දැනුම

Campus Field Episode 5

බූන්දල Part 2

පාර්ක් එකක night safari වගේ මට. පිටිපස්සට රජරට අයිය කෙනෙක් නැග්ගා කැබ් එකේ. wildlife එකේ එක්කෙනා මාත් එක්ක ඉස්සරහ. ටිකක් ඇතුලට ගියාම තුන්මං හන්දියෙ මේන් හෙන සද්දන්ත අලි 6ක් වගේ ඉන්නවා. එකෙක් වාහනේ දැක්ක ගමන් ආවා ඉස්සරහට. Wildlife එකේ එක්කෙනා කිව්වා නවත්තන්න එපා කොල්ලො එකෙක් පස්සෙනෙ නිකන් හරි ඇදල ගත්තොත් කියලා. මං ඉතිං වමට දාලා ආවා. ටිකක් දුර යන කොට මට තේරෙනවා පිටිපස්සෙ පොර කිසි ගානක් නෑ ඉස්සෙල්ල වගේමයි වගේ වගක් නෑ කියලා. මං නවත්තලා ඇහුවා උබට අවුලක් නෑ නේ කියලා. මූ ඇයි කියලා ඇහුවා. මේ යකා අර අලි ටික දැකලා නෑනෙ. අර හෙන ගහන්න වගෙ තඩි සද්දන්ත අලි ටික මූ දැකලා න.  මොන සිහියකින් ආවා ද දන් නෑ ඌ ඒ වෙලාවෙ. 

ඔහොම ගිහින් ඉතින් දර  ටිකත් එකතු කරන් අපි ආයෙ එන්න ආවා. එනකොට පාර මැද ලස්සන nightjars ලා එහෙම හිටියා. කලපුව මැද පාරට දැම්මා විතරයි එක පාරටම “සට සට සට සට” ගාලා සද්ද ටිකක් එන්න ගත්තා. මොකක්ද යකෝ ඒ කියලා බලද්දි…

දාර size කිඹුළො. යකෝ මේකෙනෙ අපි දවල්ට බැහැලා යන්නෙ කියලා හිතුනා… ඊට පස්සෙ අපි campsite එකට ඇවිල්ලා හොඳ ගිනි මැලයකුත් ගහලා දැං අල්ලපු කුරුල්ලො ටික process කරලා break එකක් වගේ තිබ්බා. ඒ වෙලාව මරු හෙනම සීතල හුළඟක් එනවා. ඔය අස්සෙ අනිත් සෙට් එකගෙන් හොඳ අදහසක් ආවා එළියට “නිකං ඉන්න එකේ ලාවට සිංදුවක් කියමු ද” කියලා… 

මරුම time එක. දැං පටන් ගන්න කෙනෙක් නෑ. මං ඉතින් ඇරලා දැම්මා එකක්. ස්තූති කියන්න අමතක උනා අහන් හිටියට එයාලට. අමාරුවෙන් ඒක අහන් ඉඳලා ඊට පස්සෙ ඔහොම්මම ඉතින් පොඩි ජොලියක් ගත්තා. මේ ඔක්කොම වෙන අතරෙ අපි නෙට් බලන්න යනවා එක එක්කෙනා… වැදිලද කියලා බලන්න…  ඒක හැම වෙලාවෙම වෙනවා. ඒක නිසා ඒක ගැන වැඩිය කියන එකක් නෑ මං… 

ඔන්න කසුන් අයියා සබයට ආවා… අපෙන් ඇහුවා ඉතිං මුකුත් ප්‍රශ්න එහෙම නැද්ද කියලා මේ program එක ගැන. අක්ක කෙනෙක් තටමලා තටමලා ඇහුවා එකක්; එච්චරයි… 

කසුන් අයියගෙන් ප්‍රශ්න අහන් නැතුව මෙලෝ දෙයක් ගන්න බෑ… කතාවක් නැති නිසා අයියා ඇහුවා හොල්මන් ගැන එහෙම විස්වාස තියනවද කියලා. හම්මට මරු subject එකනේ. හිටු කියලා ප්‍රශ්න දැං අයියගෙන්… ඔහොම හොද කයියක් ගැහුවා.. ඔහොම ඉතිං එදා රෑ පොඩි නින්දකුත් දාලා ඊළඟ දවසෙත් වැඩ කළා…එදා එහෙම විශේෂ දෙයක් වුනේ නෑ… කොහොමහරි එදා හවස ප්‍රනීත් අයියා ආවා බස් එකේ එහෙට. ගිහින් එක්කගෙන ඇවිල්ලා එයත් සෙට් වුනා වැඩේට. 

ඊළඟ දවස අපි එන්න කලින් දවස වගේ තමා මතක. එදා අපි ගියා මුහුද පැත්තට. ගිහින් බෙල්ලො ඇහින්දා කට්ටියත් එක්ක… ඒ වැඩෙත් මරු… 

කොහොම හරි දවල් නෙට් ටික වැහුවාම අක්කලා සෙට් එකක්නෙ හිටියෙ, එයාල ඉතින් සමනල්ලු පස්සෙ. මං වැඩිය වැඩේට කැමති නැති වුනත් මොකෝ මෙච්චර මෙයාලා මේකට ආස බලන්න මාත් ඇද්දා… සිරා කියන්නේ ඒක මරුම වැඩක්… එදා තමයි සමනල්ලු බලන්න පටං ගත්තෙ… ඔහොම ඉඳලා දැං ආයෙ නෙට් ටික අරින්න ඕනෙ.  නෙට් ටික ඇරලා, දෙවෙනි check එකේ මායි අමිල අයියයි ගියේ… 

ශා!!! pale billed flowerpecker කෙනෙක් වැදිලා හිටියා… මං කුරුල්ලො වැඩිය ගලවලම නෑ… මං ගලවන්න යන යන එකා මොකක් හරි අටමගලයක් කරගන්නවා… අමිල අයියා කිව්වා මූව ගලවපං කියලා… 

යකෝ අර ලංකාවෙ පොඩිම කුරුල්ලා… අර තඩි උන්වත් ගලවගන්න බෑ… මූව ගලවපන්කෝ… බුදු try එකක් දුන්නෙ… පවු!!! අරූ බැරිම තැන අමිල අයියම ගැලෙව්වා..😂.. 

කසුන් අයියා ඒකව process කරලා නෑ කියලා අරන් process කළා… කොහොමහරි happening ම දවස අන්තිම දවස… 

එදා දවස් 4ටම හරියන්න දේවල් වුනා… 

හරි පළවෙනි එක…

අරහෙන් ආපු අයියා කෙනෙක් හිටියා. එයා සාමාන්‍යයෙන් reptiles ගැන දන්නවා. ඔන්න මුහුද පැත්තට ගිහින් එන ගමන් මේන් අරන් එනවා sitana කෙනෙක්. දැං හරි… දාගෙන ගහනවා ෆෝටෝ උගේ. ඌ ලස්සනයි… බෙල්ලෙ ලස්සන patch එකක් තියෙනවා… camera තියන ඔක්කොම බිම… ඔහොම ඉද්දි ඕක ගහලා එක පාරට කසුන් අයියා ගහට පැන්නා.

Sitana sp.

හම්මට දගරදණ්ඩෙක්(සර්පයෙක්)… ඌත් හෙනම ලස්සනයි… පැන්නට අල්ල ගන්න බැරි උනා. හේතුව දැං වයසයි ලු කසුන් අයියා.. කොහොම හරි හෙන ගේමක් දීල හොයලා හොයලා අල්ලගත්තා ඌවත්… දැං ඌව අල්ලන් ෆොටෝ ගහනවා උගේ… ඊට පස්සෙ ඌවත් යවලා ගියා තව check එකකට නෙට් ටිකේ… මරුම සීන් එකක් වෙලා තිබ්බෙ…

දගරදණ්ඩා

කොහොමහරි පොඩි babbler කෙනෙක් වැදිලා හිටියා. එකට ඌව කන්න shikra(කුරුලුගොයා) කෙනෙක් ඇවිල්ලා ඌත් පැටලිලා… නැට්ට විතරයි පැටලිලා තිබ්බෙ… අපිව දැක්ක ගමන් පනින්න හැදුවා. 

කසුන් අයියත් එක්ක ආපු අයියා පැන්න ගමන් අල්ල ගත්තා. අරූ නිකං ඉඳී කියලද හිතන්නෙ… අර හෙනම sharp හොටෙන් ඇන්න අල්ලට හිල් කරන් බැස්සෙ. ඒත් අයියා අතෑරියෙ නෑ. හෙනම ගේමක් දීල ඌව ගැලෙව්වා… දැං ඉතිං ඌව process කරන්න ගෙනාවා… කොහොම හරි ප්‍රනීත් අයියා මුහුද පැත්තට ගියා ෆොටෝ ටිකක් ගහන්න… අපි අතන ඉද්දි මෙන්න එනවා දුවගෙන අයියා… ඇයි කියලා ඇහුවාම අලියා එලවලා… අර camera එකත් උස්සගෙන එනවා… 

අලියෙක් ඉන්න කොට අපි මොකක්ද දන්නවද මුලින්ම කරන්නෙ? ගස් බෙදා ගන්නවා… නැත්තන් හදිස්සියෙ දෙන්නෙක්ම් එක ගහකට පොර බැදුවොත් අලියා බලයි මොකෝ මේ කියලා… කොහොම හරි ඌ ආවෙ නෑ… කොහොම හරි එදාම මංගල අයියත් ආවා… 

අපි දැං යන්න.. එදා දෙසැම්බර් 31. මම ඊට පස්සෙ දවසෙ කතරගම යන්න… පාන්දර 2ට යන්න හිටියෙ… මේ කතාව ලියන්න ප්‍රධාන හේතුව ඔන්න ඔය ඉස්සරහට එන හේතුව… 

ඔහොම campus එකටත් ගිහින් බඩු ටිකත් දාලා මං දැං යන්න ගෙදර. Bike එක දාලනෙ ගියේ… ඒකත් අරන් ඔන්න මම එනව නිවෙස් බලා… 11.30 විතර ඇති. එක පාරටම පටාස් ගෑවා bike එකේ කන්දක් උඩ.. මං හිතුව chain එක පනින්න ඇති කියලා. එහෙම්ම නවත්තලා බැලුවා. අම්මට සිරිවෙනවා… chain එක හොයනවා හොයනවා chain එක නෑ… පිටිපස්සෙන් එනවා three wheel එකක්. මල්ලි මේ ඔයාගෙ chain එක කිව්වා… chain එක කඩලා ගිහින්… ෆෝන් එකේ බැටරියත් නෑ… එයාගෙන්ම ෆෝන් එක ඉල්ලගෙන තාත්තට call එකක් ගහලා කිව්වා විස්තරේ… මං එන පාරවල් හරස් පාරවල් හින්දා තාත්තා දන් නෑ කිව්වට හරියටම තැන… මං ඉතින් එන එන එකාව නවත්තලා ෆෝන් එක ඉල්ලගෙන කෝල් කරනවා මෙහෙම එන්න මෙහෙම එන්න කියලා… දැං ඉතින් එනකන් ඉන්න ඕනෙ… එහා පැත්තෙ හෙන ගහන්න වගේ කනත්තක්… දැං 12යි. අවුරුදුනේ… වටේම සෙට් එක රතිඤ්ඤා ගහනවා… ඒ අවුරුද්ද පටන් ගත්තෙ ඔහොමයි ඉතිං… ඒ අවුරුද්දෙ තමා වැඩිපුර field ගියේ… තාත්තා අපේ ලොරියත් අරන් ඇවිල්ලා… bike එකත් දාගෙන අපි අන්තිමේ සතුටෙන් විසිර ගියා…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විමුක්ති ගුණසේකර

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment