2017 දෙසැ. 07 තමා ඉතින් හා හා පුරා කියලා අපි ඔක්කොම ෆැකල්ටියට අවෙ, මෙලෝම දෙයක් දැනන් නෙමෙ මන් හිටියෙ. ඔහොම ටික දවසක් යද්දි, ඒ කාලේ ජනිත් දැන්නන් ඇරෝ මට ඇවිල්ලා කිව්ව මචන් උබට ගැළපෙන වැඩක් තියනවා, මට වඩා උබට තමා ඒක හරියන්නෙ උබ කරපන් කියලා.. ඒ කාලේ හැටියට මන් බැලුවා මොන මරාලයක්ද යකෝ මූ මට දාන්න යන්නෙ කියලා (හෙන බයයි ඉතින් නිල් පැත්තෙ ඔය වගේ එකක් කියද්දී) මන් මූත් එක්ක කොහෙන් කොහෙන් හරි මන් ගැන කියල තිබ්බෙ, ඌ දැනන් හිටිය මන් ඇයි ෆැකල්ටියට ආවෙ කියලා, මන් ඇහුවා මොකක්ද සීන් එක කියල.
සත්තු ගැන වැඩක් පලයන් කියල නුග ගහ යටට, නිල් පැත්තට අතේ පැලෙන බොරුවක් කියල මන් ගියා ඉතින් උඩ පැනගෙන. එදා තමා මට මුලින්ම තරිදු අයියව හම්බෙන්නෙ. ඒ දවස් වල ඉතින් මට හිතුන නිසා බෙන්ච් උඩ එහෙම වාඩි උනේ නෑ, තරිදු අයියා බල කරපු නිසාම ඉතින් මාත් වාඩි උනා. (හොඳ වෙලාවට නුග ගහ තිබ්බෙ) මට කිව්වා FOGSL කියලා එකක් තියෙනව එකෙන් හැම අවුරුද්දෙම first years ලාව මුල් කරගෙන ෆීල්ඩ් එකක් යනවා ඒක co-ordinate කරන්න පුලුවන්ද කියලා. මට කොහොමත් ෆොග් එකට බැදෙන්න ඕන වෙලා තිබ්බෙ, මන් එක පයින් හා කිව්වා, කියලා ඉතින් වැඩෙත් බලලා අපේ අය 40ක්ද කොහෙද google form එක ෆිල් කරලා තිබ්බෙ, ඒ උනාට වැඩේට අපේ එකෙන් ආවේ 4 දෙනයිද කොහෙද, මායි, පැන්ඩයි, අරුනොදයි, චරිතුයි, එකෙ මුල් workshop එකට ඉදපු අයව ෆීල්ඩ් විසිට් එකක් එක්කන් යනවා ෆොග් එකෙන්. මේකෙදි තමයි මට සන්ජය අයියව officially මුලින්ම හම්බෙන්නෙ (පස්සෙ මෙයා ගැන කතා කරමු). ඒ පාර යන්න ලෑස්ති කලේ විල්පත්තුවෙ මායිමකට, දවස් 3ක් සුපිරි ඉතින්. උදේම campus එකට ආවා මන්. Ringing වලට ඕන බඩු ටික පටවද්දි තමා මට මුලින්ම දිනිති අක්කාවයි නිලුපා අක්කවයි, සජිනි අක්කවයි, දිලිනි මිස්, තව අක්කලා ගොඩකුයි අපේ චමල්කා අක්කාවයි හම්බෙන්නෙ. බස් එකේ යනකන් ඉතින් අක්කලානෙ, ඔක්කොම මොනවද මොනවද මන්ද එක එක විකාර ගොඩාක් කලා අපිත් ඉතින් පොඩි උන්නෙ මොනව කරන්නද එයලත් එක්ක සින්දු රඟපාලා එක විකාරයයි බස් එක ඇතුලෙ. ඕකෙදිම තමා මට කසුන් අයියා ලාල් අයියා එහෙම හම්බෙන්නෙ. කසුන් අයියනන් පොතක් දිග ඇරගත්තා යනකම් ඒකම තමා.
අපි ඉතින් ගිහින් නාලා කාලා ඊට පස්සෙ අපිව එක්කන් ගියා මිස්ට් නෙට් ටික ගහන හැටි උගන්නන්න, කසුන් අයියා තනියෙන් නෙට් එක ගහල කිව්ව තනියෙන් මෙහෙමයි නෙට් එකක් ගහන්නෙ කියලා.
පස්සෙ අපිට එක එක තැන් වල නෙට් ගහන්න කිව්ව, මායි ලාල් අයියයි දිලිනි අක්කයිද මන්ද ගියෙ ගහන්න, හොද වෙලාවට ලාල් අයියා ආවෙ නැත්තන් අපි දෙන්නා තාම නෙට් එක ගහනවා.
මට ඔය දවස් වෙන කොට කුරුල්ලො පුලුවන් සාමාන්‍යයෙන්, හැබැයි කවුරුත්ම දැනන් හිටියෙ නෑ ඒක. මට අමතක උනා, ඒකට සබරෙනුත් අයියලා අක්කලා ඇවිල්ලා හිටියා. කොහොමහරි නෙට් ටික ගහලා ඒවා වහලා එන ගමන් birdwatching පාරක් දාගෙන ආවා. මන් එතකන් වැඩිය කතා කලේ නෑ. දැන් ඉතින් කට පොඩ්ඩක් වහන් ඉන්න අමරුයි, එක පාරටම එතනට ආවා Orange breasted green pigeon ෆ්ලොක් එකක් මන් ගත් කටටම කිව්ව අන්න මුන් කියලා, කසුන් අයියා පටාස් ගාලා මගෙ දිහා බලුවා.. මන් හිතුවා හොදයිවත් කියයි කියයි කියලා, මොන, female ගෙ වෙන්ට් එකේ පාට ලියන් එන්න කිව්ව. ගහපු නෙට් 3න්ම එක නෙට් එකක විතරයි කුරුල්ලො අහු උනේ. Jungle prinia කෙනෙක් වැදිලා අපිට කර කියා ගන්න දෙයක් නැතුව හිටියෙ, ශෙප් එකේ ගිහින් ලාල් අයියව එක්කන් ආවා එයාටත් බෑ, ඒකා දිව පටලවගෙන බැරිම තැන ඉතින් කසුන් අයියට එන්න කියන්න උනා බැන බැන එනව ඉතින් ඇවිල්ල විනාඩි දෙකයි ගියෙ ඉතින්. කොහොම ගැලෙව්වද මන්දා. කසුන් අයියා වැඩ්ඩා කියලා මට එවෙලෙම තේරුනා.. එයාගෙ ෆීල්ඩ් නොට්.. එයගෙන් තමා ෆීල්ඩ් නොටෙ කොහොමද දාන්නෙ කියලා හරියට අල්ලගත්තෙ. ඉතින් එදාම තමා මන් මුලින් කුරුල්ලෙක් රින්ග් කරන්නෙ, කහ කුරුල්ලෙක් ඒකා කොටනවා දාගෙන. තනියම අමාරු උනා මායි පැන්ඩයි තමා ඒක කලේ. පළවෙනි කුරුල්ලානෙ ඌට මාර වදයක් දුන්නෙ photo එකක් ගහගන්න උත් එක්ක. ඔවා ඔක්කොම ඉවර වෙලා ඉතින් රෑට lecs. අප්පා අක්කලා ටික හොඳ කනු ටික අල්ලගන්නවා අපිට හුලන්. කාගෙන හිටියා ඉතින් නිදා ගන්නෙ නැතුව.


කාලා ඔක්කොම කරලා නිදාගෙන ඉද්දි ලාල් අයියා කතා කලා උනුහපුලුවො බලනවනන් එන්න කියලා. රෑ උනුහපුලුවොත් බලලා පාන්දර 2ට විතර නිදා ගත්තා. ආයෙ ඉතින් 5ට අහැරෙන්න ඕනෙ නෙට් අරින්න.. එදා තමා කොටගම සර් ආවෙ. මගෙ ලොකු හීනයක් තිබ්බා සර්ත් එක්ක කුරුල්ලො බලන්න දවසක ඒක එච්චර ඉක්මනට පුලුවන් වෙයි කියලා හිතුවෙ නෑ. මේක මුලින්ම ලියන්න හිතුවෙ මේ ෆීල්ඩ් එකෙන් තමා මන් ගොඩක් ෆීල්ඩ් වල basic ඉගෙන ගත්තේ ඒවා තාම මට උදව් වෙනවා..


මේකනන් නිකන් පටන් ගන්න ලියපු එකක් විතරයි.. ඔය කාලේ පොඩීනේ අපි.. ඉතින් ශාන්ත දාන්ත ලෙස ගිහින් අවා.. මට campus එකේ ෆීල්ඩ් සෙට් උන විදි දෙකෙන් එකක් මේක. Most important and memorable එක තමා ඉතින් අනිත් විදිහට සෙට් වෙලා ගිය ෆීල්ඩ් ටික. එහෙනම් ඒ ගැන විස්තර පහු වෙලා ගේන්නම්.

Design By – Vimukthi Gunasekara
Leave a Comment