දැනුම

Campus Field Episode 2

ගිලීමලේ…

ඉස්සර ඕපන් එක කිව්වාම ඉතින් හවසට faculty එකේ ඉන්න හුඟක් අය plain tea එකක් ගහන්න ඔතනට එනවා. එක දවසක් මාත් ඔහොම plain tea එකක් ගහල ඉවර වෙලා blue side එක පැත්තට යද්දි අයියලා ටිකක් කතා කලා. ඒ දවස් වල ඉතින් blue side එක පොඩ්ඩක් විතර දරුණුයි. ඒ උනාට එකෙන් එළියෙ මාරම ආතල් ටිකක් තියෙන්නෙ. පොඩ්ඩක් bite උනත් blue side එකට යන් නැතුව අතනට යන්න කැමතියි. ඉතින් ගියා, මන් යනකොට එතන තව අපේ batch එකේ කොල්ලො තුන් දෙනෙක් හිටියා, මාටිනුයි, බව්වායි, පෙත්තායි. එවෙලෙ ඉතින් තුන් හිතකවත් තිබ්බෙ නෑ දැනට campus එකෙන් ගිය ගොඩක් ෆීල්ඩ් එතනින් සෙට් වෙයි කියලා. එතන හිටියෙ වෙන කවුරුත් නෙමේ අපේ demo සර්ලා ටිකක්, මනුජ සර්, ගෙවිදු සර්, ප්‍රනීත් අයියා, ජම්බො අයියායි, තව අයියලා වගයකුයි. කොහොමහරි මට කතා කරලා තියෙන්නෙ යන ගමන් කෙල්ලෙක්ගෙ ඔලුවට තට්ටුවක් දැම්මෙ ඇයි අහන්න. ඒ තට්ටුව දාපු කෙල්ල දැන් අපිත් එක්ක zoo කරනවා. ඉතින් ඕක අල්ලගෙන පැයක් විතර හොඳම බයිට් එකක් කාලා අන්තිමට අහුවා දැන් උබලා මොනවද මෙහෙ ඇවිල්ලා කරන්න ඉන්නෙ කියලා, බව්වානන් chema කරන්න කැමති කිව්වා අරුන් දෙන්නම අදහසක් නෑ කියලා කිව්වා. මගෙනුත් ඇහුවා. මන් කිව්වා ඉතින් ගත් කටටම zoo කියලා. දැන් හරි, අල්ල ගත්තා මාව. මොකාද කැමති සතා ඇහුවා, මන් ඉතින් කුරුල්ලා කියලා කිව්වා, scientific names 5ක් කියපන් කිව්වා, 4ක් කිව්වා, කියන එකා ගානේ ජම්බො අයියා google කරනවා. 5ට කියපු එකාගෙ කරුමෙට google එකේ තිබ්බෙ පරන genus එක, දැන් ඉතින් ඉවරයි, ඒක අල්ලන් හොඳම bite එකක් දීගෙන ඉද්දි තමා සහන් අයියා ඔතනට එන්නෙ. ආවට පස්සෙ ඇහුවා එයාගෙන් මූ බොරු කියනවා කියලා. අම්බෝ අයියට පින් සිද්ධ වෙන්න එතනින් බේරුනා. ඔය ඔක්කොම ඉවර වෙලා සහන් අයියා ඇහුවා මගෙන් ෆීල්ඩ් වැඩ වලට කැමතිද කියලා. මන් කිව්වා ඔව් කියලා. ඊට පස්සෙ කිව්වා සන්ජය මෙන්න මූව ෆීල්ඩ් එක්කන් පලයන් කියලා. එදා තමා ඉතින් මාව වැඩියෙන්ම ෆීල්ඩ් එක්කන් ගිය මනුස්සයාව හම්බෙන්නෙ. කොහොමහරි තව exhibition එකෙත් වැඩ කරලා අයියත් එක්ක ෆිට් වුනාට මොකද මන් විතරයි 1st year එකෙන් zoo dpt එකට උදව් කරන්න හිටියෙ. ඉතින් ඔහොම ඉද්දි එක දවසක් කතා කලා මට මල්ලි ගිලීමලේ යන්න ඕනේ යමුද කියලා. මන් හා කියලා මොකේද යන්නෙ අහුවා. bus එකේ යමු කිව්වා. මන් ඉතින් ඇහුවා ඕනෙනන් අපි මගෙ බයික් එකේ යමු කියලා. එදා ඉඳන් ඉතින් අපේ field vehicle එක ඒක තමා. අපි ඉතින් bio. එහෙම ලේසියෙන් කොහෙවත් යන්න බෑ. සතියට report 4ක්. එළි වෙනකන් ලිව්වා ඉතින් සන්ජය අයියලගෙ බොඩිමෙ ඉඳන්. එදා බෝඩිමේ party. කොහොමහරි අපි දෙන්නට මෙහෙන් යන්න දවල් වුනා. ෆීල්ඩ් බඩු වැඩිය තිබ්බෙ නෑ අපි record කරන්න යන නිසා කුරුල්ලන්ව. ඒ බඩු ටික තියෙන brief case එකයි 30kg වගේ බර තඩි බෑග් එකයි තව lap දෙක දාපු පොඩි බෑග් එකයි, ඔය ඔක්කොම ඉතින් අර bike එකේ තමා ඇද්දෙ.

මුල් ටික මන් bike එක ගත්තා. මගක් දුර ආවට පස්සෙ අයියා කිව්වා plain tea එකක් ගහලා යන් කියලා. කඩෙකින් නැවැත්තුවාට පස්සෙ, අම්බෝ බන් ගාලා පොඩ්ඩක් අමාරුයි කිව්වා. මට එහෙම අමාරුවක්නන් තෙරුනේවත් නෑ. Plain tea එකත් ගහලා සන්ජය අයියා කිව්වා එයා bike එක ගන්නන් කියලා. පොඩ්ඩක් දුර යනකොට තමා මට තෙරුනේ නවත්තපු වෙලාවෙ අයියගෙ තිබ්බ ඒ මූන සාධාරණයි කියලා. මුලින් පොඩ්ඩක් කොන්ද එහෙම රිදෙන්න ගන්නවා ටිකක් දුර යද්දි. හම්මා පශ්චාත් භාගයක් නෑ වගේ තමා මට තෙරුනේ. අනික් හොඳම වැඩේ යන්නෙ ගිලීමලේනෙ. අප්පගෙ කඳු තියෙන්නෙ. ඒ මදිවට දාර ගැටි, පිටිපස්සෙන් නිකන් current එකක් කවුරු හරි අල්ලනවා වගේ. අයියා අහනවා ඉතින් plain tea එකක් ගහලා යමුද කියලා. මාත් අති පණ්ඩිතයානෙ. මන් කිව්ව ඉතින් නෑ තව ටිකයිනෙ ඔය ටිකත් ඔහොම්මම යමු කියලා, ඔහොම තුන් පාරක් විතර ඇහුවා මගෙන්. අනික පළවෙනි field එකනෙ. කියන්නත් මොකක්ද වගේ. ආයෙ ඇහුවා. අර ටික වෙලාවට තව ගොඩක් වෙලා තියෙනවා කියලා හිතුන නිසාම මන් කිව්වා ගහලා යන් දැන්නන් අමාරුයි කියලා. කරුමෙ කියන්නෙ තව 10km යනකන් විතර එක කඩයක් තිබ්බෙ නෑ. ඇති යන්තන් ලස්සන චූටි කඩයක් හම්බුනා. එකෙ නවත්තලා බැස්සා විතරයි දිව්‍ය සැප සම්පත් හම්බුනා වගෙ දැනුනෙ. එතනිත් ආප්පත් කාලා ඔහොම යද්දි 8 විතර වුනා රෑ. අපි හිටියෙ forest එකේ quarters වලමයි. අයියා කලින් ඇවිල්ලා ඔක්කොමලාව අඳුරගෙන හිටියෙ. ඉතින් ඉන්න තැන ගැන අවුලක් තිබ්බෙ නෑ. ඒක පිටිපස්සෙ මරු වතුර ටැංකියක් තිබ්බා වතුරනම් මරේ මරු. සීතලම සීතලයි. අපි නාලා කාලා පොඩ්ඩක් වේලාසනින් නිදා ගන්න ගියා මහන්සි නිසා. අනික forest එකේ අයත් වැඩකට එළියට ගිහින් හිටියෙ. එතන හිටපු මහත්තයා ආපු ගමන් එයත් එක්කත් කතා කරලා නිදා ගත්තා. වැටුනා විතරයි මතක මට නම්. දැන් ඉතින් වැඩ කරන්න ඕනේ. අයියගෙ තියෙනවා මහා එපා කරපු alarm එකක්. කනට ගහනවා ඊට සැපයි කවුරු හරි ඇවිල්ලා. උදේ නැගිට්ට ගමන් කන් නෑ. එහෙම්මම ඇඳුම දාගන්නවා; යනවා. එහෙම ගියෙ නැත්තන් ඉතින් ආපු වැඩේ කරගන්න වෙන් නෑ. අපි යන්න ඕනේ අක්කර 50ක් කියන කැළේට. ඔක්කොටම කලින් කරන්න ආපු වැඩේ කියලා ඉන්නන්කො.

අපි වැඩ කරන්නෙ sri Lanka drongo කියන ආවේණික කුරුලු විශේෂය ගැන. කලින් අයියලා ඇවිල්ලා මෙතන කුරුල්ලො කීප දෙනෙක්ව අල්ලලා එයාලගෙ කකුලට පොඩි පාට පාට මුදු දානවා එයාලව අඳුනගන්න. ඒ පාර අපිට කරන්න තිබ්බෙ ඒ මුදු දාපු උන්ව record කරන්න. bike එකේ දෙන්නත් එක්ක ගියා ඉතින් අර කැළේට. bike එක ගෙයක් ගාවින් දාලා ටිකක් පයින් යන්න ඕනේ. එක concrete කරපු පාරක්. ඒ වුනාට දෙපත්ත උසම උස ගස් වලින් වට වෙලා. වෙනම ලෝකෙකට ගියා වගේ. වැඩේ තියෙන්නේ දැන් පාරෙ ඉඳන් වැඩේ කරන්න බෑ. ඇතුලට බහින්න ඕනේ උන් අල්ලපු තැනට මුලින් යන්න ඕනේ. පරෙන් අතුලට අඩිය තිබ්බා විතරයි නිකන් හොඳට තේරෙන්න ගත්තා සපත්තුව අතුලෙ දඟලනවා දඟලනවා වගේ. ඒක කරන්න දෙයක් නෑ එක්කො කුරුල්ලො බලන්න ඕනේ නැත්තන් කූඩැල්ලො ගලවන්න ඕනේ. මොනවා කරන්නද කුරුල්ලව බලන්න එපෑ. ඉතින් අරක හිත හදාගෙන ඕන තරන් බීපන් කියලා හිටියා. ඇතුලට බැස්සාම මාරම ලස්සනයි අපි එළියෙන් බලන එක නෙමේ අතුලේ තියෙන්නේ. මූනට මූන කුරුල්ලො. එතන මාරයි. මෙලෝ සද්දයක් නෑ. ඉඳලා හිටලා වාහනයක් යන සද්දයක් ඇහෙනවා එච්චරයි. ටිකක් වෙලා ඉද්දි, මෙන්න ක්‍රාස් ක්‍රාස් ටිලින් බිලින් ගාගෙන එනවා අරුන් ටික. තුනක් විතර හිටියා. මට තිබ්බෙ එක වැඩයි කරන්න මගෙ camera එකෙන් මොකාද කෑගහන්නෙ බලන්න. ඒක ලේසි නෑ. එකක් බෙල්ල රිදෙනවා උඩ බලන් ඉඳලා. අනිත් එක උන් එක තැනක ඉන්නෙ නෑ. පුදුම විසයක් තියෙන්නෙ. බැරිම තැන මන් ඔක්කොම video කළා. අයියලා ring කරපු එකෙක් හිට්යා තැඹිලි පාට ring එක. උදේ මාරම හොඳයි. දවස් තුනටම හරියන්න කරගත්තා recordings ටික. තව කුරුල්ලොත් බලලා ඇතුලෙන් එළියට එද්දි දවල් 12 විතර වෙලා තිබ්බෙ.

Sri Lanka drongo

අපි දෙන්නා ආපු ගමන් පාරෙදිම සපත්තු දෙක ගැලෙව්වා. කෙලින්ම පාර පුරා ලේ එකයි බේරිලා. අපි දෙන්නට මහන්සිත් නිසා පොඩි කයියක් ගහන් හිටියා පාරෙ මැද්දෙ ඇල වෙලා. ටිකක් වෙලා යද්දි අයියා නිදි. මාත් එහෙම්මම ඇල උනා. මටත් සුපිරියටම නින්ද යා ගෙන එනකොටම ගිරි යටින් ගෑනු කෙනෙක් බෙරිහන් දුන්නා. අපි දෙන්නට කර කියා ගන්න දෙයක් නෑ එක පාරටම හිටගත්තා.

To be continued…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විමුක්ති ගුණසේකර

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment