දැනුම

Campus Field – Episode 10

වස්ගමුව

වස්ගමුව ට්‍රිප් එක කියන වචනෙ කිව්ව ගමන් ලොක්කා අයියටයි මටයි සුපිරිම ආතල් ටිකක් මතක් වෙන්නෙ. දැනට මන් ගිය සුපිරිම එක කිව්වොත් වැරදිත් නෑ මන් හිතන්නේ… ඒක කොච්චර සුපිරිද කියනවනන් ඒකෙ වුණු බහුතරයක් දේවල් මේකෙ ලියන්න බෑ… ඒකට ඉතින් sorry කියල තමා කියන්න තියෙන්නේ. ඒත් පුළුවන් උපරිමයෙන් කියන්න බලන්නන්. 

හරි; අපිට ඔය දවස් වල එපා වෙලා හිටියෙ. අයිය කිව්වා යමන් කොහෙ හරි වැඩ ටිකකුත් කරන් එන්න කියලා… මන් ඇහුවා කොයි යන්නෙ ඉතින් කියලා… මන් දන්න ඔක්කොම ඒ වෙනකොට cover කරලා තිබ්බෙ. අයියා කිව්වා වස්ගමු ගිහින් එමු කියලා. ඒකට නම් ආස හිතුනා… ‘යන්’ කියලා සුපුරුදු විදිහට අයියලගෙ බෝඩිමට සෙට් වෙලා පාන්දර ඇද්දා දඹුල්ල බස් එකක. එතනින් බැහැලා හෙට්ටිපොල බස් එකක් එනකම් ඉන්න වුනා. ඒකට ගොඩක් වෙලා ගියා… 

කොහොමහරි මට සෙරෙප්පු දෙක අමතක වෙලා තිබ්බ නිසා එතනින්ම අලුත් දෙකක් අරගත්තා. බස් එකක් ආවා… දැන් අපි බහින්න ඕනෙ කිරි ඔයෙන්. බස් එකේ එක්කෙනෙක්ගෙන් අහලා අපි එතනින් බැස්සා. අයියගෙ permit එක නිසා ඒ පැත්තෙන් අපිට වැඩ කරන්න පුළුවන්කම තිබ්බා. නැත්තන් ඒක normal ඇරලා තිබ්බෙ නෑ.

වැව

එතන ඉන්න wildlife එකේ එක්කෙනාව අයිය හොඳට අඳුරනවා. අපි උයන්න ඕන බඩුත් අරගෙන ඉතින් එතනට ගියා. හුඟක් අය නිවාඩු ගිහින් තිබ්බ නිසා අපිට පොඩි කාමරයක් සෙට් කරගන්න පුළුවන් උනා… අපි එතනට ඇවිල්ලා බැස්ස ගමන් මරුම sighting එකක් දැක්කෙ. swift nest එකක්. එතන නිකන් වෙඩි තියනවා වගේ සුන් සුන් ගාල කුරුල්ලො ටික යනවා. Nests 5ක් ද කොහෙද තිබ්බා… මේකෙ කියන්න බැරි සුපිරිම රැයක් එදා රෑ… 

ඉතින් පාන්දර සුපුරුදු පරිදි දෙන්නත් එක්ක වැඩට ගියා… wildlife එකේ අයියත් ආවා අපිත් එක්ක. කවුඩො බලලා බලලාමද මන්දා අයියට උන්ව ටක් ගාලා පේනවා… ජීප් එකේදි එකෙක්ව දැක්කා. එතන කවුඩන්ට කියාපු පොට් එක… තඩි උස ගස්… ඒ කැලේ වෙනස්… Dry වුණාට එහෙම ගතියක් පේන්නෙ නෑ…

Little swift nest

දැන් බැහැලා බැලුවා. අරුත් හිටපු තැනින් ගියා. අපි ඒ හරියට පයින් ගියා… හම්මට පොර කෑගැහුවා එක පාරටම දකුණු පැත්තෙන්,  දෙන්නත් එක්ක දිව්වා. අලි ප්‍රපාතයක් තිබ්බෙ එතන යන්න බෑ අයිනෙන් ශේප් එකේ යන්න ඕනේ… ගියා ඉතින් කෝමහරි අර අමාරුවෙන් ගියා විතරයි අර වල් කවුඩො ටික කෑගහගෙන පැන්නනෙ ආයෙ අනිත් පැත්තට. 

දැන් ආයෙ දුවනවා අපි දෙන්නා අනිත් පැත්තට. ගියා ඇතුලටම. මීටර හත්සීයක් විතර ගියා… අරුන් ටිකව record කර ගත්තා. ඊට පස්සෙ එක පාරටම සද්දෙ නැවතුනා. එතකොට තමා තේරුනේ දෙන්නත් එක්ක අම්බානෙක ඇතුලකට ඇවිල්ලා කියලා…

පාර 

එවෙලෙම ඇහුනා කැලේක අහන්න තියෙන භයන්කාරම සද්දෙ. වලහා… දෙයියො බුදුන් සිහි උනා මට නම්. එහෙම්ම හැරුනා ශේප් එකේ… හිමින් එන්න ගත්තා පාර පැත්තට… ඔය මට ඇහුනමයි. දුරින් ඇහුනත් පාර පැත්තෙන් ඇහුනේ. 

අපි දෙන්නට අනිත් පැත්තට යන්නත් බෑ එතකොට තවත් ඇතුලටනෙ යැවෙන්නෙ. හිමින් හිමින් ආවා පාර පැත්තට. ඔන්න ආයෙ කෑ ගැහුවා… දැන්නම් පොඩ්ඩක් ඩිම් වෙච්ච සීන් එකක් තිබ්බේ. wildlife එකේ අයියලත් පාර අයිනේ ජීප් එකේ. ඕන මඟුලක් වෙන්න කියලා ජීප් එක පැත්ටට ගියා… 

දෙයියන්ගෙ පිහිටයි. මුකුත් උනේ නෑ… ගිය ගමන් wildlife එකේ අයියලා කිව්වා ‘අම්බෝ ඇති යන්තම් ඔය පැත්තට ගියේ… මේ පැත්තෙන් වලහා කෑ ගැහුවා… අම්බානෙට බය වෙලා හිටියෙ… තව ටිකක් බලලා හොයන්න යන්න හිටියෙ’ කියලා… 

වලහා කෑගහලා තියෙන්නෙ පාරෙන් අනිත් පැත්තේ. අපි කලින් ගිය පැත්තේ… කවුඩො ටික මෙහෙට පැන්න නිසා හොඳයි… නැත්තන් මෙලහකට අපිට අර වලහ හොඳට සලකලා… 

දවල් වෙච්ව නිසා ආවා ආයෙ හිටපු තැනට. එනකොට පොඩි වැවක් තියෙනවා. එනකොටම තඩි අලියෙක් සෙට් වුනා. ඌ වැව අනිත් පැත්තට ගිහින් එහෙම්මම ඇතුලට පැන්නා. එතන හෙනම happening… උකුස්සොයි රාජලියි එතන මරු. 

අපි මට්ටු වෙන් නෑනෙ… අපි දෙන්න තීරණය කලා වැව වටේ රවුමක් දාන්න. ඉතින් ඔන්න දෙන්නත් එක්ක යනවා… ඒක වටේ යද්දි සත්තු ගොඩක් බලාගත්තා… ආයෙ හැරෙන්න ඕනෙ නෑ කියලා කැලේ ඇතුලෙන්ම යනවා කියලා තීරණය කලා… තාම හරියට දෙන්නා ටොපියක් කාලා නැති නිසා ගානකුත් නෑ… 

පාරවල් මුකුත් නෑ… ඒ හරිය පඳුරු කැලයක්… රිංග රිංග ගියා… අයියා ඉස්සරහින් යන්නේ… 

එක පාරටම නැවතුනා… බස්සෙක් බස්සෙක් කිව්වා. මට පේන් නෑ වැහිලා. ශේප් එකේ ගියා ඉස්සරහට… හම්මට මේන් oriental scops owl… බලන්න අමාරුම එකෙක්. ඔච්චර ළඟට simply wow… මාරම ලස්සනයි… විනාඩි 10ක් විතර බැලුවා. ඌවත් බලලා ආව ඉන්න තැනට.

Oriental scops owl

මහන්සිත් එකේ පල්ලෙහා ගඟක් යනවා එකෙන් නාමු කියලා ගියා… ෂහ්… මරු වතුර ටික… 

පොඩ්ඩක් පල්ලෙහාට බහින්න ඕනෙ අස්සෙන්… පූල් එක වගේ… ෂුවර් කිඹුලා ඉන්නවා. ඒත් වතුර ටික මාර වටිනවා ඒ වෙලාවට. හොඳටම නෑවා… ඇවිල්ලා ඉතින් දැන් බඩගිනයි… අපිත් උදව් කරලා ඉව්වා. 

දවල්ට හොඳටම කාලා ආයෙ ගියා හවස වැඩට. හවස හොඳයි… හොඳටම රෙකෝඩ් කලා ඇති වෙනකම්. මෙන්න හෙනම හුරුපුරුදු සද්දයක් ඇහෙනවා… Sri Lanka spurfowl. පට්ට්ම common වුනත් wet zone එකේ, dry zone එකේ එහෙම අහන්න අමාරුයි. ඌ මේ කොච්චර ළඟ කෑගැහුවත් බලන්න අමාරුම කුරුල්ලෙක්. 

අපි දෙන්නට හිතුනා බලන්න ඕනෙ කියලා. කොනකට ගිහින් හිටියා. ටික ටික සද්දෙ ළං වෙනවා… එන්න එන්නම excite වෙනවා. මුලින්ම ඔන්න female ඔලුවක් දැම්මා… දිව්වා සූන් ගාලා. ඒත් එක්කම male එකාත් ආවා. ඌත් දිව්ව සුන් ගාලා. හෙනම කාලෙකින් ඌව දැක්කේ. 

උදේම මරු… තව කුරුල්ලො හෙනම සෙට් එකක් බලලා එන්න ආවා පාර පැත්තට. එදත් හෙනම ඇතුලෙ හිටියෙ. ඔහේ ආවා කයියක් ගගහා…

කොල ටිකක් හෙල්ලෙන්න ගත්තා… එක පාරට මතු උනා කළුම කළු සතෙක්. තඩිම තඩි ඌරෙක්… ඌරා ගහනවා සාමාන්‍යෙන්… ඌ freeze වෙලා වගේ අපි දිහා බලන් ඉන්නවා… අපිත් එහෙම්මමයි… විනාඩි දෙකක් විතර බලන් ඉදලා සීන් ගාලා දිව්වා ඌ… 

අපි හිතුවා ඉවරයි තමා කියලා… ඌරෙක් ගහන්න ගත්තොත් ආයෙ ඉඳලා ඉවරයි. හවස් වෙච්ච නිසා ආවා ඉන්න තැනට. 

එදා රෑත් කියලා වැඩක් නෑ… ඊට පස්සෙ දවසෙ උදෙත් පෙර සේම වැඩ කරලා එන්න පිටත් උනා… අපිට වාහනයක් හම්බුනා ඒ පැත්තට යන. ඒකෙ නැගල මඟක් ආවා. ගිරිතලේ හන්දියෙන් දාල ගියා අපි දෙන්නව. එතන වැවක් තිබ්බා බස් එකක් එනකන් වැවේ කුරුල්ලො බල බල හිටියා… සෙනඟ නැති බස් එකක් සෙට් උනා අපිට ඒකෙ නැගලා ශේප් එකේ ආවා… 

මේ කිව්වෙ වෙච්ච දෙවල් වලින් භාගයක් වගේ… හම්බුන වෙලාවක ඉතුරු ටික කියන්නන් ඇහුවොත්.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විමුක්ති ගුණසේකර

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment