දැනුම

Campus Field Episode – 09

කුමන-Part 02

උදේම ඇහැරුනා. ඇහැරිලා ගියා වාහනෙත් අරගෙන ටිකක් දුරට. ගිහින් එතන ඉඳන් ඉස්සරහට පොඩ්ඩක් පයින් යන්න ඕනෙ. ටිකක් ඉස්සරහට ගියා. ෂා… මගෙ ජීවිතේ මන් දකින්න කැමති සතා පාර දිගේ ඉස්සරහට එනවා… උගෙ නම කිව්වොත් හිනා වෙයිද මන්දා… ඒ තමා නරියා…

Jackal

නරින්ගෙ මට නම් අමුතුම look එකක් තියෙන්නෙ. පාන්දරනේ… අර ගස් අස්සෙන් කළුවරේ එනකොට wolf feeling එකක් එන්නෙ. ඌ අපිව එක පාරට දැක්කා… ටිකක් වෙලා අපි දිහා බලන් හිටියා… පොර ශේප් එකේ නොදන්න ගානට මාරු උනා… 

උදේ playback එකට එහා පැත්තෙ ඉඳන් කෑගැහුවා… ඒත් කුරුල්ලො මේ පැත්තට ආවෙ නෑ… ගඟෙන් එහා පැත්ත යාල. මෙහා පැත්ත කුමන. උදේ වරුවත් ඔහොම්ම කට්ට කාලා අපේ සුපුරුදු ආහාරය උදේට ගත්තා… පානුයි මාමයිටුයි චීසුයි…

මන් වැඩිය ඇවිද්දෙ නෑ… පට්ට අමාරුයි. අයියත් මුකුත්ම කිව්වෙ නෑ… ඒත් මට ඒක හෙන අවුලක්. ඊට පස්සෙ දවල් වරුවෙ ආවා අපි camp site එකට. අයියා උයනවනේ… මාත් කපන්න කොටන්න help එකක් දීලා බටුයි සෝයයි එක්ක බත් එකක් ඇරලා දැම්මා… 

උයද්දි ඔක්කොමත් හරි… එතනට වල් රිලවු ටිකක් පුරුදු වෙලා… ඒ යක්කුත් එක්ක මුකුත් කරන්න බෑ… පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් මේ තිබ්බ බටු ගෙඩියෙ ඉඳන් අරන් යනවා. උන්ට ඕනෙ නැති මගුලක් නෑ… ඕනම බඩු ටික විතරක් එළියෙ තියාගෙන අනිත් ටික cab එක අස්සට දාල තිබ්බෙ. ඔහොම්ම ඉතින් අර යක්කුත් එක්ක කාලා ඉවර වෙද්දි වෙලාව හරි. 

අපි පානමෙන් එනකොට කොමඩු ගෙඩි දෙකක් ගෙනාවා කන්න කියලා… කොහොමහරි බත් කාලා කොමඩුව කන්න හොයනකොට ඒක රිලවු කාලා. අපිට ඒක වාහනේ ඇතුලට දාන්න අමතක වෙලා. කොමඩුත් නැති එකේ එහෙම්ම ඇද්දා හවස වැඩ ටිකට.

මුගෙ අප්පගෙ කවුඩො එහෙ ඉන්නේ… ඇවිද්දා ඇවිද්දා මෙලෝ වැඩක් උනේ නෑ… උන් සිරාවටම දන්නව නම් අපි මෙච්චර කට්ටක් කනවා කියලා උගෙ විනාඩි 5ක record එකක් ගන්න අනිවාර්‍යෙන් ඇවිල්ලා කෑගහලා යනවා. මටත් ඉන්න බෑ… අපි ඉන්න හරිය ඉඳන් ටිකක් park එක පැත්තට ආවාම එතන දේවාලෙ තියෙනවා. හුඟක් අය කුඩා කැබිලිත්ත කියලා එතන්ට කියනවා… එතනින් තමයි පාද යාත්‍රාව යන අය යාල ජාතික උද්‍යානයට ඇතුල් වෙන්නේ… කෝමහරි අපි ඔතනට යද්දී කට්ටියක් පූජාවක් දෙන්න ඇවිල්ලා. පළතුරු එහෙමත් තිබ්බා. කොමඩුත් රිලවු කාපු එකේ අපි පූජා වට්ටියට වැඩේ දුන්නා… 

දැන් කවුඩොත් නැති එකේ අපි දෙන්නා අමිල අයියගෙ වැඩේට සප් එකක් දෙන්න සෙට් උනා. ඒකෙ තියෙන්නෙ dragonflies ලව අල්ලන්න. Pole එකකට ගොට්ටක් වගේ එකක් සෙට් කරලා… අර සමනල්ලු අල්ලන ගැජට් එකමයි… අන්න ඒකත් අරන් අයිය බැස්සා වතුරට. 

ඒකත් හිතන තරන් ලේසි නෑ… අනික හැම එකාම ඔනෙත් නෑනෙ. කවුඩා වගේ තමා… එතන පොඩ්ඩක් එරෙන සීන් එකක් තිබ්බේ. ඉතින් ඕකත් ඔහොම යද්දි, එක පාරට කෑගැහුවා අර ඩයල් ටික. රෙකෝඩරෙත් ගත්තා; දෙන්නත් එක්ක දිව්වා…

මට දුවන්න අමාරුයි. එත් ශේප් එකේ ගේමක් ගහගෙන ගියා හෙන ඇතුලකට. ඝන කැළේ…අනේ මන්දා අපි තාම කොහොම ජීවත් වෙනවද කියලා… ශේප් එකේ රෙකෝඩ් කර ගත්‍තා. ඒත් ring කරපු එකෙක් හම්බුන් නෑ… ඒක නැතුව වැඩේ හරියන් නෑනෙ. ඒ හරියෙම තියෙනවා ඇද කුඹුක 1 කඳවුරු බිම. ඒක අපි ඉන්න තැන තරම් ගතියක් නෑ…  එතන ඉස්සරහින්ම ගඟ යනවා. View එක එච්චර camp කරන්න හරියන් නෑ. ඒ උනාට අපි දෙන්නගෙ සුපුරුදු වැඩේ. එතන මරු… ඒ පොඩි නින්දක් දාන්න. අමිල අයියා ගියා ගඟ දිගේ… අතනට වෙලා කයියක් ගහන් ඉද්දි නින්ද ගියා… සුපිරියටම නින්ද ගියා. අනේ මන්දා සතෙක්වත් කන් නෑ අච්චර හෙන ගහන්න සත්තු ඉන්න කැළේ.

එදා හවසත් වැඩේ දෙල්. බැරිම තැන ඇද්දා ආයෙ camp site එකට. දවසම ඇද්ද එකේ හෙනම මහන්සියි. රෑත් වෙලා… නාන්න ඕනෙ කියලා තුන් දෙනාටම හිතුනා. බැස්සා පල්ලෙහාට… නාන්න. මට තුවාලත් එක්ක අමාරුයි. බෑනෙ අර මොකක්ද අපේ හෙනම අමාරුවක් තියනවනෙ ඔය වගේ වැඩ වලට… මාත් ඕන මඟුලක් වෙන්න කියල බැස්සා. 

හඳත් ශේප් එකේ තිබ්බා. අපි ඉතින් බැහැලා නාද්දි නිකන් torch පාරක් ආයෙ ගහලා බැලුවා ගඟේ වතුර පාර දිහා… හම්මට මේන් සී සීකඩ කිඹුලෝ. රෑ නිසා ශේප් එකේ නාගෙන ගොඩට ආවා. අනේ මන්දා එක්කො අපේ ඇඟේ repellent මොනව හරි තියනවා ඔය වගේ සත්තුන්ට. ඇවිල්ලා අයියා තුවාල වලට බෙහෙත් ටික දැම්මා… අර අපේ noodles එක… ඒකත් අච්චරටම නැතුව ශේප් විදිහකට හැදුවා… ඒකත් කාලා අමිල අයියා හිටපු නිසා ගෙම්බො දෙන්නෙකුත් බැලුවා…

Microhyla mihintalei

මරුම වැඩේ කියන්නේ මහ රෑ… හෙනම නිශ්ශබ්දයි. Jungle owlet එක පැත්තකින් කෑ ගහනවා. Oriental scops owl තවත් පැත්තකින් කෑගහනවා. මට උන් දෙන්නවම lifer… oriental එකා තුන් දෙනාටම… මාරම kick එකක් තිබ්බෙ. 

හෙන ගහන්න වගේ කෑගැහුවත් බලන්න තමා case එක. හෙව්වවා හෙව්වා හම්බ වුනේ නෑ… බැරිම තැන අතෑරලා දාලා ආවා. හම්මට මෙන්න බඩු අපි ඉන්න තැනම කෑගහපි. කට සද්දෙ උනාට හෙන පොඩී… කෝමහරි බැලුවා… අර රෑට කහ පාට ඇස් දෙක මරුවට පේනවා. jungle owlet නම් දැක්කෙ නෑ… ඔහොම්ම ඉතින් නිදාගත්තා… 

ඊට පස්සෙ දවසෙ එහෙමයි කියලා විශේෂ දේවල් නම් වුනේ නෑ.. .හොඳ recording ටිකක් කර ගත්තා තව සත්තුන්ගේ. කවුඩො නම් මහ සාපයක්. උන් හිටියා… හැබැයි කෑ ගහන් නෑ… අහ් එදා දවලුත් අරකෙන්ම නෑවා… එදා ඔහේ ගෙවිලා ගියා… 

අපි හිතන් හිටියෙ අන්තිම දවසෙ හොඳ රවුමක් ගහන්න. කොහෙද කවුඩෝ ඒ වැඩේ අල කළා. ඒක නිසා අපි යන දවසෙ උදෙත් last try එකක් දානවා කියලා බැස්සා… මටත් එපා වෙලා තිබ්බෙ. ඒත් කෝමහරි එක confident රෙකෝඩ් එකක් කරනවා කියලා ගියා. හතරක් වගේ හිටියා… එකෙක් කෑගහනවා හොයාගන්න බෑ. මොකාද කෑගහන්නෙ කියලා පේන් නෑ… මන් ශේප් එකේ අයියට ඒ පැත්ත බලන්න කියලා පැන්න අනිත් පැත්ට. මේන් එකෙක් ඉන්නව උඩ. ඒ යකා තමා කෑගහන්නෙ… cam එක අරගෙන සට සට සට ගාලා ගැහුව photo ටිකක්. ඒක මරූ… සුපිරි… ඌගෙ කකුලෙ ring එකක්. හිතන්නකො අර හෙන කැළේ අවුරුද්දකට කලින් ඇවිල්ලා රින්ග් කරලා ගිය කුරුල්ලෙක් දකිනවා කියන එක. අනික ඌවම රෙකෝඩ් කරනවා කියන එක. මට මාරම ආසාවක් ආවා vocalization ගැන. 

ඒ feeling එක කියලා වැඩක් නෑ… වැඩෙත් හරි එකේ… බඩු ටිකත් pack කරගෙන, එන්න හදද්දි වවුල්ලොන්ගෙ roost එකකුත් හම්බුනා බෙනයක් අස්සේ. ඒවත් බලලා, එන ගමන් අමිල අයියත් හිටපු එකේ wadersලත් බැලුවා.

අපි එනකොටම දැනන් හිටියා වාහනේ  insurance එක අපි ආව දවසේ expire වෙනවා කියලා… කැළෙන් එළියට ඇවිත් ටික දුරක් යනකොටම ඇල්ලුවනෙ police මාමලා දෙන්නෙක්. අයියා දන් නෑ වගේ දුන්නා. කැම්පස් එකත් පොඩ්ඩක් වික්ක හින්දද කොහෙද පොරවල් දෙකට click උනේ නෑ… කෝමහරි රෑ වුනා අපිට උයන බඩු ටික දෙන්න. අන්න එතන ගෙදර ඉන්නවා jungle owlet පිස්සුවක්. 

Jungle owl 

ඔක්කොම කරල අපි ගෙදර ඇවිල්ලා දවස් දෙකයි ගියේ. කුමන වැඩ කරන එක්කෙනෙක්ව කොටියෙක් ඇදන් ගිහින්. ඌ පුරුදු වෙලා ඒකට. යකෝ අපි දෙන්නා ඒකෙ හිටපු විදිහට ඌ අපි දෙන්නව වඩාගෙන යන්නෙ… හම්බුනානම්…. කොහොමහරි තාම ජීවතුන් අතර ඉන්නවා…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විමුක්ති ගුණසේකර

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment