දැනුම

Campus Field Episode 4

බූන්දල

අපේ science faculty එකට ආපු හුඟක් අය zoo එකේ කුරුල්ලො ගහලා තියන ජනෙල් ටික දැකල ඇති කියලා හිතනවා. එතන තමා FOGSL එක තියෙන්නෙ. මේ කතාවනන් අනිත් ඒවට වඩා boring වෙයි කියලා හිතනවා. ඒත් මේ කතා ලියන එකේ ප්‍රධාන හේතුව අපේ ඉන්න 1st yearsලාට එහෙම මේ වගේ ගොඩක් ඒවා miss වෙන්න යන හින්දා එයාලට පොඩි අදහසක් දෙන්න ඕන නිසා. 

ඉතිං, FOGSL එකෙන් අවුරුද්දට පස් පාරක් විතර bird ringing programme එක කරනවා. මං ඉතිං ඉස්සර ඕකෙ අස්සෙමයි. Library එක වගේ නෙමේ ඒකෙ කුරුල්ලන්ගෙ පොත් තියන නිසා මං නිකං ඉන්න ගොඩක් වෙලාවට ඒකෙ තමා හිටියෙ… 

ඒකෙ ඉන්නවා ඉන්ද්‍රික අයියා කියලා කෙනෙක්. එයා තමා ඒකෙ ගොඩක් වැඩ බලන්නේ… මං අරහෙම ඉන්න කොට දවසක් ඇහුවා ‘මේ පාර ringing යමු ද?’ කියලා… මන් නම් මේන් කියලා බෑ කියයි… ගත් කටටම ‘යමු’ කියලා ඔන්න හරියටම දෙසැම්බරේ අන්තිම වගේ බූන්දල යන්න සෙට් වුනා. 

හා කිව්වට වැඩේ ලේසි නෑ. මායි අපේ මංගල අයියයි, ඉන්ද්‍රික අයියයි ඉතින් කලින් දවසෙ ලොරියක් පිරෙන්න බඩු හදලා ඊට පස්සෙ දවසෙ තව බඩු ටිකක් දාගන්න ඕන කියලා මං ගියා store room එකට… තවත් පුද්ගල හඳුන්වා දීමක්. . අමිල සුමනපාල, නොහොත් අපේ අමිල අයියා. Dragonflies ලත් එක්ක වැඩ කරන අයනන් අනිවර්‍යෙන් දන්න අයියා කෙනෙක්. Simply වැඩ්ඩෙක්. 

අනිත් එක්කෙනා හිටියෙ අපේ මනෝ අක්කා, අපේ වෙට්. මං අමිල අයියව කවුද කින්ද මන්දවත් දන් නෑ. නිකං අයියා කෙනෙක් කියලා හිතුවෙ… කොහොම හරි ඉතිං ඕන බඩු ටිකත් දාගෙන ගියා. ගියේ වෑන් එකයි මංගල අයියගෙ කැබ් එකයි. වෑන් එකේ මායි අමිල අයියයි මනෝ අක්කයි විතරයි… කතාවක් තිබ්බෙ නෑ… මං හිතුවා හෙන කම්මැලි ට්‍රිපක් වෙයි කියලා. කමක් නෑ කියලා කාගෙන ගියා… 

ඔය අතරෙ අපිට cardboard ගන්නත් ඕන වෙලා තිබ්බා… ඒ කුරුල්ලන්ව දාන්න. ඕව ටික ගද්දි තමා අමිල අයියව හොඳටම fit වුනේ… දැං හරි… ඒ උනාට අමිල අයිය යනකම් නිදි. මාත් වෙන මොනවා කරන්න ද? දොයිය ගත්තා. 

හම්මට ඉන්ද්‍රික අයියා කතා කරනකන් මං දන් නෑ අපි බූන්දල කියලා. මට කිව්වා ‘විමුක්ති වාහනේ ගන්න පුලුවන් ද?’ කියලා මං ඇහුවා ‘මොන වාහනේ ද?’ කියලා. ‘කැබ් එක’ කිව්වා. 

බර වාහන liscense නෑ කියලා අවුලක් තිබ්බෙත් නෑ. කැළේ නෙ. අලි පොලීසියෙන් check කරොත් තමා ඉතිං. මංගල අයියා ඒ පයින්ම ආවා කොළඹ. කොහොම හරි අපි camp-site එකට ගිහින් බඩු ටිකත් බාලා ටෙන්ට් ටිකත් ගහලා දැම්මා. ඒ කෑම්ප් එකට රජරටින් සෙට් එකකුත් ආවා. .. දැන් ඉතිං වැඩ කරන්න තියෙන්නෙ. 

අන්න ටිකක් වෙලා යද්දි කසුන් අයියත් එනවා තව අයියා කෙනෙක් එක්ක එයාගෙ කැබ් එකේ. මරු කියලා හිතුනා එවලෙනම්. කොහොම හරි දැං මායි අමිල අයියයි ගියා poles ටිකත් අරගෙන mist net ටික ගහන්න. එහා කලපුවෙ. ඒකට යන්න තව චූටි කලපුවක් පැනලා යන්න ඕනෙ. ඒ කියන්නෙ හරහා යන්න ඕනෙ. දාර කිබුලො ඉන්නෙ. උන්ගෙන් එහෙම කරදරයක් නෑ හැබැයි. කොතනින් ද cross කරන්නෙ කියලා දෙන්නටම හිතාගන්න බැරි වෙලා හිටියෙ… පොඩි අඩි වැදිච්ච තැනක් තිබ්බා එතනින් යමු කියලා මං ගියා මුලින්. පළවෙනි අඩිය ankle eka හරියට එරුනා, ඊලග එක තිබ්බා තව ටිකක් එරුනා ටිකක් මැදට වගේ යද්දි එන පොට හොඳ නෑ කියලා මට තේරුනා අමිල අයියත් මගෙ පස්සෙන් මං ඉතින් පොඩ්ඩක් උසයිනෙ. අම්මට සිරි වෙනවා එරුනනෙ මාව. දැං මට තේරෙනවා මගෙ එක කකුලක් යනවා යටටම අනික් එකත් එහෙම්මයි.. හුටා ගන්න බෑ… පොඩ්ඩක් බය වීගෙනත් එනවා දැං.  කියන්නත් බෑ චාටර් එකනේ. අමිල අයියට වැඩේ තේරුන් නෑ මගෙ හිතේ… මං කිව්වා මෙතනින් හරි යන් නෑ අයියේ වෙන තැනකින් යන් කියලා… දැං මට එන්න බෑ ටික ටික යනවා… මං ඉතිං බැරිම තැන අයියට කිව්වා ‘අයියෙ අත පොඩ්ඩක් දෙනව ද?’ කියලා. දෙයියන්ගෙ පිහිටයි ශේප් එකේ ආව මුකුත් උනේ නෑ වගේ මම. ඉතිං දැං වෙන තැනකින් ගිහින් net ටිකත් ගහලා ආවා.

Caspian terns

දැං වාහනේ එලවන්න තියෙන්නෙ මට. ඒක තමා තිබ්බ ආතල්ම වැඩේ… මොකද කෑම ගේන්න යන්න ඕනෙ පාර්ක් එකෙ entrance එකටම වගේ. පට්ට ආතල්. කුරුල්ලෝ බැලුවා මං ඇති වෙන්න. වැඩේ තියෙන්නෙ කෑම ටික එන්න ඉතින් හැම වෙලේම පරක්කු වෙනවා… මං ඉතින් අර පොඩ්ඩ දුර එන්න හෙන වෙලාවක් ගන්නවා. Chance එකනෙ… දැං ඉතිං රෑටත් කාලා ඉද්දි අපිට පොඩ්ඩක් දර මදි උනා… wildlife එකේ අයියල දෙන්නෙක් හිටියා අපිත් එක්ක. එක්කෙනෙක් කිව්ව ඇති වෙන්න දර තියනවා පොඩ්ඩක් ඇතුලට යන්න ඕනෙ කියලා. මං කිව්වා ඉතිං යමු කියලා. වාහනෙත් අරං ගියා. 

පාර්ක් එකක night safari වගේ මට. පිටිපස්සට රජරට අයිය කෙනෙක් නැග්ගා කැබ් එකේ… wildlife එකේ එක්කෙනා මාත් එක්ක ඉස්සරහ. ටිකක් ඇතුලට ගියාම තුන්මං හන්දියෙ මේන් හෙන සද්දන්ත අලි 6ක් වගේ ඉන්නවා. එකෙක් වාහනේ දැක්ක ගමන් ආවා ඉස්සරහට. Wildlife එකේ එක්කෙනා කිව්වා නවත්තන්න එපා කොල්ලො එකෙක් පස්සෙනෙ නිකන් හරි ඇදල ගත්තොත් කියලා… මං ඉතිං වමට දාලා ආවා… ටිකක් දුර යන කොට මට තේරෙනවා පිටිපස්සෙ පොර කිසි ගානක් නෑ ඉස්සෙල්ල වගේමයි වගේ වගක් නෑ කියලා. මං නවත්තලා ඇහුවා උබට අවුලක් නෑ නේ කියලා. මූ ඇයි කියලා ඇහුවා. මේ යකා අර අලි ටික දැකලා නෑනෙ. අර හෙන ගහන්න වගෙ තඩි සද්දන්ත අලි ටික මූ දැකලා නෑ…  මොන සිහියකින් ආවා ද දන් නෑ ඌ ඒ වෙලාවෙ. 

ඔහොම ගිහින් ඉතින් දර  ටිකත් එකතු කරන් අපි ආයෙ එන්න ආවා. එනකොට පාර මැද ලස්සන nightjars ලා එහෙම හිටියා. කලපුව මැද පාරට දැම්මා විතරයි එක පාරටම “සට සට සට සට” ගාලා සද්ද ටිකක් එන්න ගත්තා. මොකක්ද යකෝ ඒ කියලා බලද්දි…

To Be Continued…

Image Sources:

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විමුක්ති ගුණසේකර

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment