ඇසි පියන් නෙතු සඟවා මුවතින් නෙතඟ ගැටි දින සිහිවේ නිතැතින්නොදුටු ලෙස නෙතු සැඟව අතුරින්දුරක් ඇදුනේ සිතට රහසින් පැනය සැමදා සිතම විමසූපවන ඇවිදින් කනට කෙඳුරූපෙමක පැතුමන් හදෙහි රැන්දූරහසකී ඒ අහස පැවසූ කවිඳු මුණසිංහ පළමු වසර තාක්ෂණ පීඨය
අප්පත් නැති පුංචි එකී…
රෑ මැද්දේ උල ලේනා මහ හඬින් හඬ දෙද්දී ලෙඩ ඇඳේ අම්මගේ හීන් කෙඳිරිය එද්දී ණය ඉල්ලා සුමනේ මාමා වෙච්ච රණ්ඩුව මතක් වෙද්දී නිදා නොනිදා රැයක් පසුදාට එළිවෙද්දීගෙයි මිදුලේ අඹ ගහේ එල්ලිලා “අප්පච්චි”.. “අප්පත් නැති පුංචි එකී” යනෙන හැමෝම කිව්වෙ එහෙමවසරකුත් ගත...
පිළිතුරක අපූරුව
ආදරය ගැන කවියක් ලියවෙන හැම මොහොතකම පිළිතුර හරි රසවත්… කවිකාර ආලයට කවිකාරියක නගන හැඟුම ඒක වෙනම කතාවක්… වෙලාවකට කවියත් හිත් යා කරන විදිය හරි පුදුම අහම්බයක්… Design : Dunith Desitha
මැනලා ද නුඹට කිරි දුන්නේ මගේ පුතේ…
මැනලා ද නුඹට කිරි දුන්නේ මගේ පුතේ දුන්නේ සියලු සැප නුඹ රජ වෙන්න පුතේ පිය සෙනෙහසත් අඩු කෙරුවේ නෑනේ පුතේ ඇයි ද නුඹට මා අමතක මගේ පුතේ දෙනෝදහක් ගැවසෙන මේ මහ පාරේ හෙව්වේම නුඹේ දෑසයි මා ඒ හැම අතරේ...
වැස්ස නුඹ වෙත…
වැස්ස නුඹ නැවතියන් හනික දරන්න බෑ ඇවිලෙනා හදවතේ ගින්න පැටවුන් අඬන්නේ දැනිලා බඩගින්න අනේ උන් ඉන්නේ නොකා තුන්වේල… යන්නේ කොහොමද මං කුලී වැඩට වැස්ස නුඹ හරස්වෙලා ඒ මැදට කෝටියක් දෙවියන් වුණේ නෑ පිහිට හිරු දෙවියනි, පායපන් අපේ ලොවට… Design : Dunith Desitha
තුති පුදමි…
ලතා මඬුලු අත නොපෑවාට ගෙන්දගම් පොළවෙත් ආදරේ තිබුණා උතුරන්න… හන්තානට පායන සඳ සිසිල අපට නොදුන්නට රොබරෝසියා නුඹට තුති මේ ගෙන්දගම් පොළවත් අමතක නොකොට සිප ගත්තාට… Design – Samudini Doraliyagoda
දෙව්බඹු වැඳුමට පේවූ සිරිපා…
අවසන් කොට මේ වසරේ වාරය සැරහෙයි සිරිපා පුද දෙව් වැඳුමට භක්ති දනන් පුද කෙරු සිරිපා යුග සොබාදමේ වැඳුමයි මේ ඇරඹුණ වැසි වසිනා කාලයකිය මේ එළඹුණ මිහිපිට සැබෑම දෙව්ලොවකිය අද කියන්න බැරි තරමට හරි ලස්සන පුද බිමකිය මේ සුන්දර වෑහෙන සමනොළ ගිරි සිරසට පුද වඳිනා...
තිසා වැවට කියූ කතා 8 (නිදිමතේ දේශනය – අනාගත සිහිනය)
ඇහිපිල්ලමට බර වැඩිව ද මේ කරුණු… දේශකතුමන් හරබර කතාවක නැළවිල්ලක් මෙන් මියුරු… නිදිමත දරාගෙන පිරෙනා පොත් පිටුලූ… හෙට දින දිනන්නට අද අපි නිදිවරමු… Design : Samudini Doraliyagoda
තිසා වැවට කියූ කතා 7
(රට වටෙන් ආපු අපි) මචං උඹ කොහෙද බන්කොල්ලෝ ඇහුවා එහෙම…මං හලෝ බැටික්ලෝකෙල්ලෝ කිව්වා එහෙම…ඔහේලට මහන්සි දඑකෙක් ඇහුවා එහෙම…රට වටෙන් ආපු උන්බර කතාවක එහෙම…සරසවියේ පළමු දාරහට ගෙවුණා එහෙම…
පිළිතුරු – ආදරණීය හමුව
අතරමඟකදී හමු වෙලා කොඳුරා ම රහසේ ම එතරම් ම හදවතට ළං වුණි ද නුඹටමාත් නොදැනීම පද අතර සඟවාලා පුලුවන් ද මෙතරම් ම සිනහවක් ගෙන දීනෙතඟ කඳුළු පිසලන්නට සියුම් ලෙස සුපෙම්වතිය…දුනිත් දේසිත අතුකෝරලපළමු වසරතාක්ෂණ පීඨය
ආදරණීය හමුව..
අතරමඟකදී හමුව හිත් ලැමට කොඳුරපු අතරමං වූ මාවතේ සීරුවට හැඩමවපු නෙතු කෙවෙනි අඟ කඳුළු පිසලා සිනහකැන් නඟන්නට නිබඳ සවියක් වූ ජීවිතේ ආදරණීයයි සුපෙම්වත නුඹ නමින් ලියවිච්ච
තාත්තේ නුඹ…
අව් කාෂ්ඨකේ මැද්දෙන්මගතේ මෙන්ම හිතේ වෙර දියකරමහා මන්දිර තනන්නට නුඹකොතෙක් හෙලූව ද රන් වටින දහදිය…කිව්වා ද මදිපාඩු ඔය කුසටදරන්න ඇති බෝ වේදනා හිනා යට සඟවානවින්දේම දහදුක් අපව දැඩි කරන්නටපුංචි උන්ගේ එක හිනාවත් මහමෙරක් කරගෙන…දෑතේ විරි නැතුවාට...
අප්‍රකාශිත හැගීමක්…
ගොම්මන් කළුවරට හැකිනම් මුමුණන්න මොර ගා කියයි හෙලූ සුසුමන් කොපමණ බර ද… හදවත ඉරි තලා උණු කඳුළැලි මහමෙර වන්නසුසුමක තරම දන්නේ තනිවුණ උන් නොවෙ ද… පෙමක් උපන්නා කුළුඳුලේ හද කොනක ඉමක් නොමැත දලු ලා වැඩුන තරමටකුමක් කරන්නට දැ යි නොදැනී ගොළු වූවා තැනකකවදා කෙසේ...
තිසා වැවට කියූ කතා 6
(ඉස්සර ම දවස් – ලස්සනම හවස්) ආදරණීය සත්සරය එකම තාලෙන් ගැයෙන හවසක එකා ළඟ හිඳ ගීයකට අග තාල මිමිණුව හීන යායක…තිබුණ අපිටත් ඉස්සර ම දවස්වල ලස්සනම හවස් එකට හිනහුන කවීෂා හංසි පළමු වසරශාස්ත්‍ර පීඨය
ආදරණීයම හමුව
හීන් සිරුවෙන් හිනැහෙන වාන් දමන සෙනහස ඇති ආව ගමන් මොර හඬ දෙන අතොරක් නැති කතා සයුර… මා සනසන මා දවනා ජීවිතයේ හොඳම හමුව ඔයා හැරුණු විට කවුරුද, ආදර මගේ බව්… ශශිකලා කල්හාරි පළමු වසර ශාස්ත්‍ර පීඨය
හැරගිය ප්‍රේමය
සහසක් පැතුම් දෝත දරා ඔබම මට ගෙනදී…හැර යන්නට ඉක්බිති වූවාට කිසි දුකක් නැතී…හැරගිය කෙනෙකුගෙන් නෑ කිසි ඵලක් යළී…ආයෙත් ලියනු බෑ ඒ මතක පොතේ ඉඩ මදී… දුනිත් දේසිත අතුකෝරලපළමු වසරතාක්ෂණ පීඨය
ඇස්…
කටින් නොකියන කතා ගොන්නක්එකම එක බැල්මකින්කීමට සමත්ඇස්,නුඹ හරි සැරයිවචනවලට වඩා… ශාමිකා රන්සරණිපළමු වසරශාස්ත්‍ර පීඨය
තිසා වැවට කියූ කතා 5
(දුක්ඛිත උපාධිය…) වේලක් නොකා වේලක්බත් කන්න තියා…හුස්මක් ගන්න ඉඩ නෑ පුරවර විස අහස නිසා…අර පොත මේ පොත හෙට කියවන් එන්න කියා…කියන්නෙපා ඇදුරිඳුතුමනි දෑසම රිදෙන නිසා… කවීෂා හංසිපළමු වසර ශාස්ත්‍ර පීඨය
නොරිකෝ…
දෙවෙන්දොරාගේ සිත ගත්නුඹ නොරිකෝ…හැඬූ හැටි මතකයඒ සුවඳ මත්තේ…“යන්න එපා දෙවෙන්දොරා”නුඹේ සිත කියූ ඒ වචන…ඇසුණා නම් දෙවෙන්දොරාටමළවුන්ගේ අවුරුදු දා ක්…නොඑන්න තිබුණානිසැකය… රවීෂා ශෙහානිපළමු වසරශාස්ත්‍ර පීඨය
සඳවතිය
දැනෙන නොදැනෙන පෙම් කවක් මැදකිසිත් නොදනින පෙම් පුරානෙකබලාසිටි ඒ දිවි තුරාවටසිතින් පෙම් බැඳි ඇය පතාගෙනලඳකි නුඹ නම් ලය නොපෑරෙනකිමද මෙතරම් අහංකාරයමඟ බලයි හිරු තවම සැම දිනසඳවතිය පැමිනෙයි කියා සිතමින… කවිඳු මුණසිංහපළමු වසර තාක්ෂණ පීඨය
තිසා වැවට කියූ කතා 4
(සහෝදර ආදරය…) ගෙවල් කොහෙද ඔයාගෙ…?මතක ද ඒ පළවෙනි දවස,සරසවියේ අපි මුණ ගැහුණු…සටහන් පිටු බෙදා ගෙන,කුප්පියට සමවැදුණු…ඇස් කඳුළු පිරෙනකම්,එකට පාඩම් කරපු…නවාතැන බෙදාගෙන එකම හීනය හොයපු…ඒ තමයි,සහෝදර ආදරය…සරසවි අහස හැඩ කරපු… කවීෂා හංසිපළමු...
බිඳී නැගෙනා රළක් අබියස
අහස් ඉවුරක නෙතු දහසක් මැද… අපේ යැයි හැඟෙනා සිනහ පොඩිත්තක… පාළු රැය ළඟ හිම තුහින සීතලක… බලාපොරොත්තු නැංවුණු අලුත් ඉසව්වක… ක්ෂිතිජයට ළං වෙන්න මට හෙමින් පාර කියනවද…? ශශිකලා කල්හාරි පළමු වසර ශාස්ත්‍ර පීඨය
තිසා වැවට කියූ කතා 3
(මොනවද මේ කතා…) කැන්ටිමට කිට්ටුවම නෙළුම් මල් සුවඳ පිරි,රන් මාළු දැඟලිල්ල අපට ඔච්චම් කරන…නිල් පාට දිය පිරුණ…තිසා වැව අද්දර මබංකුවට වෙලා මම,ලියනවා මේ කතා මතක් කර පරණ සරසවි මතක…රැඳුණු කොළොම්පුර රජදහන… කවීෂා හංසිපළමු...
සිහින සරසවිය 02
අසිරි සිරි දැක බලා ගන්නනට තවත් නෙත පින් නැත ලබාමාස දින ගැන ගැනන් උන්නේ සොඳුරු පැතුමන් සිත දරාමනසේ ඇඳි ඒ නොදුටු ලෝකය ඔබම වේ යැයි සිත සිතාඇඟිලි ගැන්නත් පියමනින්නට දෑතේ ඇඟිලිත් මදි උනාඔවා ගුණ නැණ ජය ලබන්නට පමණටම කල් යල් බලාදිසාපාමොක් කීවේ ඇයි හැඩ...
තටු නොකපන ආදරය…
මනරම්ය අනෙකාගේ තටු නොකපන ආදරය…ලැබුනොතින් කියවන්නපොතක් බඳු ආදරය…ඉඩ දෙන්න වෙන්නසමනල් පියාපතක් ආදරය…විඳින්න පුලුවන් ඔයාටත්සැහැල්ලුව ආදරය… දුනිත් දේසිත අතුකෝරලපළමු වසරතාක්ෂණ පීඨය
නුඹ දුරින්
නෙතින් නෙත පමණක් ම ගැටෙමින් හැඟුම් හඬනා නිසල සිහිනෙකනුඹත් සිටියා මට මඳක් දුරසුසුමකින්වත් ළං නොවන තරමකසිතින් විතරක් රැදෙමි නුඹ ළඟකාටත් නොකී රහසක් මමසෙමින් කියන්නම් නිහඬ අහසට… ශාමිකා රන්සරණිපළමු වසරශාස්ත්‍ර පීඨය
සිහින සිතුවම්
මල් තුහින පොද වටෙන හැන්ඳෑ වරුවේනෙත් දැහැන ගිලගත්ත මුව මඬලේ අරුමේදම් පාට මල් රේණු තටු සලන යාමේමල් පලස ඇතිරූවේ නුඹටයි ප්‍රියාවේ තත්සරම ඇහැරෙව්ව මුව මදුර නාදේකන්කලුව...
ගිමත් කාර්තුවක
අනාරාධිත ප්‍රේමයේ හිස්තැන් මැකූ ආරාධිතම විරහව… අපරිමිත හීනවල නිමැවුමින් පසුව ආගන්තුක ස්නේහයක හිමිකරුයි, සිව්වසර සරසවිය… රීඩ්මග මංසලක මියැදී පෙම් සිහිවටන… ඉගිල්ලී සැඟවුණා සුළඟකින් කොළොම්තොට… කාලයේ අවසරින් ස්නේහයේ අවනඩුව පොළොව මත...
දියුණුයිලු අපි…?
අවි ආයුධ ඇත සැනින් නැසිය හැක ලොවම සයිබරය ඇත තවකෙක් වැනසිය හැකි ය… න්‍යෂ්ටික අවි ඇත පරපුර ගණනක් අංග විකල කළ හැකි ය තවමත් නැතැයි ටෙක්නොලොජියක් මරණය දකින මිනිසුන්ට ජිවිතය දිය හැකි ය…
අවසර
කියන්නට තිබුණත් දහසක් දේකියන්නට බෑ මට වචනෙන් මෙලෙසේසිතන්නට තිබුණත් දහසක් දේසිතනු නොහැකිය සිතින් මෙලෙසේ සිත කය පෑවත් මා පිටු මෙලෙසේපණ ගැහේ අතැඟිලි ළඟින් මාගේඉතින් අවසර කරන්නට කවි පදගැහෙන අතැඟිලි තුඬින් මාගේ…
ටේලර් සාප්පුව
අඟල් වියත් ගළපමින්නූල් සෙල්ලම් දමමින්පයට පෑගෙන මැෂිමෙන්මසයි ඇඳි වත, මිනිස් විලි වසමින්…කැපී විසි වන නූලකහැඩය හුරු නැති රෙද්දකඅතට අවපැහැ ගැන්වුණජීවිතත් ඇත, මිනිස්කම වස්ත්‍රේ පාටින් මනින… රවිඳු නානායක්කාර පළමු වසරකොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක...
තිසා වැවට කියූ කතා…
වංකගිරියේ හිත පැටලිලා අලිකනට අපි රහස් කියු දා…සීගිරියෙ පුටු බංකු අතරේනැවක් ඇවිදින් තිබෙනු දුටුවා…එදා ඉඳලා පවුර කැටපත් පුරා මගෙ කවි ලියවිලා තිබුණා…කුකුළු කොටුවට පේන දුරකින් සියලු කොකු කටු වැටේ එල්ලා,ඔහුත් යන්නට ගිහින් තිබුණා… කවීෂා හංසි පළමු...
මට කුමට ප්‍රේමය
හන්තාන සුළඟට නොකී රහසක එතෙන්නට ඉඩ හසර ඇත්නම්.. කොළොම්පුර සරසවි මතක පෙත මැදින් දුරකට යන්න ඇත්නම්.. ඉමක් නොපෙනෙනෙ ඈත අහසක සේද සලුවක් වන්න ඇත්නම්.. ඉතිං, ප්‍රේමය කුමකටද.. මට ළඟින් සිප සනසන්න නැත්තම්..
වාරෙක ඇරඹුම
නේක දන මනදොල පුබුදනභක්ති පූජා නදින් මන්දනසමනොළට සමනලුන් පියඹනඅසිරි බර තුසිතයකි මේ ගිරඋතුම් සුමන මහ දේව ඇරයුමකරණකොට බුදු හිමිඳු වැඩමුවගිරෙහි සමනොළ මස්තකයෙහි මතහිඳුවෙ පා සටහනකි වම්දර පේවි දන මහ සෙනඟ සමගිනකෝඩු කිරි කෝඩුත්ම අරගෙනමහන්සිය නොතකාම බුදු...
ගජමන් ඔබ නම්,
හද සලිත කල්පනාරස බසින් තවරලා කවි නෙතින් ගල ගලා කවි කඳුළු බේරුණා… අකුරු මුතු ඇට උඳුල වී බබළනා සඳ කවි පොතේ කවිය හදවත තුළට වී අමරණීයයි කවි ලොවේ… කවිකාරියයි ලොව දිනූ ඇලපාත මුදලිඳු හද දිනූ ජීවිතය කවියක්...
තාත්තා
කඩදහි ඔරුවට රුවල ඇද්දකුරුම්බැට්ටි මැෂිම පැද්දපොල්පිති හරකට හෙමින් තලපුමගේ පුංචි තාත්තා…ඉරට තවත් ඉරක් නොවුණුසඳට තවත් සඳක් නොවුණුමුළු අහසෙම බර දරාපුඅපේ ඇත්ත තාත්තා…චණ්ඩි කමට නොවැන්දාටරැවුල යටින් හිනා වෙච්චමගේ කිරුළ එපා කියපුතාත්තා වුණු...
පිළිතුරු
නෙතට නෙතු ගැටෙන්නේ හුරු පුරුදු නිසාම යසවන්පත් හඬ රැව් දෙන්නේමිහිරි හඬක් නිසාම යආදරය නොකියා අපි අපිව හොයන්නේහැඟුම් ලස්සනනිසාම ය… චතුරි ශෂිකලාපළමු වසරශාස්ත්‍ර පීඨය
සසරේ පතා ආ ආදරය…
දෑසට දෑස් කතා කරන්නේමහිතවලට දැනෙන්නම ය…සවනට මියුරු වදන් ඇසෙන්නේමඔබේ හඬ මිහිරි නිසාම ය…ආදරය නොකියා හිත් බැඳෙන්නේමසංසාරේ පැතුම නිසාම ය… දුනිත් දේසිත අතුකෝරලපළමු වසරතාක්ෂණ පීඨය
“ලිස්ටා”
මිනිසුන් නොමිනිසුන් වුවින්සතිය අග ලෝක විනාශය අභිමුව දීවන සතුන් වු මානව කැල මුදවන්න උපරිමයටත් එහා ගිය… නෙදර්ලන්තයේ දියමන්තිය අහවර කර හැමෝටම හොරාමිල කළ නොහැක්කකි නුඹ… ආඩම්බරෙන් සේවයට ගරු ලබාදෙරණ මත සැතපෙද්දී පතන්නේ නම් නෑ යළිත් අප සමඟ...
අහිමි මලක්…
නිහඬ රැයකමිමිණූ පෙම් කවියකඅරුත නොතේරේ තවමත්හදේ නැගෙන්නේප්‍රේමයක්ම ද?එය මට තවමත් පැනයක්නොතේරුණත්මසිත කියන්නේ මඅහිමි මලකටපෙම් කළ වගක්… ශාමිකා රන්සරණිපළමු වසර ශාස්ත්‍ර පීඨය
සේපාලිකා…
රහසේම සඳට පෙම් බැඳකාටත් හොරෙන්මුමුනාපෙම්බස් රහසේම….සඳත් එක්කම යනවාවෙන් වී නටුවෙන්…තවත් දිනයක එක්වන්නනුබගැබට හොරෙන්රහසේම සුවඳින්… තරුෂී ඉරේෂාපළමු වසර ශාස්ත්‍ර පීඨය
වසන්තය යළි එන්න…
බොඳව ගිය හීනවල යළි පාට තවරන්න…විඩා වූ සිත් වලට සිහිල් දිය වස්සන්න… කඳුළු පිරි මුව මඬල සිනාවෙන් සරසන්න…මැකී ගොස් ගිම්හානෙ වසන්තය යළි එන්න… මලිති පබසරාපළමු වසරකළමනාකරණ හා මූල්‍ය පීඨය
හන්තාන…
හන්තානකට හිත ඇදිලා ගිය කලටරන්වන් හීන මැව්වා වී ගෙයි පිලටයන්නට නොහැකිමුත් සරසවියක් තුළට මන් තාමත් බඹරෙකි කැම්පස් මලටනංගියෙ නුඹේ කුස පිරුමට හීන තියාවංගුවෙ තියන ගල් කොරියට ආවා ගියාමං ඉමි තාම සරසවියට දෑස අයායං අපි...
සාපලත් රිදුමක්…
අසිනි මහ වැහි අනෝරා මැදමිනිස් පවුරක් රොක් වෙමින්…කුරිරු වෙස් ගත් මෘග සර්පයෝනසාලන්න එක්වෙමින්මිනිස්කම නැති නොමිනිසුන් රජ කරයි අද මහ පෙළහරින්…ගොළුව ඇයි දැයි තවත් ඇතීනා නුඹඅනේ ඩිංගක් කතා කරපන්… ශශිකලා කල්හාරි පළමු වසර ශාස්ත්‍ර පීඨය
නොමැකෙන සෙනෙහස අම්මා…
ඉඳිකඩ මායිමේ පුංචි සාවුන් තනිකම මැකුවට…මා දන්නවා හිත අස්සෙ ගිනි ඇවිලෙන වගඑකම හදවත නුඹෙන් ඈතට ගිය දින සිට ඉස්සර සඳ එළිය හා එක් කර සෙනෙහසේ කවි මිමිනුව නුඹ අදත් ඒ රාවය මද සුළඟට එක් කරනවදමව් සෙනෙහෙ හද අවුලනකොට හිත දැවෙන හීන හිත් කොනක සිට අත වනනකොටයන්නට...
බැඳීම් මත මොහොතක්…
නොහික්මුණ සිත අතරමං වීසොයයි ඈ කොහෙදෝ කියානමුත් දන්නෙමි ඈ ගොසින් බවවෙන කෙකුගෙ සිත සොය සොයාකියූ හැම දේ සිතෙහි රැව් දේපුරා සත් වසරක දිහාකෙසේ අමතක කරන් ළඳුනේඉපදියන් යළි මියැදිලාමියැදුනොත් මිස මාව හැරදානොයන බැව් පුන පුන කියාඔබත් එහෙනම් වෙනස් වූවාකමක් නෑ...
හිස් වුණා ගැලරිය…
තිරයට පිටුපසින් වෙනකොට පෙරළිය…නාදුනන වෙනසක් සිදු වුණා කරළිය…සමහර චිත්‍රපට දුවනකොට තනියම…නැතුව කිසි සද්දයක් හිස්වුණා ගැලරිය…කේතනී පූර්ණිමා තෙවන වසර ශාස්ත්‍ර පීඨය
සිහින සරසවිය
බිංදුවෙන් මා ඇරඹි ගමනේ කෙළවරක් නෑ පේනවාපාර සරසවි ගාව මම දැන් පාර බල බල ඉන්නවාකුඩා කල මා ඇසුව ලස්සන සරසවිය නෑ පේනවාපුංචි තිරයක දෑස් දල්වා දැනුම සොය සොය ඇදෙනවා පන්තියේ අපෙ ගුරුතුමා කී වචන සිහියට නැගෙනවාසිහින...
හීන හොයන පොඩිත්තෝ
නැත මට වෙහෙසක් යගුළු දැමූ හදවතේමා ඉන්නම්ඔබ දිනනා තුරුලෝකේ…දනිමි මා ඔබ ඉන්නවා මාගේදවසක දිනනවා…ඔය දහදියමුතු කරමිනි තාත්තේ… දුනිත් දේසිත අතුකෝරලපළමු වසරතාක්ෂණ පීඨය
ගැහැනිය…
ගැහැනියක් කියන්නෙමදරාගැනීම්වල නිකේතනයක්… සුමුදු සියුමැලි වුව ද අතපයකැපකිරීම්වල සංකේතයක්…එදා යශෝදරාවට නොහැකි වූවේ නම්පෙම අත්හරින්නට…ලද හැකි ද සිදුහත්ට බුදු බවක්…ඉතින්,ගැහැනිය කියන්නෙම දරාගැනීමක්… දේවිනී දනංජිකාපළමු වසරශාස්ත්‍ර පීඨය
වැස්ස නුඹ ප්‍රේමණීයම කතාවක්…
හීන් හිරි පොද මතපාට තවරන…හිම තුහින සීතලෙන් ගතම කිති කවන..මතක මංසල ළඟජීවිතේ නවත්වන…වැස්ස,නුඹ දයාබරම කවියකිකවිකාරයින් හඬවන… ශශිකලා කල්හාරිපළමු වසරශාස්ත්‍ර පීඨය
උහුලා ගනු හැකිවෙද මේ සෙනෙහස…
කඳුළු සලනට එපා පෙම්වත මමත් හොඳ හැටි දන්නවාකිසි දිනක වෛර කර නැහැ මම, මාත් ආදරේ කරනවාඔබෙ දෙනෙත් මත මගේ සියුමැලි රුව තවම මම දකිනවාඅනේ තරහක් නෑ හිතේ මගෙ අසරණයි බැව් දන්නවා සිර කරන්නට බැහැ හැඟුම් දිය ඇතැම් දවසක ගලනවාපුරුදු කඳුළක් නෙත් අගින් මගේ හීන්...
සිරකරලනු බෑ සෙනෙහෙ හැඟුම් දිය
සරසවිය මැද ලියූ පෙම් කවි තවම මතකයෙ තියෙනවා කොළොම්පුර පිස හමන සුළඟේ ඔබේ සුවඳත් දැනෙනවා ඔබත් සමඟින් ගෙවූ කාලය මමත් රහසින් විඳිනවානොකීවට මගෙ ගාව තවමත් එදා මතකය තියෙනවා හවස් වරුවල අතින් අල්ලන් හිතුමතේ අපි ගිය හැටීතිසා වැව ළඟ මගේ හාදුව නුඹෙ නළල සිපගත්...
අලුත්කඩේ දුටු අලුත් රුව
සුදු දිගටි මුව කමලසාවෙක්’යැ කියා රැවටුණමම නිතර ඔච්චම් කළමොකෝ දැන් මැලවිලා…? කළු ලෝගු ඇඳ මෙදාපොත් ගොඩක් අතදරාඑක එල්ලෙ බල බලායන්නෙ ඇයි මදෙස නොබලා…?රන් මාල හත දමාකරකාර බැන්ද දානුඹ බොහෝ දුක් වුණි ද?‘නර්මදා’ කිය කියා… එදා හිටි...
ඇසල මංසල…
ඇසල මහේ පෙම්වතියමුමුනනා සෝ ගීතසවන්පත් රසවැකුණා වත්ද?සෙංකඩගල අහසපියාපත් සලන්නටකාලෙ කදිමෙට ගැළපුවා නේද?සෝ සුසුම් පා කරන්නටපිබිදෙනා පැතුමන් දරාගන්නටනුවර අහසම… අනෝරා මහ වැසි එක්කඔට්ටු අල්ලන කාලෙ ඇවිත් පෙම්වත…
උපාධියට සාරියක්…
සාරි හැට්ටයේ පිටට මල් හැඩට දාමු දුව…ලස්සනයි කොණ්ඩෙත් බැන්දාම උඩටමසාරියත් නෙක වර්ණ ගෙත්තමින් ගත්තොතින්…නුඹ ලස්සනයි දුවේ මගුලෙ හැමටම වඩා …එපා නැන්දේ පිටට මල් දාපු හැඩ රටාකළු ලෝගුවයි මගේ මනමාල පෙම්වතා…! Image Credit :...
මා ඔබේ යසෝධරා…
සාර සැකි කප් ගණන් – පිරූ ඒ පාරමී බලයෙන් උපනුපන් හැම ජන්මයන් වල – වීය මම ඔබෙ පාදපරිචාරිකා දියකිඳුරු විලසින් සිට – එක් රැයකට වෙන් වූ අප හැඬූ කඳුළ විය – සාගරයට උල්පත පුද දෙමින් මා දිවිය – පෙම් කළෙමි ඔබට මම මගේ පණ දෙවැනි...
බලාපොරොත්තුව..
පුරා පෙරුමන් වීය අභිමන් දිනක අතිනත ගත්තු මොහොතින් පසුව ඈ හා ගෙතූ සිත්තම් බලා උන්නේ මොහොත එනකන් ඈ ද මා හා රැයක පහනින් පැතූ පැතුමන් වීය යහපත් බලා උන් ඒ කාලෙ ඇවිදින් මතුත් ගෙවියන් සතුට කැන්දන් ඇගේ ලැම ලේ කිරෙන් පිරිලා දිනෙක මා පුතු එළිය දකිනා මොහොත...
මේ දුශ්කරම කාර්තුවයි…
පුරා සඳකට නොදෙන සැලකුම් ලැබේ පුත අමාවක හට ඉතින් නුඹ නාඩ ඉඳපන් රිදුම් දෙන හද පත්ල අතරේ අලුත් ලොවකට පාර තනපන්…
කවිය නුඹ..
අසනි වැසි ඇද හැලෙන ඉර බහින ගොම්මනක ළබැඳි හිත ලුහු බඳින මන්දාර හීනයක… නුඹ නමින් මත් වීම පෙරුම් පිරු සිහිනයක් අවාරේ හිරි පොදට නුඹෙ පහස ස්වර්ගයක්… දන්නවද කවියෙක්ට වැස්ස හරි උමතුවක්…
පාර්වතී
මලවි හී වැලින් ගඩු වූ වියන යට හිඳ අහස් ගඟේ එහා ඉම දෙස තිනෙත අයා බලා සිටිමි මා තපස බිඳ…
සරසවිය..
දකින්නට පෙරුම් පුරා සිටිය ද… තවමත් නුඹ අපට සිහිනයක්ම විය… විඳින්නට නුඹේ තුරුලේ උණුහුම… පිනක් නොමැතිය අප හට… ඉතින් සොයුර නුඹ තවමත් අපෙන් වෙන් වී සිටිය ද… නුඹේ සෙනෙහස විඳ ගන්නට අප තවමත් මග බලා සිටින්නෙමු… ...
නැවතුණු සමනලුන්…
අවාරයට ළඟයි ඒ හින්දම සමනල්ලු පියාඹනවා සමනොල මුදුනෙන් ඈතටම ඉර හොයාගෙන… වාරය දාට ආපහු එනව සත්තයි කියනවලු උන් හෙමිහිට… ඉර ළඟ නැවතුනොත් කොයි එන්නදෑ වාරයට…
විරහවේ කවිය
සිනිඳු සුසිනිදු රෝස තොල්වල සිනා හඬ නෑසුවා සවන්… නිතර කොඳුරන විරහ ගී ළඟ ගල් වුණි ද නිසසල හිතත්… කියාගන්නට නොහැකි තරමට පෙම් කළා මම මහ හුඟක්…. පමණි සියොතුන් ඇසුවේ දුක් කඳ නුඹ වෙනස් වී හුඟ කලක්… Image Source –
සතුට උකසට තබා මිලින වූ කය කුමට
ඈත දවසක හිරු බසින ගොම්මනක සිත නිවන ගැමි සුවඳ පිරුණු රස මතකයක ගුලි ගැහෙමි ගිලිහෙන්න නොදී ඒ මිහිරාව විඳගන්න නැත ඉඩක් දුවයි සිල්ලර හඬට සොබාදම් තුරුළෙ හිඳ කෙළි දෙළෙන් රස මවපු කාසි නැති සතුට පිරි සැනසුමෙන් ගත කරපු දිවියෙ හැඩ සොඳුරු විය ගලේ කෙටු ඉරක් බඳු...
අවරගිරින් පායන හිරු?
මණිපත් අගින් මතුවන පිනි බිංදු මත… සටහන් තබනු කෙලෙසක පිපි සහස්පත? සැණෙකින් වෙනස් වී නොපෙනෙන පිනිති තෙත… වැන්නකි මිතුර නුඹ මා සතු මිනිස් සිත… දෙකොපුල මවන මායා සිනහවක රත… අතරේ තිබුණි හදවත්වල සැඟ වි වත විනිවිද දකින දා අප, අපෙ මිනිස්...
සීතල උණුසුම…
පියා හිඳ නෙත් සීතලේ උණුසුම් හැඟීමක මිහිර විඳගන්න… මහ අනෝරාවක් නොවුණ බලා හිඳීමෙන්ම හිත නිවෙන රටාවට කඩා හැලෙන වැහි බිංදු ඉසින හීනි පොද මල් වැස්ස… වගේ උඹෙත් ආදරය… සීතලේ දී ත් උණුහුමින් මත් වුණ…
පරස්පරය
පිපුණු අතු අග දළුලන මලක්… කඳුළු බේරෙන සිනහබර ඇසක්… අවරගිය ඉරේ රැස් ගණින බිඟු රැලක්… පරස්පරයත් ප්‍රේමයට අත්වැලක්…
නිහඬය නුඹත් අද
කාලයක් උමතුවෙන් පෙම් බැඳ මතක ගොන්නක් හදවතේ නිදන් කර ගිවිසගත් පෙම්වත නිහඬ ය නුඹත් අද මංගල දිනය ළඟ ළඟ එන බව දැනත් නොකියම යන්නම ගිහින් නොපෙනෙන තරම් නුඹ දුර ඈතට නිතරම තේරුම් ගන්නට කොතරම් වෙහෙස දැරුව ද මටම නැහැ අවනත උල්පත වී ය දෑස කඳුළට
දරා හිඳ නිහඬ විය…
හිත හොයන බැඳීම් හැබෑ නොවෙන හීන…ඉස්පාසුවක් නොමැතිවමඅවුළුවන මතකකලකිරී ඇවිළුන විට…අස්වැසිල්ලක් නොලද තැනඋපරිමේටම දරාගෙන හිඳ දුකබැරිම තැන දී නිහඬ වුණි…කඳුළු හංගාන ඇස් යටම…
එස්මෙරල්ඩා!
ශරත් සඳ බැස ගිහින් තරු නිවෙන යාමෙක දියාරුම මතක පට වෙලා ගත් හීනෙක උණුහුමට හුරු වෙච්ච සිනිදු සළු සයනෙක දුරුත්තට දුර වෙලත් ඇයි හරිම සීතල හැඟුම් පොදි පෙරලුනා කවි වලට නුඹ මගෙන් ලත් ප්‍රේමයෙ හි රුධිරයෙන් සුදු රෝස රතු කෙරුව… විරහා ගිනි ඇවිලුනා...
දින පොතක පිටුවක්
හැඩකාරි නුඹ මගෙ දෝණියේ නොදුටුවත් නුඹ මව් සෙනේ අරලියා ගස යට ඉඳ නුඹේ මවත් සිනහේ සඳ සේ සිනාසී වට පිට බලබලා කිරි සොයා හඬද්දී නුඹ ඉකි ගසා පිය දෙතනෙ කිරි නැති නිසා දැවුනි මා නෙතු බොඳ වෙලා නුඹ මගේ ප්‍රාණය යි දෝණියේ සිනාසෙන විට නුඹ මව වගේ දරා ගෙන දුක් මේ...
මෙදා අවුරුදු
කපුටෝ එක ඕසෙට පෙළගැහිලා උන් තාමත් නෑ සිංදු කියන්නේ රබාන හඬවන්ට පදමට ගින්දර නෑ ලිප් බොක්කේ අළු සුවඳටවත් ඇවිත් පලයං කෙවිලියනේ… ගිනි අව්වට රත් එරබදු දා වෙලා හොරෙන්ම රෑට මිනී මල් පිපෙනවා හීතලේ කැවුම් නැතත් අවුරුදු කියන්ට උඹලා විතරයි ආවෙ...
ඇයයි නැගණී
වයසින් නම් බාල තමයි මටත් වඩා ඇය එකම අත්තේ මල් නොවුණට මාත් එක්ක ඇය එකම ගහේ මල් වුණා අපි අපේ පෙර පිනකට අම්මා නොව මං ගැන තේරුම් ගත් හොඳම කෙනා ඇය
ඇය නමින් අම්මා
කප්පරක් හීන පුරෝගෙන සිහින පසුපස හඹා යන ම නෙතඟට නිදිවර්ජිත රැයවල් හුරුපුරුදුය පෙරදාටත් වඩා පොදි ගැහෙන හීන එකිනෙක අහුලාන පියමං මග විඩාබර මුත් තනි නොතනියට නිදිබර ගැහෙමින් දොරකඩ පාමුල ම දෙස බලා හිඳින නුඹ පෙරදාටත් වඩා සවියකි මෙ දින මෙ මට
නිවන සොයා යන තෙරණියනේ
කෙලෙස් ගං තෙර නිමාවක් නැති එතෙර වන්නට පෙරුම් පුර ඇති අවිඳු අඳුරක නිසරු සසරක සතුට සැනසුම මිරිඟුවක්… දියණි, පෙම්වති, පතිනි, මව් බැමි බිඳ දමා භව තරණයක වඩින ඈ යශෝදරා කුල පින්සාර කුසුමක්… දරදඬුම රළු කලු ගල් පවා අද ශ්වේත සළු පිළි ගත දරා ගෙන මිලින වී...
යළිත් මගේ වන්නට වූ පෙම් ඇරයුමයි
හද රිද්දන කතා නම් බෝමයි ඒ අතරත රැඳුණු සිනහවයි මුව මඬල සරසනා ලතාවයි ඔහු වින්දෙ හැම දේම තනිවමයි පෙම් කළ සිතට ඇඳි රූ රටාවයි සිත් මත්තෙ වූ නොකී කතාවයි දෙතොලත රැන්දු බැව් නම් සැබෑවයි යන තෙක්ම නෙදනී ඈ මගේමයි දෙනෙත් පුරා බලා උන්නු රටාවයි යළි නොඑනා බැව් නම්...
සන්සුන් සිතින් පෙර මග ඉමි බලන්
බාල වියට සමු දී ආවා කෙමෙන්, හිඳියි සුන්දර යෞවනය ගෙවමින් දුටුවෙයි බඹරුන් පෙමින් වෙලි මලක, සිතුනා විසය ද මුන්ටත් මේ දිනෙක දුටුවා රුවක් කිසිදා නොදුටු වරෙකම, ගැටුණේ මනසට දෙනෙතයි ඇගේ ඒ වෙලෙහිම සුන්දරයි පෙම් සිතුවිලි මනසට ගලනා, කළඹති හැඟුමන් නිතරම දැනෙනා...
නිමාව ද ප්‍රේමයක
අහම්බෙන් හමු වීම ප්‍රේමයක ඇරඹීම මතක පිටු අතර හිඳ ඉකි බිඳී හැමදාම එකිනෙකට නුරුස්සන සිතුවිලිය සැනින් සැන විරසකය සිතින් සිත දුරස් විය ටිකෙන් ටික උත්සාහය රැක ගන්න බැනුම්පිට බැනුම් මැද එහෙත් නැත ඉවසීම නිමාව ද ප්‍රේමයක
හුරු පුරුදු තරුවක්
කඩා වැටෙන තරු අතර දුටුවෙමි එක් තරුවක් හුරු පුරුදු… කලකට පෙර අහස බලනවිට අහස විසින් රැක ගත් තනි තරුවක්… අනවසරයෙන්ම අහසෙන් වෙන් වී අකමැත්තෙන් කඩා වැටෙන…
සිතුවිල්ල
එකම අහස යට දෙතැනක ඉඳගෙන තරු ගනිමු ද අපි එකම වෙලේ… දකුණු කුරුසියෙන් මට මග කිව්වෙම ඔබ දෙසටයි නිරන්තරේ… අහසේ උන්නු ඔරායනුත් මට නුඹ නිති සිහි කෙරුවේ… හැඩි දැඩි නුඹට ඔරායනුත් දෙවැනියි මගෙ සිත් අහසේ… ඔරායන්ගෙ ළඟම ඉඳන් බැබලෙන තරුව වෙලා...
ආයේ නොලියමි
ඔබ ලැබෙන තුරු වියවුලෙන් මමයි දුක්බර කවිය ලීවේ මගේ අත ඔබ ගන්නා තුරා වින්ද වේදනා කවිය වූයේ දිනෙක ඔබ මා පැතුව දිනයේ හදේ වියවුල් වියැකුණේ ඉඳින් කෙලෙස ද විරහ කවියෙන් යලිත් මා කවි ගොතන්නේ
අවසරය
වැටෙන හැටි දහඩිය කඳුළු කැට මහ පොළොව තෙත් වෙන තරමට දුටුවෙ නැහැ කිසිවිට වෙහෙස වෙන හැටි පියෙකු මුදලට දරදඬු පිරිමි හිත යට සෙනෙහස ගැලුවා දෝණිට කාලය මැවූ වෙනසට අවනත වීය මා ටිකෙන් ටික අවසර දෙන්න මට නුඹගෙන් නික්ම යන්නට ගියත් දුර ඈතට සමානයි නුඹ මගේ ප්‍රාණෙට
පෙම්වතෙකි තනිවුණ
තෙරක් නොමැති විසල් අහසට හූල්ලන පෙම්වතෙකි තනි වුණ… කැදැල්ලෙ උන් කිරිල්ලිය සෙනෙහෙබර හිතැත්තිය “කොහේ යන්න ද දමා පෙම්වත…” කියූ පසුදාම ඉගිලිලා කිම් ද නුඹ ගියේ වෙන අතක අවුළුවා මගෙ සියොළඟම…
වැසි නැති අහස යට
මං කැමති හැමදාම වහින අහසකට ඒත් කෝ අපට වැස්සක්… පෙර පවට හිමිවෙච්ච කාස්ටක අව්වකට යලේදිම ඉරිතලපු කුඹුරටම යටවෙලා මැරිල ඇති ගැඩිවිල්ලො අපි වගේ වැසි පොදක් නැති අහසටම උඩ බලන් හූල්ලල…
සරසවි මෑණියනි ඔබ
පුරා සියවසක් ඔබ දුන්නෙමි සෙවණ දස දහසක් අරමුණු වෙත එළියත් නොඅඩුව ඔබ තුරුලට ආ පරපුර දනිතියි ඒ ගැන නිරතුරුවම දිටීමට දින ගනිමින් හිඳී අපත් ඔබේ රුව මතු කලෙක සරසවි මෑණියනි ඔබයි දිදුලන සම්පත වාගෙයි අගතැන් ගත් දැනුම් මන්දිරයක් නොවේ පුරවරට රටටම ආලෝකයකි නුඹ...
අමා මෑණී බුදු පියාණෝ
සකල සක්වලටම පෑ මහා කරුණා මෛත්‍රිය පිරි නොනිම් සෙනෙහස… කිසිවක් කිසිවෙකුත් තමාගේ නොවන බව දත් නොනිම් ප්‍රඥාව… එක්තැනක…
පැමිණිල්ල
රාත්‍රිය උසාවිය වැනිය හිත නඩු අහන සිහිනෙනුත් පෙම් බඳින වැරදිකරු මම ම විය පැමිණිල්ල නුඹ ගෙනා දඬුවමට හිස නමන සමුගන්න මග අසා සිතුවිල්ල සිර කරන
නිරුවත
නග්න සිරුරට වුවත් යට යන නග්න වෙන තරමටම ලස්සන හදේ නිරුවත ට සම තැන හිතේ නිරුවත නොවෙ ද මුල් තැන සයන පෙඟ වූ හැම නග්න සිරුරු වින්දා ද යසිරු වූ නිරුවතේ රුසිරු නොවිඳින්න හේතුවම වූයේ කුරිරු නිරුවත් හිත නොදැකීමමයි මිතුරු
මාගේ මුල්ම විදුබිම
නයනා අමර සල් ගස යට නෙක නෙක රූප පාට පාට නැවුම් සුවඳ පොත් පිටු අතර තවමත් මතකයි එදා මෙන් අද පිය නැගූ පළමු වසර ගුරුතුමිය අසල සිට ඉගෙන ගත් අකුරු ටික පාර කීවා එන්න දුරකට පුදුමය මේ ආ ගමන නතර විය සරසවිය තුළ අමතක නොමැත මට මාගේ මුල්ම විදුබිම
හද කොහොම ඉවසම් ද
ඈත අහසේ තට්ට තනියම හඳ විතරක් ඇයි අද නිසොල්මන්ව… හැමදාම තනි රැකපු ඒ පුංචි තරුව අද නෑ පේන්න… ඉන්න තැනකින් හනික වරෙන් හඳ ළඟට උබ නැතුව හඳ ගාව හද කොහොම ඉවසම්ද…
රැජිණයි ඇය නුඹේ මට අහිමි රජ දහනේ…
තුන් තිස් රෑ පුරා මා හැඬුවා රහසින් ඇවිත් නුඹ ළඟ නිදි මැරුවා නාඹර වයස නුඹ හට පිදුවා නුඹ වෙන හිතක් ළඟ පෙම් වින්දා… දෙදෙනෙක් වෙනුවට තුන්වැන්නෙක් කුමට ද සිතුවා රහසින් ඉඳන් මා නුඹ හට පෙම් බැන්දා අහිමි බව දැන දැනත් නුඹ ළඟ හිත රන්දානුඹටත් හොරෙන් මා...
නුඹට තනිකම දැනෙනවා ඇති
සඳට තරු කැට තනිය මැකුවට නුඹට තනිකම දැනෙනවා ඇති ළපටි මල්පොඩි පිපී පරවෙන තුරුම පෙරමග බලනවා ඇති සෑම රෑකම දෑස කඳුළින් පිරී තෙත් වී බරව යන හැටි හීනෙනුත් මා ළඟට ඇවිදින් අම්මෙ යැයි හඬ ගසනවා ඇති හීන පසුපස කොළඹ දිව්වට හීන පොදි තව හිසට බර වැඩි තුම්මුල්ලෙ...
හද පුදසුනේ පිවිතුරු කුසුම
පුන් සඳ කිරණ නැහැවී ගලනා පෙම්මා රුදු ගිරි පවා සෙනෙහස් සුවඳට නම්මා මුදු කරුණා ගුණ බිඳු නොපෙනෙන නිම්මා හද පුදසුනේ පිවිතුරු කුසුමයි අම්මා පැතුම් මල් පූදින්න...
වාරයක් අවාරයක් නැති හීනය
පින්සාර සිතින් පේව බුදු පුදට මිහිදුම් සේල අතරින තුන් සරණේ ගයමින සකි සඳ හිරු තනි නොතනියට සීත ගඟුලැල් විඩා නිවුමට ඉදිකටුපාන හැරමිටිපාන පසුකොට සුමන් සමන් දෙවි බැතියෙන් සිහිකොට සිරි පා පියුම් කරුණාවට සමනළුන් එක්ක පියඹන්න…
දම්වැලක්
පුරුක් අග දිලුණත් ඊයම් සුවඳ නෑසූ එකක් මත එකක් පිළිවෙලට ගෙතුනු මා මතින් පණ පෙවුණු ඔබ දෑත මෙන් වූ දම්වැලක් කාටත් හොරෙන් මළ කාපු
රත් පැහැ සෙනෙහස
ලෙළෙන නළ මත සිසිල පීදී යුහුව අඹරට ඇදෙනවා… නැගෙන සඳ කත අවර දිනිඳුට නෙතින් නෙත ඉඟි මරනවා… පිපෙන කොඳ මල් වියන් අතුරා ගඟෙන් සෙවණැලි බලනවා… නොඑන හිරු වෙත බැලුම් පානා සඳට තරු පෙළ රවනවා… මවන සෙනෙහස ලං ව පුදනට දිවාකර ඇත ලතැවෙමින්…...
කඳුළු කතාවක්
රෝහල් වාට්ටුවක පෙනුමැති කාමරයේ නිවසේ දෙවියන් ඇත මෙ දින දුක සේ හිත නිවන්නට ගැයු ගීත රාවෙන් ඇඳුණේ ය වියපත් මුව සිනා රැල්ලක් තුටු සිතින් සැවොම නික්මෙන්න මත්තෙන් වැන්දේය මව්පියන් අපේ ම යැයි සිතමින් නොසිතු ලෙස තෙත් වුණේ ඇගෙ විඩාබර දෙනෙත් කඳුළු කැට වැටුණේ...
මිතුරෙකු ලෙසින් ආ කොල්ලකරුවා
ගෙදර මීයන් සමඟ ලේනුන් භය කරන්න… අම්මා ගෙන ආ යහළුවෙකි ඔහු, අදින් වසරකට පෙරාතුව… නොමැති බැවින් සොයුරෙකු අපට… අප්පච්චී හදාගත්තා මෙනි ඔහු, දරුකමට… කෙසේ වුව ද මීයන්ගේ හද… මගේ හිත නම් ගැහෙයි නිතරම, ඉඩම සමගින් නිවසත් ලියා දේවි දැයි! කියා ඔහුටම…
රුවැන්වැලි සෑය
දවාලන්නට ආත්මයක් පතන්නට සරණක් පිංසාර පින් බිමක් තිසරණයෙහි බලයක්… කෙලෙස් ගින්නෙන් නිවෙන්නට සිත් සතන් ලැබේවා! සැනසුමක් මහ සෑයේ අනුහසින්…