පසුගිය කාලය පුරාම functions කරලා කරලා හෙම්බත් වෙලා ඉන්න කොට ඔන්න මේ සති අන්තයේත් science එකේ අය අලුත් වැඩකට අත ගහලයි කියල ආරංචි උනා.
මදැයි මේ සෙනසුරදාවත් ගෙදරට වෙලා නිදා ගන්න හිටියා. ඒ මදිවට practical reports වගේම miss වෙච්ච lecture notes ගොඩාක් තියෙනවා මේ weekend එකේ complete කරන්න. මොනව කරන්නද ඉතින්, කොයි එකටත් කියලා මේ සැරෙත් මොකද වෙන්නෙ කියල හොයලා බලන්න අපි තීරණය කලා.
ඔන්න එතකොට තමයි අපිට ආරංචි උනේ මේක මේ අනිත් functions වගේ නෙමේ ටිකක් විතර අලුත් විදිහේ වැඩක් කියලා. ඇත්තටම කිව්වොත් මේක Science එකේ තියෙන ශ්‍රමදානයක්. මේ සතියේ සෙනසුරදා ඒ කියන්නේ අගොස්තු 31 වෙනිදා උදේ 8 ඉදන් හවස් වෙනකම්ම කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේදී මේ ශ්‍රමදානය සිද්ධ වෙනවලු.
දෙවන වසරේ අපෙ කට්ටිය තමයි මේක සංවිධානය කරන්නේ. ගල්පාත අයියා තමයිලු මේකේ CO . පලමු වසරේ නංගිලා මල්ලිලා හැම දෙනා වගේම දෙවන වසරේ අපෙ කට්ටියගෙත් ශ්‍රම දායකත්වය මේකට ලැබෙයි කියලා අපේක්ෂා කරනවා.ඇත්තෙන්ම මේකෙ ප්‍රධාන අරමුණ තමයි ළග ළගම එන welcome එකට faculty ය ලස්සන කරන එක. වැඩි දුරටත් මේ ගැන තොරතුරු හොයලා බලන කොට එදාට open එක paint කරන එක, open එක වටේ සුද්ධ කරන එක common එක සුද්ධ කරන එක ඇතුලුව faculty එකේ හැම තැනක්ම වගේ පිරිසිදු කරන්න හිතාගෙන ඉන්නවා කියලා අපිට දැන ගන්න ලැබුනා.
අපි හැමදාම කරන්නේ campus ඇවිත් අපිට ප්‍රයෝජනයක් වෙන දෙයක් ගන්නවා විතරයිනේ. ඉතින් අවුරුද්දකට එක දවසක් හරි අපි ඉන්න තැන පිරිසිදු කරලා අපෙන් ඒකට යම් දෙයක් කරන්න ලැබෙන එක කොයිතරම් දෙයක්ද…
ඒ විතරක් යෑ, අපේ faculty එක ලස්සනට තියෙන කොට කාටද ආඩම්බර…!! 31 වෙනිදා හවස් වෙන කොට අපිට ඒ වෙනස අත් විදින්න පුලුවන් වෙයි නේද??
ඉතින් ඒක හින්දා වෙනදා වගේම practical report එක සදුදා උදේ ඇවිල්ලා ලියන්න තීරණය කරපු මම, මේ සෙනසුරාදත් වෙනදා විදිහටම යන්න තීරණය කලා. හැබැයි lectures යන්න නම් නෙමෙයි campus එක සුද්ධ කරන්න යන්න. ඉතින් ඔයාලත් එදාට එනවා නේද..
Leave a Comment