දැනුම

Campus Field Episode 3

ගිලීමලේ Part 02

නැගිටලා බලද්දි පාරෙ නැන්දා කෙනෙක් පොඩි එක්කෙනෙකුත් එක්ක තුශ්නීම්භූත වෙලා අපි දිහා බලන් ඉන්නවා. පවු නැන්දා. නැන්දා හිතලා තියෙන්නෙ කවුරුහරි මරලා දාලවත් දෝ කියලා. සාධාරණයි ඉතින්. පාරෙ ලේ තියෙනවා; තව අර ශොට් ගන් එකක් වගේ මයික් එකකුත් තියෙනවා; ඔක්කොමත් හරි කවුද කියන්නකෝ මහ පාරක බුදියන්නෙ. අපි දෙන්න ඉතින් නැන්දවත් සනසලා bike එකත් අරන් ආවා.

සංජය අයියා field ගිහාම බුලත් විට පප්පා. එහෙටම තමා ගැලපෙන්නෙ ඉතිං. විටකුත් කාලා plain tea එකකුත් ගහන්නත් එක්ක අපි දෙන්න ගියා පොඩි කඩේකට. ලස්සන අක්කා කෙනෙක් හිටියෙ ඒ කඩේ. අක්කා වඩෙත් හදලා තිබ්බා. අපි දෙන්නා උදේට කාලා තිබ්බෙත් නැති නිසා වඩෙයි තව අරවයි මේවයි කාලා plain tea එකත් ගහලා ඉවර වෙලා, අයියා ඇහුවා නාන්න යමු ද කියලා.

ආයෙත් ඉතිං කවුද බෑ කියන්නෙ. යමු කියලා බඩු ටිකත් ඉන්න තැන තියලා ගියා නාන්න. නාන තැනට ගෙයක් පිටිපස්සෙන් බහින්න ඕනෙ. ඒක මරුම මරු spot එකක්. Pool එකක් වගේ. වතුර ගැන ආයෙ කියලා වැඩක් නෑ. පතුල තිතටම පේන්න clear. තව cool ම cool. බැස්ස ගමන් ගල් පාඩි සෙට් එකට දිව්‍ය භෝජන වගේ. අපි දෙන්නගෙ කූඩැල්ලො කාපුවා ටික වට කර ගත්තා. Free fish therapy එකක් දා ගත්තා වගේ.

පැය 3ක් විතර නෑවා. එතකොට තමා මං දන්නෙ අයියා කුරුල්ලන්ට වඩා primates ලට ආසයි කියලා. එතනට ආපු රිලවු ටික දිහා බලාගෙන හෙනම lecture එකක් දුන්නෙ. දැන් ඉතිං පට්ට බඩගිනී. අපි උයාගෙන කන්න හිටියෙ. දෙයියන්ගෙ පිහිටෙන් wildlife එකේ එක්කෙනෙක් අපිටත් එක්ක උයලා තිබ්බා. හොඳට කාලා ආයෙ ඉතිං field තමා. අතනටම ගියා. හවස මුං එකෙක්වත් කෑ ගැහුවෙ නෑ. හෙනම ගේමක් දුන්නා. කොහෙද හෙන හිතුවක්කාරයි. අර වගේම කූඩැල්ලොත් කවාගෙන ආවා ඉතිං කඩේ අක්කා බලන්න. අක්කවත් බලලා ආවා office එකට. ඇවිල්ලා අපි දෙන්නා ලැප් එක ගෙනිච්ච නිසා record කරපු ටික බැලුවා. කියන්න සංතෝසයි අනිත් ඔක්කොම කුරුල්ලො ටික කෑ ගහනවා, අර තැඹිලි පාට දාලා තිබ්බ කුරුල්ලා කෑ ගහලා නෑ. උදේ ඉඳන් මහන්සිය වතුරෙ. හවසත් නෑ මුකුත්ම. ටිකක් වෙලා ගියාම මං bag එක බලද්දි අප්පට සිරි මගෙ camera එකේ extra battery එක නෑ.

යං කියලා ගියා හොයන්න. ආයෙ ඉතිං අපි වැඩ කරපු තැනට ගිහිං කොල අවුස්ස අවුස්ස හෙව්වා batterya… ම්හ්හ්… හම්බුන් නෑ, මොනවා කරන්නද ඉතිං ආයෙ අවා… අයියා කිව්වා නිකමට ආයෙ bag එක බලපං කියලා. ඒකෙ බැලින්නං බඩු තියෙනවා… හොඳවගෙන් එකකුත් අහගෙන අපි දෙන්නා අර ටැංකියෙන් නාලා ආවා. රෑටත් අනේ අර මාම අපිටත් එක්ක කෑම හදලා තිබ්බෙ.

ඒකත් කාලා ඉවරවෙලා බලද්දි wildlife එකේ හුඟක් අය එදත් හිටියෙ නෑ. ඒක නිසා අපි ගියා නිදාගන්න කියලා. ගියා කියලා නිදා ගත්තෙ නෑ ඉතිං. අපි දෙන්නගෙම අතීත කතා බාගෙට බාගයක් එදා කිව්වා. දෙන්නත් එක්ක ෆිල්ම් එකකුත් බලලා නිදා ගත්තා හෙට කොහොමහරි ගේමක් ගහලා record කර ගන්නවා කියලා. උදේම නැගිටලා සුපුරුදු විදිහට ගියා අතනටම. එක කුරුල්ලෙක් නෑ. කරපු නැති දෙයක් නෑ අපි දෙන්නා record කර ගන්න. කැලේ ගියා ගියා ගියා එක වල් කුරුල්ලෙක් හිටියෙ නෑ. මොනවා කරන්නද ඉතිං දවල් වෙනකං බලලා යමං යන්න කියලා අයියා කිව්වා. ඇවිල්ලා අර විදිහටම නිදා ගන්න හැදුවට, කොහෙද විනාඩි පහෙන් පහට මොකක් හරි ලදරමක් යනවා. බැරිම තැන දමලා ගහලා අක්කගෙ කඩේට ආවා. එදානන් මහ අජූත දවසක්. එදා ඒ අක්කත් එක්ක තව අයියා කෙනෙකුත් හිටියා. මං හිතන්නෙ ඒ අක්කා බැඳලා. මං දන් නෑ සංජය අයියනම් කියන විදිහට field ඇවිල්ලා දැකපු 3 වෙනියට ලස්සන කෙල්ලලු. අපි දෙන්නා ඉතිං plain tea එකත් ගහලා ආවා. ඇවිල්ලා කාලා එලියට බැහැලා කුරුල්ලො බැලුවා. එතනට ආවා ලස්සනම ලස්සන ගිරාමලිත්තො ජෝඩුවක්. උන් දෙන්න එතන තිබ්බ පේර ගහේ පේර කකා හිටියා පැයක් විතර.

SL Hanging parrot

ඔය වෙනකොට මුලු office එකේම කට්ටිය එදා වැඩට ඇවිල්ලා හිටියේ. හවස වහින්නත් වගේ තිබ්බෙ. මං අහුවා යන්නෙ නැද්ද කියලා අයියට එපා වෙලා… කට්ටියත් ඇවිල්ලා නිසා ඉමු කිව්වා. කියලා එතන තිබ්බා bat එකකුයි බෝලෙකුයි. අපි දෙන්නා ඔහේ බෝලෙට ගගහා ඉද්දි wildlife එකේ කට්ටියත් ආවා. ඇවිල්ලා හවස් වෙනකම් cricket ගැහුවා.

ඔය අතරේ එහෙට කුරුවිට පැත්තෙන් call එකක් ඇවිල්ලා තිබ්බා උකුස්සෙක් වැටිලා ඉන්නවා ඌව අරන් යන්න කියලා. අපි දෙන්නා ඇහුවා අපි දෙන්නා එන්න ද කියලා හා කියලා අපි දෙන්නත් ගියා වැඩේට තව දෙන්නෙක් එක්ක. හෙන දුර. ඒ පාර කුරුවිටට ළඟ පාරක්. ඒකෙ වාහන දෙකකට මාරු වෙන්න බෑ. තඩි වංගු තියෙන්නෙ. කොහොමහරි ගියා අර ගෙදරට. ගිහිං බලද්දි බැලින්නම් බටගොයෙක්. හපොයි. මොනවා කරන්නද ඉතිං ඒකාවත් දාගත්තා වාහනේට.

Wildlife එකේ අර විදිහට එයාලගෙ office එකේ නිකං ඉන්න බෑ ඉතිං. අපි ඉතිං අම්බානෙට ෆිට් වෙන්න ඕනෙ. කොල්ලොනෙ නිකං එහෙම fit වෙන් නෑ. පොඩ්ඩක් අපේ පැත්තෙනුත් යුතුකමක් වගේ දේවල් කරන්න ඕනෙ. ඒ අවශ්‍ය කරන කළමනා ටිකත් කුරුවිටින් අරගෙන අපි ගියා.

ගිලීමලේනෙ. එහෙ හොඳ රා තියෙනවා. මං කිව්වා මට රා හොඳයි කියලා. ඉතිං ඇවිල්ලා කට්ටියත් එක්ක පොඩි ජොලියක් එහෙමත් දැම්මා. ඒ රා එක මරු. රහම රහයි. ඒ මදිවට හොඳ bongo එකකුත් තිබ්බා. මට සාමාන්‍යයෙන් හොඳට බොන්ගො ගහන්න පුලුවන්. ඉතිං එලි වෙනකම් සින්දුත් කියලා. හොඳ කයියකුත් ගහලා නිදාගත්තා. ඊට පස්සෙ උදේ පාන්දර ආයෙ ගියා අපි දෙන්නා වැඩට…

අනේ කුරුල්ලො ටිකක් කෑ ගැහුවා. චුට්ටයි ඉතිං. ඒත් ඒ වෙලාවෙ හැටියට ඒ හොඳටම ඇති. scene එකේ හිටියෙ. ඇවිල්ලා අර දොලෙන් නාලා අක්කවත් බලලා දවල්ටත් කාලා අපි දෙන්නා ආවා හවස ගෙදර එන්න. වංගු කඳු පාරවල් වල අයියා තමා bike එක ගන්නෙ. කඳු බහිද්දි නගින තරම්ම අමාරුවක් නෑ. මං ඉතිං යන ගමන් වට පිට බලං යන්නෙ සාමාන්‍යයෙන්. මං එක පාරටම දැක්කා මොකෙක් හරි ඉන්නවා අත්තක. මං කිව්වා අයියෙ නවත්තන්න කියලා. හම්මට බැලින්නං chestnut backed owlet .

Chestnut backed owlet

මං කලිං දැකලා තිබ්බේ නෑ. ලස්සනම ලස්සනයි. ඌ අපි දිහා බලං හිටියා. වැඩේ කියන්නෙ camera එක අර තඩි bag එකේ. අර මහ පාර මැද්දෙ ඇද්දා මුලු බෑග් එකම.. අනේ අරකා තාම අපි දිහා බලාගෙන ඉන්නවා. Eye level එකේ. කවදාවත් අමතක වෙන් නෑ ඌව. මුලු field එකම පිරෙව්වා. Photo එකට pose කරලා ඌ ගියා. ආයෙ බඩු ටිකත් දාගෙන අපි ඉතිං ආවා. ඔහොම තමා අපේ පලවෙනි field එක ඉවර උනේ. තව ගිය ඒව ගැන ඉස්සරහදි බලමු… පොඩ්ඩක් කියන්න අමාරු ඒවත් තියනවා ඒකයි.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විමුක්ති ගුණසේකර

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment