දැනුම

Campus field – Episode 8

කුමන

මගේ bike එක ගැන කවුරුත් දන්නවනේ… ඉස්සර ඉඳන්ම මාත් එක්ක ඕකෙ උදේට හවසට යන එකෙක් හිටියා… ඌ තමා වෙම්බා… මං ඉතින් උදේට ඇහැරෙන් නෑ ලේසියෙන්. ඕකා තමා මට ඇහැරවන්නෙ. ඔහොම දවසක අපිට අම්බානෙට යන්න පරක්කු වෙලා තිබ්බෙ. මන් bike එකේ සාමාන්‍ය ගානකට එනවා… හරියටම DS හන්දියේ… මන් color light එකේ ඉස්සරහට එන්න දැම්මා, පේමන්ට් එකෙන් වල් බල්ලෙක් පැන්නා, කොහෙන් ආවද මන්දා, ඒ යකා වැදුනා… මම jacket එක දාල හිටිය නිසා කකුල විතරයි පොඩ්ඩක් තුවාල උනේ… අරූගෙ අත තුවාල වෙලා තිබ්බා… ඔන්න ඔය කාලෙ ලොක්කා අයියා කතා කලා කුමන යන්න. මන් හා කියලා තිබ්බේ. 

අරක වෙලා සතියක් ගියෙ නෑ සුපුරුදු ලෙස මන් එදත් නැගිටින්න පරක්කු උනා. අරකවත් දාගෙන එනවා මන් දැන්. uni එකේ gate එකෙනුත් ඇතුලට දාල ටිකක් දුර එනකොට හම්බෙන පලවෙනි වංගුවෙන් එක පාරටම බෙන්ස් එකක් දැම්මා… කොහෙන්ද මන්ද, මට ඉතින් brake එක වැදුනා, සූන් ගාල ලිස්සුවා වැටෙනකොට වෙම්බාගෙ මූණ දැක්කා…  මට එවෙලෙම තේරුනා මාත් එක්ක මූ ආයෙ එන් නෑ කියල. මගෙ අත් දෙකමයි කකුල් දෙකමයි ලෙලි නෑ… මන්නන් වැටිච්ච ගමන් මුකුත් වුනේ නෑ වගේ ඇවිදගෙන ගියා… ඇයි හත්දෙයියනේ එදා කාගෙහරි batch photo එකක් ගහනවා අක්කලා පිරිල. කොහොමහරි කියුබාවෙන් බෙහෙතුත් දාගෙන යනකොට මට ලොක්ක අයියව සෙට් උනා.

අනිද්දා ගමන යන්න දැන් ඔහොම යන්න පුළුවන්ද ඇහුවා… මන් කිව්වා යන් යන් කියලා. ඇත්තම කිව්වොත් ඒ වෙලාවෙ හරියට මට ඇවිදගන්නවත් බෑ… කොහොමහරි වැඩේට අමිල අයියත් සෙට් උනා… රෑ දොළහකුත් ගානට බස් එක තිබ්බෙ. මට bike එක පදින්න බෑනේ… ඒක නිසා තාත්තා මාව පිටකොටුවට ඇරලෙව්වා… මට එවෙලෙත් කකුල අඩිය තියද්දි ඉන්න බෑ… කාගෙන හිටියේ. අයියා කලින්ම සීට් තුනක් බුක් කරලා තිබ්බෙ… ඒක නිසා අවුලක් වෙලා තිබ්බෙ නෑ… සුපුරුදු විදිහට මට නම් නැග්ගා විතරයි මතක ආයෙ අම්පාරට යනකන් මතක නෑ… හොඳ සැප නින්දක් දැම්මා. 

බඩු ටිකත් බාගෙන ඉතින් හිටියා හන්දියට වෙලා, අයියා රෙන්ට් එකට ගත්ත කැබ් කෑල්ල එනකන්. ඔන්න දැන් බඩු ආවා… දැන් උයන්න ඕනෙ, බඩු ටික ගන්න ඕනෙ ඒ ටික අයිය කලින් ඉඳලම ගත්ත අඳුරන තැනක් තිබ්බා. ඔය ටිකත් අරගෙන දැන් යන්න සෙට් උනා… ටිකක් යනකොට ඉන්න බෑ පට්ට බඩගිනියි. මන් පිටිපස්සෙ හිටියෙ මුකුත් පේන්නෙත් නෑ… කියන්නත් බෑ… ඔහේ යනවා. වතුර ගන්නත් එක්ක බඩු නැවැත්තුවා… වතුරත් අරගෙන මං හොඳට කෑවා… මොකද මන් දන්නවා ආයෙ සුපිරියට කන්න පුළුවන්  වෙන්නෙ එන දවසට කියල. පාරෙ ඔන්න දැන් යනකොට මට පිටිපස්ස හොඳට පේනවා… කොල්ලො සෙට් එකක් අපේ වාහනේට අත දැම්මා අයියත් නැවැත්තුවා. tamil සෙට් එකක් සිංහල තේරෙන් නෑ… කතා කරන්න විදිහකුත් නෑ… මන් එයාලා දිහා බලනවා හිනාවෙනවා ආයෙ උන් මන් දිහා බලනවා හිනා වෙනවා… එක්කෙනෙක්ට පොඩ්ඩක් පුළුවන් එයත් එක්ක ටිකක් ටිකක් කතා කර කර ගියා. 

එක පාරටම බ්‍රේක් පාරක් වැදුනා. අයියා බැහැලා ආවා බැලින්නන් කලින් යට වෙච්ච Jungle cat කෙනෙක්. අලුත් පිට වැදිච්ච එකෙක්. අපරාදේ… ඌ දිහා හෙන වෙලා බලන් ඉඳලා පොඩි කයියකුත් ගහලා ආවා එන්න. අර සෙට් එක මගින් බැස්සා… ඔහොම ඉතින් දැන් entrance එකට ආවා. ෂාහ්… මන් ගොඩක් කාලෙකට පස්සෙ එහෙ එන්නෙ… අවුරුදු 4කට විතර පස්සෙ… කලින් උන සිද්දි  ඔක්කොම වගේ මට එවෙලෙ මතක් වුනා. ඒකෙ තියෙන wetlands. ඒකට කුරුලු පාරාදීසයක් කියන්නෙ නිකන් නෙමේ… මරුම කැළයක්. මන් ඉතින් එතන ඉන්න කුරුල්ලෙක් බලාගෙන හිටියා අයියා කතා කරන් එනකන්. පොඩි අවුලක් වගේ මට ටිකක් යනකොට තේරුනා… wildlife එකේ ලියුම් ප්‍රශ්නයක් මහලොකු එකක් නෙමේ ඒවා ගානට කතා කරගන්නයි ඕනේ… ඒක කරන්න අයියට හොඳ  හැකියාවක් තියෙනවා. 

Jungle cat

ඇතුළු වුන ගමන් මන් ගොඩක් සත්තු බලාපොරොත්තු උනා, ඒත් එහෙම විශේෂ  දෙයක් සෙට් උනේ නෑ… දැන් ඉතින් tent එක ගහන්න ඕන. මට මාරම අමාරුයි හරියට කකුලක්වත් තියාගන්න බෑ… ඒවා කියන එක හරියන් නෑනෙ මන් ඒක නිසා අමාරුවක් පෙන්නන්න ගියේ නෑ… ටෙන්ට් දෙකක් ගැහුවා… අපි තුන එකක… අනිත් එක අපිත් එක්ක ආපු wildlife අයියට. අපි හිටියෙ ඇද කුඹුක 2 කියල campsite එකක. එතන ඉස්සරහින් යනවා කුඹුක්කන් ඔය. පොඩි දියපාරක් යන්නෙ ඒ දවස් වල වතුර නෑ… එතනට නිකන් නෙමේ ඇද කුඹුක කියන්නෙ ඇත්තටම එතන තියෙන කුඹුක් ගහ ඇදේට ගිහින් තියෙන්නේ. ඒ දවස් වල වැහැලා නැති නිසා දර හොයන එක එච්චර අමාරු වැඩක් උනේ නෑ… ලිපට ඕන ටිකත් ගානට සෙට් කරගෙන මහන්සියටත් එක්ක නාන්න බැස්සා… මටත් පොඩ්ඩක් අමාරු හින්දා බැස්සා ඒත් තුවාලත් එක්ක වැඩේ හරියන් නෑ… මාළුත් කොටනවා… මන් ආවා එළියට. 

හරි දැන් වැඩ පටන් ගන්න තියෙන්නෙ. අමිල අයියා ආවෙ dragonfly; එයාගෙ වැඩ වගේකට. අපි ඉතින් සුපුරුදු පරිදි අර ඩයල් ටිකව රෙකෝඩ් කරන්න. මන් හිතුවෙ අනිත් තැන් වගේම මෙහෙත් ඇති අපිට මුල් දවස් ටිකේ හොඳට රෙකෝඩ් කර ගන්න පුළුවන් වුනොත් අනිත් දවසක් අල්ලලා රවුමක් දාන්න ඇතුලෙ. අනේ මන්දා එක යකෙක් හිටියෙ නෑ… එදා හවසම ඉවර උනා… මහන්සියටත් එක්ක අපි එදා ශේප් එකේ නිදා ගත්තා. මදුරුවො හිටියා පැලෙන්න. ඒත් මහන්සියට හොඳට නින්ද ගියා. උදේට ඉතින් නිදාගන්න වෙන්නෑනෙ අර කන් කරච්චලේ තියෙනවනේ… උදේම ඇහැරුනා. ඇහැරිලා ගියා වාහනෙත් අරගෙන ටිකක් දුරට. ගිහින් එතන ඉඳන් ඉස්සරහට පොඩ්ඩක් පයින් යන්න ඕනෙ. ටිකක් ඉස්සරහට ගියා. ෂා… මගෙ ජීවිතේ මන් දකින්න කැමති සතා පාර දිගේ ඉස්සරහට එනවා…

To be continued.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විමුක්ති ගුණසේකර

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment