දැනුම

Campus Field – Episode 7

කිතුල්ගල

දැරණියගල ගිහින් ඇවිත්, අපිට ආයෙ field යන්න හම්බුනේ නෑ ටික දවසක් යනකන්… දවසක් open එකේදි හම්බවෙලා සුපුරුදු ප්‍රශ්නෙ මා වෙත අයියා යොමු කලා…

“මල්ලි කිතුල්ගල ගිහින් එමුද?”

උත්තරෙත් හෙනම සුපුරුදුයි.

“හා”

අපි දෙන්නා පාන්දර යන්න හිටියෙ 4ට. දෙකට ඇහැරෙමු කිව්වා… මරු  දෙන්නම ඇහැරෙද්දි පාන්දර 5යි. අපි අර හැමදාම උදේට ඇහැරෙනකොට තව විනාඩි 5ක් නිදාගන්නෙ… අන්න ඒ වගේ එවෙලෙ නිදාගත්තා… ආයෙ ඇහැරෙද්දි 11යි… ටොප් බඩු… කමක් නෑ කියලා දෙන්නත් එක්ක ඇද්දා…

මුලින්ම යන්න ඕනෙ සම්පත් සර්ලගෙ ගෙදර, පානදුර. මොකද speaker බඩු ටික එහෙ… ඒක එසේ මෙසේ speaker එකක් නෙවෙයි. රුපියල් විසිපන්දහකට ගත්ත sony original speaker එකක්. ඔක්කොටම එහා ඉන්න බෑ බඩගිනී… Field එකේ දි අපිට වැඩිය කන්න සෙට් වෙන්නෙ නැති නිසා අපි යනකොටයි එනකොටයි හොඳට රහට කනවා… පානදුරට කිට්ටු වෙනකොට ශේප්. කඩයක් දැක්කා… ඇට්ටි හැලෙන්න දෙන්නන් කියලා… bike එකත් නවත්තලා දැන් ඇතුල් උනා… ඉඳගන්න තැනක් නෑ… එතන ඉන්න කෙනාගෙන් ඇහුවාම “hello sir, you can go inside” කිව්වා. අපි ‘හා’ කියලා ගියා… අප්පට සිරි වෙනවා… ඒක හෙනම High class. දැන් ඉතින් ආපු එකේ යන එකත් චාටර් නිසා හිටියා…

තියන හැම මගුලම 800ට එහා… ඒකත් මගෙනන් බඩේ කෑල්ලකටත් මදි. කමක් නෑ කියලා order කලා… ඔහොම කාලා ඉවරවෙද්දි බිල 2400 ගානක්. මොනා කරන්න ද… හිත හදාගෙන දුන්නා…

Sir ලගෙ ගෙදර ගියා ඊට පස්සෙ. ගිහින් බඩු ටිකත් අරන්, sir හදලා තිබ්බ බෙලි juice එකත් බීලා, ගියා දෙන්නත් එක්ක. දැන් ඉතින් ටක් ගාල යන්නත් ඕනා… ඒක නිසා මන් bike එක ගත්තා. අයියා අර parabola එකත් උස්සගෙන පිටිපස්සෙ. මගෙ ඉස්සරහින් ලොරියක්. ඒක පස්සෙන් යන්න බෑනෙ. ඩබල් ඉර කියල බැලුවෙ නෑ දාලා ඉස්සර කලා… අප්පට සිරි වෙනවා… ශෝයි police මාමලා දෙන්නෙක් අර ලස්සන කාකි කිට් එකත් ගහගෙන දානවා අත. අයියා දන්නෙත් නෑ පොරට බයිසිකලේම බාගෙට නින්ද ගිහින්.

මොකද උනේ ඇහුවා police uncle. මං කිව්වා ඉතින් කැපුවා ඉර කියලා… ඔන්න දැන් සුපුරුදු ප්‍රශ්න ටික…

‘මොකක් ද මල්ලි ඔය satellite එක? අපි මෙතන ඉන්නවා කියලා ඕකට අහු උනේ නැද්ද’ ඇහුවා. දැන් ඉතින් අයියා විස්තරේ කියනවා මෙහෙම, මෙහෙම වැඩකට යන්නෙ අපි කැම්පස් කියලා… මොනව උනත් ඒ නමට පොඩි ගෞරවයක් තියෙනවා කියලා එවෙලෙ මට තේරුනා. ඉගෙන ගන්න වැඩකටනේ යන්නෙ පරිස්සමෙන් යන්න කිව්වා…

මොනා උනත් හොඳ සර්ලා දෙන්නෙක්.

යටියන්තොටින් අපි දෙන්නා පොඩි බඩුවක් ගන්න හිටියෙ, වැඩේ කෙල උනා ඒක එහෙ තිබ්බෙ නෑ… ඒක නැතුව පොඩ්ඩක් විතර field එකෙන් වැඩක් නැති වෙනවා… කමක් නෑ කියලා කිට්ටු කරලා අපි දැන් කන්න ඕන බඩු ටික ගත්තා කිතුල්ගලින්. මොකද මේකෙ අපිට උයන් කන්න වෙන නිසා. කිතුල්ගලට යන්න තියෙන්නෙ පාරුවකින් කැළණි ගගෙන් එහා පැත්තෙ. දැන් හවස 6ත් පහුවෙලා. අයියා කිව්වා අනිත් පැත්තෙ පාරක් තියනවා ඒකෙන් Entrance එක ගාවටම යන්න පුළුවන් කියලා. අයිය තමයි දැන් bike එක පදින්නෙ… කඳුනෙ…

එක තැනකට ගියා… හම්මා එතන අලුතෙන් පාලමක් හදනවා… පොඩි පාරක් තියනවා ඒ වෙනුවට යන්න. පයින්වත් යන්න බෑ ඒකෙ හරියට. අයියා යන් කිව්වා… හරි දැන් යනවා. පාලමෙන් පැන්න ගමන්ම තඩි කන්දක්. කන්ද මදිවට ඒකේ පාර පුරාම ගල්. කන්ද මැද යන්න බෑ… අනේ මගේ bike එක අර මැරෙන්න ලන් වෙච්ච සතෙක් වගේ කෑගහනවා… එක පාරට මට තේරුනා, මාව control නෑ අර parabola එකත් උස්සගෙන සහ අර හෙන ගහන්න වගේ කිලෝ 30ක් විතර බර බෑග් එකයි තව රෙකොර්ඩින් බඩු ටිකයිත් එක්ක, මට අයියව අල්ලගන්නත් බෑ අර බඩු ටික නිසා මාව ගියා පස්සට, ගිහින් දබොයි ගෑවා… මම බිම… අයියා යනවා… මං කිව්වා අවුලක් නෑ ඔහොම්මම ඇදගන්න කියලා… මන් අර හෙන ගහන්න වගේ තියන කන්ද පයින් ඇද්දා ඉතින් අර බඩු ටිකත් උස්සගෙන… දැන් පොඩි චිරිබිරියක් එනවා; වැස්ස. කොහොමහරි ගල් පාරක දෙන්නත් එක්ක ඇද්දා Entrance එක ගාවට. එතන ඉන්නවා මහතුං කියලා මාම කෙනෙක්. කවුඩ මල්ලිව දන්නවා කලින් ඇවිල්ලා.

දැන් රෑ මෙලෝ දෙයක් පේන්නෙත් නෑ… ටොර්ච් තියනවනේ… ගියා… කණාමැදිරි සද්දෙයි ගෙම්බොයි මාරම වෙනසක් දැනුනෙ… හෙනම නිශ්ශබ්දයි වැහි පොදෙත් එක්ක මරු. එතන ඉඳන් ටිකක් දුර යනකොට ශෝක් දොළපාරක්; පාර හරහා යනවා… එතන ගල් පාළමක් තියනවා ඒක පොඩ්ඩක් කැඩිලා ගල් වලින් පැනලා තමා යන්න ඕනෙ. ඒක පැන්න ගමන්ම වෙනස්ම තැනක් තියනවා… වම් අත පැත්තට පාරක්. ඒක cover වෙලා තියෙන්නෙ ගොඩපර ගස් ටිකකින්.. ඒ ටික තමා එතනට special view එකක් දෙන්නෙ. ඒකෙන් ඇතුළට ගියාම ලස්සන චූටිම චූටි තේ වත්තක් තියනවා… ඔහොම ඕක හරහ ගිහින් ඒක ඉවර වෙනවත් එක්කම එතනින් යනවා චූටිම චූටි දොළපාරක් ඒකෙනුත් පැනලා ගිය ගමන් අපි ඉන්න තැන. ගැමි ගෙයක්. මැටි ගහපු. ලයිට් මුකුත් නෑ… භූත බංගලාව කියලා අපි දෙන්නනන් කියන්නෙ ඒකට. ඒ තරම් ගුප්තයි. ඒක එක ෆිල්ම් එකකටත් අරන් තියනවා. ‘5 සමත්’ කියලා. ඒකෙ තියෙන ලාම්පු ටිකත් අරගෙන ඒ ටිකත් පත්තු කරලා settle උනා.

නවාතැන

කොහොම හරි අපි දෙන්නා කෑම අරන් ආවෙ එන ගමන්. ඒක කන්න කලින් ඇඟපත පොඩ්ඩක් හෝදගන්නත් ඕනෙ… එහෙම තැනක් ඒ ගෙදර නෑ… හැබයි අර චූටි දොළ තියෙනවා… හොඳටම වහිනවත් එක්ක. ඒත් අරහෙම නිදාගන්නත් බෑනේ… තීරණය කලා යන්න එළියට… බහින්න බෑ හිරිගඩු පිපෙනවා සීතලට. හිතන්නකො අර දොළේ මහ රෑ බහිනකොට කොහොම ද ආතල් එක කියලා… දෙපාරක් ඔලුව ඔබාගෙන ආවා… ඒ දොළ තමා ඉතින් අපේ බොන වතුර එකේ ඉඳන් හැම ජල අවශ්‍යතාවයකටම පිහිටට තියෙන්නෙ… බය වෙන්න දෙයක් නෑ ඒවා මෙහෙ tap වතුර වලට වඩා පිරිසිදුයි. ඉතින් හොඳට කාලා නිදාගත්තා උදේ වැඩ කරන්න ඕනෙ හින්දා…

ලොක්කා අයියා වැඩ කරන්න ගත්තාම බොක්කෙන් වැඩේ කරනවා මොනා උනත්. උදේම නැගිටලා ගියා… උඩ පැත්තට ගියේ… කලින් කවුඩන්ව අල්ලපු තැනට. එතන සෙට් එකක් ඉන්නවා හැබයි කෑගහන් නෑ… ටිකක් විතර කෑගහනවා… හැබැයි ring කරපු එකෙක්වත් හිටියෙ නෑ… ඔහොම උදේ 10 විතර වෙනකන් වැඩේ ඇද්දා. එච්චරම හොඳ නෑ… ඒත් ශේප්. දැන් ඉතින් උදේට කන වෙලාව. මං අර කඩෙන් බඩු ගත්ත වෙලාවෙ ගත්ත බඩු ටික ටික කියන්නන්.

උදේට කන්නෙ ඔන්න පාන්… මම මාමයිට් පෙරේතයා… මන් ඉතින් බලෙන් මාමයිට් එකක් ගන්නවා අයියට කියලා… අපි කරන්නෙ පාන් එක අරගෙන ඒකට cheese කෑල්ලක් තියලා ගානවා මාමයිට්. හම්මා කටට කෙළත් උනනවා ඒක මතක් වෙද්දි. ඔහොම තුනක් කෑවම හොඳටම ඇති. ඕකත් කාල සුපුරුදු විදිහට පාරෙ නිදාගත්තා…

උදෑසන රස බොජුන්

මට ටිකක් වෙලා යන කොට ඇහැරුනා. අයියා තාම නිදි. හැබයි මට මරු scene එකක් set උනා… black naped monarch කූඩුවක්. 

Black naped monarch nest

ශාහ් මරු ඒක බලන් ඉන්න කොට වෙලාව යනවා තෙරුන් නෑ… ඔන්න අයියා ඇහැරුනා… බෙල්ලෙ කූඩැල්ලෙක් එල්ලගෙන. ඌ හොඳට ලේ බීලා… දැන් ඔන්න උදේ වැඩ ටික ඉවරයි… ආයෙ අර දොළින් හොදට නාලා දැන් කන්න. ලොක්කා අයියා සුපිරිම cook. හැබැයි ඒ පාර මුලු field එකේම ප්‍රධාන ආහාරය noodles. දවල්ට පොඩ්ඩ්ක් නූඩ්ල්ස් lite සීන් එකක් තිබ්බෙ නොර්මල් නූඩ්ල්ස් එක හදලා අපි (මම) මාමයිට් ටිකක් දාගෙන කෑවා… ඊට පස්සෙ ඉතින් ඔහේ ඉන්නවා කයියක් ගහගෙන හවස් වෙනකන්. 

හවසට ඉතින් plain tea එක වරදින් නෑ… පොල් කටුවක හොඳ කහට එකක් අර සීතලේ ගහද්දි කියලා වැඩක් නෑ… ඕකත් ගහලා හවස ගියා වැඩ කරන්න. No luck… මුකුත්ම හිටියෙ නෑ… පුදුම මහන්සියක් උනේ… අනික රෙකොර්ඩින්ග්ස් වලට හවස හෙනම අමාරුයි. රැහැයියෝ කෑගහනවා පොඩ්ඩ ඇත්තන්. මල වාතයක් උන්. ඉතින් අපි දෙන්නා තීරණය කලා ඇල ගාවට වෙලා ඉන්න පොඩ්ඩක්. වතුර තිබහයි අම්බානෙට. හෙනට ඇවිද්දනෙ. අවුලක් නෑ ඇල තියනවා… ඒකෙ අර හෙනටම වතුර තිබහෙ ඉන්න මුවෝ එහෙම ඇවිල්ලා වතුර බොන්නේ, ඒ සමානව අපි දෙන්නම බිව්වා ඒකෙන්. 

අයියා ඉතින් සුපුරුදු පරිදි නින්දේ… මාත් එහෙම්මම ඇල උනා… ටිකක් වෙලා යද්දී මට නිකමට, මගෙ බෙල්ලෙ මොකක් හරි යනවා යනවා වගේ එකක් දැනුනා… හම්මට නැගිටිල බලද්දී ලස්සනම ලස්සන skink කෙනෙක්. 

Gang’s lanka skink

ඌ මාරම ලස්සනයි. ඌත් එක පාරටම ගැස්සුනා. ඌ සුන් ගාල ගිහින් ගල් දෙකක් අතර අස්සට රිංගුවා… පටස් ගාලා එක පොටොවක් ගහගත්තා. අයියා ඇහැරෙද්දි බඩු ගිහින්.

පොල්කටුවල රස විඳින plain tea

දෙන්නත් එක්ක ඉතින් ගියා භූත බංගලාවට. ආයෙ අර දොළෙන් නාලා… දැන් අම්බානෙට බඩගිනියි… මහන්සිත් එක්ක. ඔන්න දැන් තමා අපි දෙන්නගෙ grand noodles එක හදන වෙලාව. 

නූඩ්ල්ස් 4ක් ගත්තා… දැම්මා… ඒක තම්බන්නෙ fresh milk වලින්. හොඳට තැම්බුනාම දානවා cheese ඒකත් දාලා ඊටපස්සෙ මාමයිට්… සුපිරිම noodles එකක් එන්නෙ… දැන් මාරම ලස්සනයි. ලස්සන මදි වගේ එළියෙ තිබ්බා ගොටුකොළ වැවිච්චා ඒවා අරගෙන දැම්මා noodles එකට. දැන් අතින් කන් නෑ, chopstick වලින්ම තමා කෑම. දැන් chopstick නෑනෙ වත්තෙ තියෙන තේ කෝටු කඩා ගත්තා… දැන් කන්න තියෙන්නේ. හම්මා රහ… ආයෙ කියලා වැඩක් නෑ… දිව්‍ය භෝජන පරාදයි. 

රාත්‍රී භෝජනයට Noodles 

ඕකත් කාලා අපිට දැන් හෙනම කම්මැලියි… යන්ද ඇහුවා බකමූණො බලන්න. හා කියලා ගියා… ඇළත් එක්කම ඇළ අයිනෙ වගේ තියනවා පොඩි වෙලක්. ඒකෙ තියනවා පොඩි මඩුවක්. බලු බල්ලෙක් නෑ… රෑට තිත්ත කළුවරයි. මඩුවට වෙලා හිටියා… තනියෙන් හිටියා නම් පපුවෙ අමාරුව හැදිලා මැරෙන්නෙ.

ඔන්න ටිකක් වෙලා යන කොට අඩි සද්දයක් වගේ ඇහෙනවා දෙන්නට. හිමින් හිමින් එන්නෙ… පපුවෙ ඩිග් ඩිග් එක එන්න එන්න වැඩි වෙනවා… හම්මා එක පාරට අපි දෙන්න ඉස්සරහින් මිනිහෙක් මතු වුනා… මගෙ පපුව සින් ගාලා උඩ ගියා… මුගෙ අප්පට නරි සුද්දෙක්. ඌත් බකමූණො බලන්න ඇවිල්ලා… ඌ දුන්න ආතල් එක. ඌත් එක්ක කයියක් ගහන් හිටියා. පැයක් විතර ඉඳලා අපි දෙන්නා යන්නම් කියලා ආවා ආයෙ භූත බංගලාවට. ඇවිල්ලා හොඳ නින්දක් දැම්මා…

ඊට පස්සෙ දවසෙ උදේ හෙව්වා බඩු ඉන්නව ද කියලා… කුරුල්ලො ඉන්නවා, ඉන්න අප්පගෙ කුරුල්ලො එකෙක් කෑගහන් නෑ… කවුඩන්ගෙන් වාසනාව නැති උනාට අපිට හරි ලස්සනට සිංදු කියන spotted winged thrush කෙනෙක් හම්බුනා.

Spot winged Thrush
Spot winged Thrush singing

එයාගේ සිංදු ටිකත් record කරන් ලස්සන පොටෝ ටිකකුත් ගහගත්තා… සඳුදාට uni ත් තියන හින්දා යමු කියලා තීරණය කරලා ඉරිදා හවස පහට විතර කිතුල්ගලින් ආවා… යනකොටත් වැටෙන්න බැරි හින්දා අර කන්ද අයියට තනියෙන් බහින්න කිව්වා… දවස් දෙකක් වුනත් අමතක නොවෙන දේවල් ගොඩක් එක්ක තව field එකකට සමු දීලා අපි ආපහු ආවා… 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විමුක්ති ගුණසේකර

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment