Q: මුලින්ම Colombo Beacon එකේ ඉතිහාසය සහ මෙතෙක් කල් පැමිණි ගමන් මඟ පිළිබඳ කෙටි විස්තරයක් කළොත්?
Colombo Beaconකියන්නේ කොළඹ විශ්වවිද්‍යාලය පදනම් කරගෙන ක්‍රියාත්මක වන තරුණ සංවිධානයක්. Beacon 1 පටන් ගත්තේ 2013 වසරේ මාර්තු 24. චමොදිත් අයියා සහ තවත් 6 දෙනෙක් එකතු වෙලා තමයි මුලින්ම මේක පටන් ගත්තේ. ඒ වෙනකොට අරමුණ වෙලා තිබුනේ මාධ්‍ය ඒකකයක් විදියට වැඩ කටයුතු කිරීමයි. අවුරුදු 3ක් සපිරෙන මේ මොහොත වන විට අපි එතනින් ගොඩක් දුර ගමනක් ඇවිල්ලා තියෙනවා. මුලින්ම අපි විද්‍යා පීඨයට සීමා වුවත් මේ වන විට බොහෝ පීඨ නියෝජනය කරමින් අපිට සාමාජිකයන් සිටිනවා.
Q: මෙවර AGM එක පැවැත්වෙන තැන, දිනය, වේලාව මතක් කරමු.
මෙවරත් අපේ AGM 1 සහ Anniversary 1 මාර්තු 24 වෙනිදා ප.ව. 4.30ට Maths Auditorium එකේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.
Q: තුන්වෙනි AGM එක විදිහට එදාට මොනවද කරන්න බලාපොරොත්තු වෙන විශේෂ දේවල්?
Colombo Beacon වෙනුවෙන් කැපවීමෙන් තම සේවය සැපයු සාමාජිකයන්ට සහතික පත්‍ර සහ ත්‍යාග ප්‍රධානයක් සිදු කෙරෙනවා. ඊට අමතර ගිය වසරේ අපි පැවැත්වූ වාසිටි සේයා Mobile Photography competition එකේ කාණ්ඩ 2කින් තෝරාගත් ජයග්‍රාහකයන්ට සහතික පත්‍ර සහ ත්‍යාග ප්‍රධානයක් සිදු කිරීමටද කටයුතු සුදානම් කර තිබෙනවා.
තවත් සුවිශේෂම දෙයක් එදිනට සිදුවෙනවා, ඒ තමයි අපේ web පිටුව www.colombobeacon.com නව මුහුණුවරකින් එළිදැක්වීම.

Q: සංවිධාන කටයුතු වල තත්ත්වය කොහොමද? කවුද මූලිකත්වය අරන් කටයුතු කරන්නේ?
මේ වනවිට සංවිධාන කටයුතු කරගෙන යනවා අපේ සාමාජිකයන්ගේ උදව් ඇතුව. මෙවර ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන්නේ චේතන. ඊට අමතරව දිල්ෂාන්, ජයනි, සකුණ, රන්දිමා සහ සියලුම middle level director board members සංවිධායක කටයුතු වලට සම්බන්ද වී තිබෙනවා.මේ සඳහා අපගේ සියලුම සාමාජිකයන්ගේ නොමඳ සහයෝගය අපට ලැබෙනවා. විශේෂයෙන් කලින් හිටපු top board members ලාගෙන් අපිට ගොඩක් උදව් ලැබෙනවා.
Q: මේකට සහභාගි වෙන්න ආරාධනා කරලා තියෙන විශේෂ ආරාධිතයින් කවුද? ඊට අමතරව කාටද මේකට සහභාගි වෙන්න පුළුවන්?
විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය K.R.R.මහානාම මහතා, මෑතකදී Colombo Beacon විසින් පැවැත්වූ වාසිටි සේයා ඡායාරූප තරඟයේ විනිසුරුවන් තිදෙනා, කලා පීඨයේ ආචාර්ය හේෂාන් මහතා සහ අප විද්‍යා පීඨයේ දෙපාර්තමේන්තු පර්‍ධාන ආචාර්යවරුන්. ඒ වගේම මේකට Beacon එකේ සියලුම සාමාජිකයින්ට සහභාගි වෙන්න පුළුවන්.
Q: මේ සඳහා අවශ්‍ය මූල්‍ය වියදම් හොයාගත්තේ කොහෙන්ද?
අපි මේ සඳහා මූල්‍ය වියදම් හොයාගන්න fund raising project එකක් කළා. ඒකේදි අපි කළේ Cricket world cup T20 එකට wrist band එකක් print කරලා එය අපේ විශ්වවිද්‍යාලය තුළ අලෙවි කළා. තවද අපේ beacon T-shirt එක සඳහා සාමාජිකයින්ගෙන් එකතු කරපු මුදල් ද අපේ AGM එකට යොදා ගත්තා.
Q: AGM එක සංවිධානය කරද්දි මතුවුණ බාධක සහ ඒවා ජයගත්තු ආකාරය ගැන සඳහන් කළොත්?
ඇත්තටම මේක කරනකොට ගොඩක් බාධක අපිට ආවා. මුලින්ම Maths Auditorium එක book කරන්න ගිහින් පර්‍ශ්න කිහිපයක් ආවා. කොහොමහරි අපි ඒවා විසඳගත්තා. ඇත්තටම අපිට හොඳ නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. ඉතින් කොච්චර බාධක ආවත් අපි ඒවට විසඳුම් හොයාගෙන අපි ඒ වැඩ ටික ඉදිරියට කරගෙන ගියා.
Q: Middle board එකෙන් සහ අනෙකුත් සාමාජිකයින්ගෙන් මොනවගේ සහයෝගයක් ද ලැබුණේ?
මෙවරAGM එකේ ගොඩක් වැඩ Middle Board එකේ අපේ නංගිලා මල්ලිලා භාරගෙන කළා. අපි කළේ එයාලට හරියට මඟපෙන්වන එක තමයි. ඉතින් ඒ අය ගොඩක් මහන්සියෙන් හා කැපවීමෙන් කරපු නිසා 24 වෙනිදාට අපි හැමෝටම හොඳ AGM එකක් බලන්න පුළුවන් වෙයි.
Q: ඇත්තටම වසරක් පාසා මෙවැනි AGM එකක් සංවිධානය කිරීමේ අරමුණු සහ එමඟින් Beacon එකේ සාමාජිකයින්ට අත්වන පර්‍තිලාභ මොනවද?
AGM එකේ පර්‍ධාන වශයෙන් කරන්නේ අලුතෙන් පත්වුණ නිලධාරි මණ්ඩලය පර්‍කාශ කරන එක. ඒ වගේම පසුගිය අවුරුද්දේ අපි කරපු දේවල් ගැන ආවර්ජනය කරනවා. මේ අවස්ථාවට ගොඩක් අලුත් සාමාජිකයන් සහභාගිවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් එයාලට එතකොට Beacon එක ගැන හොඳ අවබෝධයක් මෙහිදී ලබා ගන්න පුළුවන්. දැනට ඉන්න සාමාජිකයන්ගේ දක්ෂතා අගය කිරීමත් මෙහිදී සිදු කරනවා.

Q: විශේෂයෙන්ම මතක් කරන්න, ස්තුති කරන්න පිරිසක් අනිවාර්යෙන්ම ඇතිනේ. ඒ කවුද?
ඔව්. මතක් කරන්න සහ ස්තුති කරන්න ගොඩක් අය ඉන්නවා. පර්‍ථමයෙන්ම Colombo Beacon භාර ආචාර්ය නියොමාල් බොතේජු ගුරු මහතාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට Maths Auditorium එක ලබාගැනීමට උදව් කළ එහි පර්‍ධානී T. හේවගේ මහාචාර්යතුමාටත් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම Beacon එක ආරම්භ කිරීමට පුරෝගාමී වූ වගේම දැනට අපට හරි වැරදි පෙන්වාදෙමින් අපිව හරිමඟට යොමු කරන චමෝදිත් රණසිංහ අයියා ඇතුළු සියලු දෙනාටත් Colombo Beacon එක වෙනුවෙන් අප ස්තුති වන්ත වෙනවා.
Q: ඉදිරි වසර තුළ Colombo Beacon එකේ විශේෂ සැලසුම් සහ බලාපොරොත්තු ගැනත් ටිකක් සඳහන් කරමුද?
ඉදිරි වසර තුළත් බොහෝ අලුත් දේවල් කරන්න අපි සැලසුම් කරලා තියනවා. ඉතින් ඒ සඳහා ඔයලා දිගටම Colombo Beacon එක්ක රැඳී සිටින්න.
Q: ඇත්තටම Colombo Beacon එක ආරම්භ කරල සුළු කාලයක් වුණාට පියවරෙන් පියවර ලොකු ගමනක් ඇවිත් තියනවා. ඉතින් අවසාන වශයෙන් AGM එක ගැනත්, පවුලේ සාර්ථකත්වය ගැනත් සභාපති තුමා වශයෙන් යශෝධ අයියට මොනවද කියන්න තියෙන්නේ?
ඇත්තට Beacon එක පටන් අරන් දැනට අවුරුදු 3කට ආසන්න වුණත් අපි දැනට කරලා තියෙන වැඩ ගැන ආපසු හැරිලා බැලුවාම අපිට ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. සුළු කාලයකදී මේ වගේ ලොකු ගමනක් එන්න Beacon එකේ සියලු දෙනාම එකා වගේ වැඩ කරපු එක ගොඩක් හේතු වුණා. ඉතින් ඉදිරියටත් මේ වගේ අලුත් හොඳ දේවල් Beacon එකෙන් කරන්න තමයි මං ඇතුළු අප සියලු දෙනාගේම බලාපොරොත්තුව.
Leave a Comment