දැනුම

Campus Field Episode 6

දැරණියගල

2019 ජනවාරි අපිට අපේ vacation සෙට් උන මාසයක්. එන 1st years ලට orientation නිසා ඉතින් මාසයක් විතර සෙට් වෙනවා. ඔය කාලෙ කොහොමහරි ගානට සංජය අයියටත් field යන්න ඕන වෙලා තිබ්බෙ… මං අනික සැකෙන් හිටියෙ එකයිනෙ ගියේ. ඒකෙ මොකක් හරි අවුලක් වෙලා අනිත් ටික නැතුව ගියාවත් ද කියලා… 

පිස්සු හැදෙයි මේන් එනවා call එක සුපුරුදු විදිහටම,  “මල්ලි field එකක් තියනවා යන් ද?” මං ඉතින් කොහෙද කින්ද මන්ද අහන් නෑ ඕන තූත්තුකුඩියක field නන් “හා” තමා උත්තරේ… දැන් යන්නෙ දැරණියගල… ෂා… මට නිකන් ලස්සන කඳු තියෙන ගස් වලින් වැහිච්ච සුපිරි කැලයක් ඔලුවෙ මැවුනා. ඕකත් ඔලුවෙ තියාගෙන ඉතින් ඔන්න දැන් යන්න… මගෙ අහින්සක bike එකත් ඕන එකකට ඔට්ටුයි. අළුත් chain එකකුත් එක්ක එයත් එනවා ඉතින් ගමනට… හැමදාම වගේ uni එකට ගිහින් බඩු ටිකත් දාගෙන දැන් යන්න…

මේ පාර shotgun මයික් එක නෙමේ අරන් යන්නේ… parabola එක… ඒක නිකන් saterllite එකක් අතේ අරන් යනවා වගේ… මුලින් අයියා පිටිපස්සෙ; මම ගන්නෙ බයික් එක. ඒ traffic එකේ… ඕකෙ මට හොඳට එලවන්න පුලුවන්… අයියා දුර ඈත කඳුකර ප්‍රදේශ. ඒවා එලවන්න වෙනම හැකියාවක් එක්ක අයියා ඉන්නවා. අපි ඉතින් අවිස්සාවේල්ල පාරෙ දාලා ඔය ටික ආව… මම පොඩ්ඩක් දෙවියො අදහන පොරක් නිසා හැමදාම ඔය පාරෙ තියන ගම්භාර දේවාලෙට පඬුරක් දාන්න අමතක කරන් නෑ… ඔය හරියට වගේ එද්දී අයියගෙ මූණ  upset යනවා අයියගෙ කොන්ද රිදෙන්න පටන් ගන්නෙ ඔය හරියෙන්… 

ඉතින් අපි දෙන්නා පුරුදු උනා ඒ පාරෙ යන හැමදාම එතනම තියන තේ කඩේකින් අපේ දිව්‍යමය වූ plain tea එක ගහන්න… දැන් කඩේ එකාගෙන් ප්‍රශ්න වැලක්…, මේක මොකක්ද මහත්තයා saterlite එකක්ද අරකද මේකද… අපි දෙන්නා බැරිම තැන shape එකේ එළියට ඇවිල්ලා කයියක් ගහගෙන plain tea එක ගැහුවා… දැන් ඉතින් බයික් එක ගන්නෙ අයියා… එතනින් එහා කිලෝමීටර 50 ද 100 ද අදාළ නෑ අයියා තමා පදින්නෙ… මන් ඉතින් යනවා පස්සෙන්… 

දැන් යන ගමන් කියනවා කැලයක් නෙමේ මල්ලි ගෙවල් ටිකක් ළඟ පොට් එක තියෙන්නෙ අරකයි මේකයි කියලා… මට කොච්චර කිව්වත් මැවෙන්නෙ අර ඝන කැලේමයි. දැරණියගලට යන පාරට දාල පොඩ්ඩ්ක් දුර ආවම ගොඩාක් වෙනස් වෙනවා පාර දෙපැත්තෙන්ම හෙන උස ගස් වලින් මුළු පාරම වැහෙනවා ගොඩක් අමුතුයි. තව අතුළට යන කොට අර අපි ඉස්සර දකින ගම බලන්න පුලුවන්. චූටි චූටි කඩ… ගොඩක් වෙනස්… ඒක මරු… දැන් ඉතින් අපි ළං වෙලා ලු ඉන්නෙ… ඕක ඉතින් මන් හැමදාම අහන එකනෙ…

සුපුරුදු විදිහට මට ඉන්න බෑ… කොන්ද නෑ වගේ… අනික අර parabola එකත් උස්සන්… ඒක පොඩ්ඩක් උස්සපු ගමන් කුඩයක් ඇල්ලුව වගෙ ගහගෙන යනවා… කිව්වා වගේම ආව පොට් එක කැලයක් නම් නෙමේ ඒ ගමේ ටවුම වගේ තැනක්. එතනත් කඩයක් තියෙනවා… අපි සයිවර් කියන්නෙ අන්න ඒ වගේ එකක්..ඒක තමා ඒ ගමේ කඩේ… මාම කෙනෙක් ඉන්නෙ. ඒ උනාට මාමා කියන් නෑ… වයස කීය උනත් අයියා… අපේ අයියගෙ නම මතක තියන් ඉන්නෙ, කවුඩා මල්ලි කියලා… ගැලපෙනවා හැබැයි. ඔය අස්සෙ මන් කල්පනා කලා යකෝ මේකෙ කොහෙද කවුඩො කියලා… අර ඝන කැලෙත් උන්ව හොයන්න එපා උනා මේකෙ මේ ගමේ… කියලා හිතලා විනාඩියක් යන්න හම්බුන් නෑ.. “ක්‍රාස් ක්‍රීස් ටිලිං බිලිං” ගා ගෙන මේන් කඩේ පිටිපස්සෙ කෑගහන්න ගත්තා… ඒ අයියව පිලිගත්ත විදිහ දෙන්නත් එක්ක bag ටිකත් පැත්තකින් තියල සට සට ගාල බඩු ටික සෙට් කරන බැස්සා රෙකෝඩ් කරන්න.

මුන් කෑගහනවා කෑගැහිල්ලක් ගිලීමලේ උන්ව ළගින්වත් තියන්න බෑ… අප්පට සිරි වෙන්න කෑගැහුවෙ. අඩුම පැය භාගයක් එක දිගට කෑගහනවා.  අනික හොඳම වැඩේ කියන්නෙ උන්ට දාපු rings, bino ඕනෙ නෑ ඒවා බලන්න… දිලිසි දිලිසි තියෙනවා… 3-4ක් හිටියා. ඇති දවස් තුනටම ඇති… උන් හෙනම සෙල්ලමක් දැම්මෙ… අනේ මන්ද මොකද කියලා මන් හිතන්නෙ අයියව දැක්ක සතුටට ද කොහෙද… නැත්තන් අර මහ දවල් කෑගහන් නෑනේ.

Ringed Bird- Crested drongo

හරි දැන් ඉන්න තැන තමා ප්‍රශ්නෙකට තිබ්බෙ. ගෙයක් තියෙනවා කිව්වා light මුකුත් නැති පොඩි එකක්. Bike එකේ, ඒක කඩේ අයියයි සංජය අයියයි බලන්න ගියා. මං ඉතින් දවල්නෙ ගිහින් එනකන් සමනලයෙක් බලන් හිටියා. 

අයියා එනවා බඩු හරියන් නෑ කියාගෙන… ඒක අපිට ඉන්නත් හරියන් නෑ කියන්නෙ වෙන කාටවත් පුළුවන් කියලා හිතන්න බෑ… හැබැයි ඒ කඩේ උඩ හදන ගමන්. කපරාරුවක්වත් ගහලා නෑ. වහලෙයි බිත්ති ටිකයි විතරයි. ජනෙල් කපලා හින්දා සීත සුළං එහෙම වදිනවා… එතන අඩිය තිබ්බාම නිකන් tamil film එකක් වගේ දුම් යනවා දූවිලි, පතුල වැහෙන්න දුවිලි… කරන්න දෙයක් නෑනෙ ඒ ටිකත් අතු ගාල අපිට පැදුරු දෙකක් දුන්නා. ඒ දෙක කොනකට දාල ඔන්න ඉන්න තැන හදා ගත්තා. දැං ඉන්න බෑ හද්ද බඩගිනී… මාමල අපි එනවා කිව්ව නිසා උයලා… 

ඒ කඩෙත් හිටියා ගෑණු ළමයෙක්. අනේ මන්ද අයියගෙ කේන්දරේ හොද සීන් එකක් තියෙන්නෙ. යන යන තැන හොඳයි. එයා රහට උයනවා… ඒකත් කාල හවස ගියා තව තැනක් තිබ්බා කුරුල්ලො හිටිය, එතන කෝමද බලන්න. ඒකට bike එකේ ටිකක් යන්න ඕනේ.

 ඒ පාරත් හෙන කන්දක් වගේ, ගල් පාර. අයියා තමා ඒවගෙ එලවන්න සුපිරි… ටිකක් වෙලා හිටියා… මුකුත් තිබ්බෙ නෑ… එතන හදන ගෙයක් තිබ්බා. බැරිම තැන අපි බඩු ටිකත් ශේප් එකේ බිම තියාගෙන පෙර සේම හොඳට ඇල වෙලා කයියක් ගැහුවා..දෙන්නම එකයි කියවන්න ගත්තාම කියවනවා කියවනවා ඉවරයක් නෑ… ඔහොම්ම ඉතින් හවස් උනා… බැරිම තැන අපි ආවා එන්න.. දැන් ඇඟපත හෝදගන්න ඕනෙ. 

ගඟක් තියනවා ඒ උනාට එදා හෙනම කම්මැලිකමක් තිබ්බෙ. දැන් එතකොට නාගන්න එකම පොට් එකයි තියෙන්නෙ කඩේ පිටිපස්සෙ… එතන නාන්න හෙනම skill එකක් තියෙන්න ඕනෙ.. විලුඹෙන් යන්න ඕනෙ, බිත්තිය දිගේ ගිහිල්ල නාන්න තියෙන්නෙත්. ඒ වගේම තමා අනික වතුර… හම්බ සීතලයි… අර වෙවුලන අස්සේ කකුල් දෙකත් දෙපැත්තෙ තියන් හෙනම ගේමක් දීලා නාගත්තා.. එන කොට මාම කන්න හදලා තිබ්බෙ. හොඳටම බඩගිනී අතන නාලා ආවාම. ඇයි යකෝ ඒක මහන්සී කුරුල්ලො බලනවට වඩා… කොහොම හරි ඒ උඩහා මලගෙයකුත් වෙලා අපි දෙන්නා යනවද නැද්ද කියලා හිත  හිත හිටියෙ ඇඳුම ප්‍රශ්නයක් නිසා. ගියෙ නෑ මොනව උනත් campus එකට හොඳ නෑනේ… ගියානන් කැහැට්ටො දෙන්නෙක් වගේ යන්න වෙන්නෙ ඒක නිසා අපි අදහස අත්හැර ගත්තා. ලැප් එකත් අරන් ගිය හින්දා අපි හිටියා. ඉතින් හවස රෙකෝඩ් කරපු ටිකත් බැලුවා වැඩේ හරි. අයියා හෙන ආමි කාරයා… war ෆිල්ම්ස් කිව්වොත් වෙන මුකුත් ඕනෙ නෑ… බැරිම තැන ඔන්න තිබ්බා ෆිල්ම් එකක් ඒක බැලුවා රෑ…දැන් ඉතින් හොඳ  නින්දක් දැම්මා. 

උදේට ඉතින් කොහෙ නිදාගන්නද අර හෙන ගහන්න වගේ alarm එකක් තියනවනේ… අපි දෙන්නා ඇහැරුනා. හම්මට කඩේ ඉස්සරහ සෙනඟ එකයි. අපි දෙන්නා නිකන් නාට්‍යක් පෙන්නවා වගේ ඔක්කොම පේනවා… හොකදම සීන් එක washroom යන්න තිබ්බෙ එයාලගෙ ප්‍රජා ශාලාවෙ එකකට. සුපිරි… පාන්දර 5.30 ට විතර කට්ට සීතලයි. Washroom එකේ බටයක් කැඩිලා  ඒකේ ankle එකෙනුත් අඟල් 4ක් විතර උඩට වතුර. අඩිය තියනකොට ඔලුවත් එක්ක හිරිවැටෙන්නෙ සීතලට. මොනව කරන්නද ඊට වඩා අමාරුවකනෙ ඉන්නෙ. ඉතින් ඕවත් ඔහොම කරගෙන දැන් ඇඳුම් මාරු කරගන්න එක තමා ප්‍රශ්නෙ.  අර උඩ stage එකක ඇඳුම් මාරු කරනවා වගේ. ස්ත්‍රී පාර්ශවයත් පහල ඉන්නවා… මලගෙදර යන්න තිබ්බා කියලා හිතුනා එවෙලෙ. ඊට වඩා චාටර් එකක් එතන කෑවෙ. 

උදේට ආප්පත් කාලා බැලුවා කුරුල්ලො. ඔන්න ටිකක් කෑගැහුවා එතන. ඊට පස්සෙ උන් පහළට බැස්සා. අපිත් යනවා පස්සෙන් ඉතින් පිස්සු බල්ලො දෙන්නෙක් වගේ අරුන් පස්සෙන් අර මහපාරෙ… කමක් නෑ ඉතින් අඳුරන් නෑනෙ.. ඔක්කොටම එහා අහන ප්‍රශ්නවලට උත්තර දෙන එක. ඔහොම උන් සෙට් එක පල්ලෙහාට බැස්සා… එතනත් ගෙයක් හදනවා… මුන් කෑගහනවා… වැඩක් නෑ ගේ හදනවනේ “ක්‍රාන් ක්‍රාන්” ගානවා අරහෙ මොනවද කපනවා. ඊට පස්සෙ ගියා අර අනිත්  තැනට. 

හම්මට එතනත් ඉන්නවා ඩබලක්… උන්නන් ඇස් මායිමේ ඉන්නෙ… උන්ව ඇස් මායිමේ බලනවා කියන්නෙ ලේසි නෑ… අර බෙල්ලත් කඩන් උඩ බලන් ඉන්න ඕනෙ. මන් බැස්සා පාරට බැහලා වීඩියෝ පාරක් දාගෙන පස්සෙන් පස්සට ආව. හම්මට දඩාං ගෑවා… එතන කානුවක් මන් අර ඔක්කොමත් එක්ක කානුවෙ දොයි. මගෙ කොන්දට මාර අපලයක් තියෙන්නෙ. දඩින් ගාල වැදුනෙ කොන්ද… අයියා ඇවිල්ලා ගත්තෙ… කොන්දත් රිදෙනවා. ඒත් අරුන්ව අරහෙම බලන්න වෙන් නෑනෙ මන් ඉතින් කාගෙන හිටියා. ඒකත් ඉවර වෙලා ඇවිල්ලා කෑවා… කන එක අමතක කරන්න බෑ රහට කන්න පුලුවන්නෙ.. ඔහොම ඉතින් හවසත් ශේප් එකේ වැඩ කලා… වැඩිය මහන්සි වෙන්න දෙයක් තිබ්බෙ නෑ… රෑට කොත්තුවක් කමු කිව්වා… මාම කිව්වා හොඳ එකක් දාලා දෙන්නන් කියලා…

අර අටමගලෙන් නාන්න බෑ. මන් කිව්වා යන් ද ගඟට කියලා. හා කියලා ගියා… පොඩ්ඩක් යන්න ඕනෙ පයින්.. කනත්තක් තියෙන්නෙ. ඒක හරහත් ගිහින් ඇළ දිගෙත් ටිකක් ගියාම මරුම පොට් එකක් තියෙනවා… සුපිරි වතුරත් නිකන් ගිලීමලේ වගේම තමා. ඒක තරම්ම  සීතල නැති උනාට ටොප් වතුර ටික.. කලින් දවසෙත් ඒකෙන් නෑවනම් මරු… කොහොමහරි අපි දෙන්නා නෑවා කළුවර වැටෙනකන්ම වගේ… එහෙ බල්ලෙක් නෑනෙ.. හවස උනත් අර කනත්ත හෙනම ගුප්තයි.. බිම බලාගෙනම ආවා.. බයකට එහෙම නමේ නිකන් හරි සතෙක් සර්පයෙක් එහෙම හිටියොත් කියලා…

දැන් බඩගිනී…අර කොත්තුව අර තඩි භාජනයකට හදලා තිබ්බෙ..ඒකෙ රහ මං ජීවිතේට කාපු රහම එක කියන්න පුළුවන්.. ඇරියා ඇරිල්ලක් දෙන්නත් එක්ක.. කඩේ අය බය වෙලා… කන කෑමට… ඒක දෙන්නෙක්ට කන්න පුලුවන් එකක් නෙමේ ඇත්තම කිව්වොත්…

ඔය අතරේ එළියේ පොඩ්ඩක් එහා මාපිලෙක් කියලා කටකලුවෙක්ව මරලා… කඩේ ඉස්සරහට ගෙනල්ල පෙන්නනවා. පව්… ඉතින් ඒ මිනිස්සුත් දන් නෑනෙ ඉතින්. බයට දෙනවා ශොට් එක… ඉතින් ඕකත් අල්ලගෙන කඩේට වෙලා කියව කියව හිටියා මාමත් එක්ක.. ඉඳලා දෙන්නත් එක්ක ගියා නිදාගන්න…  පාන්දර උනා දෙන්නා නිදාගද්දි කියව කියව ඉදලා… ආයෙ උදේ අර alarm එක අපිට නිදාගන්න දෙන් නෑ.. උදේ ඇහැරිලත් බැලුවා කුරුල්ලෝ එදත් ටිකක් කෑගැහුවා.. හොඳටම recordings තිබ්බ හින්දා යන්න තීරණය කලා.. 

උඩහ ඉන්නවා උපාලි මාම කියලා ඩයල් එකක්… එයා හෙනම observer. පේන කියන්න පුළුවන් කුරුල්ලා එන වෙලාවල් බලලා… අයියගෙ පුරුද්දක් තමා ඒ වගේ අයත් එක්ක විටක් කන එක… ඒක මාරම effective. කතා අහගන්න පුළුවන් ගෙයක් හරි ලියල දෙයි හරියට කතාවකට සෙට් උනොත්… ඔහොම හොඳ කයියක් ගහන් ඉඳලා සුපුරුදු ලෙස දෙන්නත් එක්ක ආව ඉතින්…  ගෙවල් බලා… ඒක වෙනම අත්දැකීමක්… ගමක් එක්ක එච්චර සත්තු ඉන්නව කියලා දැනුනාම… මරු…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විමුක්ති ගුණසේකර

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment