්‍රියාකාරකම් සිදුකිරීමද වැදගත්.
එසේම autism තත්ත්වයෙන් පෙලෙන්නාට එල්ලවිය හැකි සමාජමය අභියෝග හැකිතාක්දුරට අඩුකිරීමද ක්‍රියාමාර්ග ගැනීමද වැදගත්.
Designed by – Poornima Dissanayake
Leave a Comment