Covid 19. නම ඇසූ සැණින්ම හොඳින් හඳුනන තුවාලයකි. සුවවීම පෙනෙන තෙක් මානයක නොවන නැවත නැවතත් පෑරී රිදුම් දෙන තුවාලයකි.
සමාජ මාධ්‍යට පිවිසෙන ඔබ වෙනුවෙන් සටහනක් තබන්නට සිතුවෙමි.
කෙසේ හෝ වෛරසයේ දෙවන රැල්ලද පැමිණ ඇත. එහි පළමු රැල්ලට වඩා දැඩි අවධානමක් ඇත. දැනටමත් දිස්ත්‍රික්ක ගණනාවකම ව්‍යාප්තව ඇත. රතු නිවේදන නිකුත් වෙමින් පවතී. නමුත් සමාජ මාධ්‍යකට පිවිසෙන විට එහි බරපතලකම දන්නා අය සිටීද යන්නත් ගැටලු සහගතය. සමහරුන් දිස්ත්‍රික්ක වශයෙන් බෙදී උපහාසාත්මක post බෙදා හරිති. විනෝද වෙති. තමා නිවෙස් තුළ ආරක්ෂා වී අන්ධයන් ලෙස හැසිරෙති. අන් අය ගැන නොසිතති. වැඩ බිමට යන්නවුන් උදයට අවදි වන්නේත් බියෙනි. අද දින කුමක් වේදැයි සිතති. පවුලේ සිය ආදරණීයන්ගෙන් ඈත්ව සිටීමට වෙහෙසෙති. ඔවුනුත් දිනයේ කුමන වේලාවක හෝ සමාජ මාධ්‍යවලට ගොඩවෙති. ඔබ උපහාසයට ගත් දෙය ඔවුන්ගේ දිරිය… හීන කරන්නක් නම්…?
මේ ඔබ බුද්ධිමත් විය යුතුම කාලයයි. ඔබෙන් සමාජයට සිදුවිය යුතු වගකීම් නිවැරදිව වටහා ගන්න. ඇතැම්විට මේ වකවානුවේදී ඔබට කල හැකි දේ ඉතා කුඩා වන්නට පුළුවනි. නමුත් ආරක්ෂාකාරී උපදෙස් ඔබ නිවැරදිව පිළිපදින්නේ දැයි ඔබෙන්ම විමසන්න. කුටුම්භය තුළ විමසන්න. සමාජ මාධ්‍ය ඔබේ මිතුරන්, හිතවතුන් දැනුවත් කරන, නිතර නිතර රටේ තත්ත්වය මතක් කරලීමේ මාධ්‍යයක් බවට පත් කර ගන්න. අප කෙදිනක හෝ මෙම වෛරසයෙන් මිදිය යුතුමය. නිවැරදි තොරතුරු පමණක් බෙදාහරින්න. මෝඩයින් මෙන් නොහැසිරෙන්න. ඔබ බෙදා හරින්නා වූ post කොතරම් අර්ථාන්විතදැයි දෙවරක් සිතන්න. “ඔබ හෝ මම” යන්නෙන් මිදී “අපි ” යන හැගීමෙන් කටයුතු කරන්න. එවිට මෙම පවත්නා අභියෝගාත්මක තත්ත්වයෙන් මිදීමට ඔබටත් මටත් ලෝකයාටත් හැකිවේවි.
Image resources :
Leave a Comment