විද්‍යා පීඨය තුල වාර්ෂිකව සංවිධානය කරන ඉතාම වැදගත් අංගයක් වන Freshers’ welcome 2015″ වප් මස තුන් වැනිදා ඉතාම උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් වුනා.මේ පිළිබඳව තතු දැනගන්න Colombo Beacon අපි එහි ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කල පැතුම් ගුණතිලක සොයුරාව සම්බන්ධ කරගත්තා.
Q1: අයියේ නවකයන් පිළිගන්න මේ වගේ උත්සවයක් සංවිධානය කරන්න ඉතාමත් අසීරුයි සහ ඒ සඳහා විශාල වෙහෙසක් දරන්න වෙනවා.ඉතින් මේ සඳහා සූදානම් වුණ ආකාරය කෙටියෙන් සඳහන් කලොත්?
ඇත්තටම අපි මේ ගැන සාකච්ඡා කලේ අපේ welcome එක ඉවර වුනු ගමන්ම.මොකද අපේ හිතේ තිබුණා අපේ නංගිලා මල්ලිලාට අපි මීටත් වඩා හොඳ දෙයක් දෙනවා කියන එක.ඒ අනුව ඒකෙ පළවැනි පියවර විදිහට අපි දෙසැම්බර් මාසෙ පෑන් අලෙවි කරන්න සුදානම් කලා.ඒ කාලෙ ඉඳන්ම මේකෙ සැරසිලි කරන්නෙ කොහොමද, මේ සඳහ අනුග්‍රාහක ආයතන හොයන්නෙ කොහොමද ඒ හැමදෙයක්ම අපි සැලසුම් කලා.එතැන් සිට අඩියෙන් අඩිය ආපු ගමන තමා මෙතරම් සාර්ථකව නිමා වුනේ.
Q2: මෙවර මේ උත්සවයේ තේමාව ගැන කතා කලොත්?
මීට පෙර වසර වලදී Pandora night,Egypt,Night by the nile, Welcome to the Caribean වගේ තේමාවන් ඔස්සේ නවකයන් පිළිගැනීම දිග හැරුණා.ඉතින් කාලයට වඩාත් උචිත විදිහට අපි Game of thrones මෙවර තේමාව කරගත්තා.
Q3: මෙවැනි අංගයක් සඳහා විශාල වියදමක් දරන්න වෙනවා,ඒ වියදම් පියවගත්ත ආකාරය සහ අනුග්‍රහය දක්වපු අය ගැන කිව්වොත්?
අපේ මේ සඳහා ප්‍රධානම ආදායම ලැබුණේ cricfest සුහද ක්‍රිකට් තරඟාවලිය හරහා.ඒ සඳහා Ideal motors,entrust bank,commercial credit යන ආයතන වලින් විශාල සහයොගයක් ලැබුණා,ඊට අමතරව තව බොහෝ ආයතන banners ආදියෙන් අනුග්‍රහය ලබා දුන්නා.ඊට පස්සෙ professional development programme එක.මේ සඳහා excellence,Matrix,wisdom කියන ආයතන වලින් අනුග්‍රහය ලැබුනා.ඊට අමතරව ඡායාරූප සඳහා truecaller ආයතනයත් Batch queen competition සඳහා Seri naturals ආයතනයත් අනුග්‍රහය දැක්වුවා.
Q4: Welcome එක වෙනුවෙන් නිර්මාණය වුණු ගීතමය රූප රචනා සඳහා ගීත තෝරාගැනීම හා රූප රචනය සිද්ද වුණේ කොයි ආකාරයෙන්ද?
මුලින්ම කියන ඕනේ welcome එක වෙනුවෙන් මේ ආකාරයට ගීතයකට රූප රචනයක් කරන එක අපේ විද්‍යා පීඨයේ අවුරුදු ගණනාවක් තිස්සෙ කරගෙන එන දෙයක්.අපිට හැමදාම දකින බොළඳ ආදර කතා වෙනුවට අලුත් වෙනස් දෙයක් කරන්න ඕනෙ වුණා.ඒ ඔස්සේ තමා වෙනස්ම ආකාරයෙන් “සුකුරුත්තං” සහ “පිණි බිඳුවක්” කියන ගීත දෙකට රූප රචනා බිහිවෙන්නේ.මේ සඳහා පළමු වසර සහෝදර සහෝදරියන් රංගනයෙන් දායක වෙනවා.
Q5: හැමෝම වගේ කියනවා මේ පාර තමා මෙච්චර කාලෙකට තිබ්බ හොඳම NAT show එක තිබ්බේ කියලා,එහි සාර්ථකත්වය පිටුපස ඉන්න අය ගැන කතා කලොත්?
මුලින්ම ඒ සඳහා දායක වුනු පළමු වසර නංගිලා මල්ලිලා ට ස්තූතිවන්ත වෙනවා,ඒ වගේම ඔවුන්ව පුහුණු කරපු ගිය අවුරුද්දේ NAT show එකට දායක වුණු අපේම සහෝදර සහෝදරියන්ගේ අපමණ කැපවීම, ඇත්තටම NAT show එකේ සාර්ථකත්වය පිළිබඳ සම්පූර්ණ ගෞරවය ඒ සඳහා ඇප කැප වුණු නංගිලා මල්ලිලා සහ අපේ සහෝදර සහොදරියන්ට තමා අයිති වෙන්න ඕනේ.
Q6: Freshers’ welcome 2015 හි decorations සිදු වුණු විදිය ගැන කිව්වොත් අයියේ?අපි දැක්කා ඇතුල් වීමේ දොරටුව,Iron throne එක සහ දැවැන්ත මකරෙක් නිර්මාණය කරලා තිබුණා. මේ සඳහා කොච්චර කල් ගත වුනාද?
මුලින් මකරගෙ මැටි ආකෘතියක් හදලා ඒ අනුව පරිමා අරගෙන තමා ඒ මකරාව ඒ තරම් දැවැන්ත නිර්මාණයක් විදිහට ගොඩනැගුවේ.ඇත්තටම වැඩි කාලයක් ගියෙ නැහැ,මකරාට නම් ගියේ සති තුනක් විතර,අපිට අපේ ඉගැනීම් වැඩ කටයුතු එක්ක මේක කරගෙන යද්දී හැමදාම මේක කරන්න වුනෙත් නැහැ.රෑ ඉඳලත් වැඩ කරා දවස් කීපයක්ම.
Q7: Welcome එකෙන් පස්සේ සඳුදා වෙද්දී අයියලා හැමදේම අස් කරලා කලින් තිබුණු පිලිවෙළටම සියලුම ශාලා නැවත සකස් කරලා තිබ්බා.ඒ ගැන කතා කලොත්?
මේ අපේ විශ්ව විද්‍යාලය,මේ අපේ පීඨය ඉතින් අපි බැඳිලා ඉන්නවා මෙතැන පිරිසිදුව පවත්වගෙන යන්න සහයෝගය දක්වන්න.අපිට අතෑරලා දාල යන්න බැහැ.මේ දේ හැමදාම කරගෙන ආව දෙයක්, ඕනම අංගයක් අවසානයේ ආයෙත් දේශන තියන වෙලාව වෙද්දි හැමදේම නැවත තිබුණු ආකාරයටම පත් කරන එක.
Q8: මේ වැඩත් එක්ක අධ්‍යාපන කටයුතු සමබරව කරගෙන ගියෙ කොහොමද?
අපි ගිය අවුරුද්දේ NAT show ටත් සහභාගී වුණා. ඉතිං මේ වෙද්දී අවබෝධයක් තිබ්බා කොහොමද කරගෙන යන්න ඕනෙ කියන එක ගැන,ඇත්තටම දේශන මඟහැරුණෙ නැහැ කිව්වොත් ඒක බොරුවක්.නමුත් මං හිතනවා හැමදේම සමබරව කරගන්න ශක්තිය අපි ගාව තිබුනා කියලා.
Q9: අයියලගේ batch එකෙන් සහ පළමු වසර සිසුන්ගෙන් ලැබුණු සහයොගය කොයි වගේද?
අපේ 2013/2014 batch එකේ හැම කෙනෙක්ම වගෙ මොනයම් හෝ දේකින් මේකට සහය වුණා.එක එක්කෙනාගේ දායකත්වය අඩු වැඩි වශයෙන් තිබ්බත් හැමෝම batch එකක් විදියට මේ සඳහා උපරිම සහයෝගය ලබා දුන්නා. පළමු වසරෙන් NAT show එකටත් රූප රචනයන් වල රංගනයෙනුත් දායක වුණා.අපි සංවිධානය කල Proffesional Development programme එක සඳහාත් ඔවුන් සහභාගී වුණා.
Q10: Welcome එක සංවිධානය කරද්දී අයියලට ආපු ගැටලු,බාධා මොනවද?
ශාලා වෙන් කර ගැනීම වගේ සුලු ප්‍රශ්න තමා ආවේ.විශ්ව විද්‍යාලයක දෙයක් සංවිධානයේදි එන සාමාන්‍ය ප්‍රශ්න ඒ දේවල්.ඒ ඇර අපේ decorations කරන්න තැනක් නැති එක,වැස්සෙන් වුණු බාධා වලින් decorations ආරක්ෂා කරගැනීම වගෙ දේ.
Q11: Welcome එක සංවිධානයේදි සිදුවුණු මතක හිටින සිදුවීම්?
කලින් කිව්වා වගේ අපිට decorations කරන්න තැනක් නැති නිසා Physics department එක පිටිපස්සේ hut එකක් ගහන්න වුණා. ලොකු වැස්සක් මැද්දේ තමා අපි ඒ hut එක එතන සවි කලේ,ඒක අමතක නොවන සිදුවීමක්,ඊට අමතරව අපි හදපු මකරා නිර්මාණය කරලා අවසාන ඵලය දැකපු මොහොත ඉතාම හැඟීම්බර මොහොතක් වුණා, ඊට අමතරව අපේ පොඩි නාට්‍යමය දර්ශනයක් තිබුණා ඒ පුහුණුවීම් අතරෙත් සුන්දර දේවල් ගොඩක් මතකට එකතු වුණා.
Q12: Welcome එකේ තිබ්බ විශේෂ අංගයන් දෙකක් වන Batch queen සහ Miss congeniality ගැන විස්තර කිව්වොත්?
Miss congeniality තමා මං දකින විදිහට වැදගත්ම,මොකද ඒක පළමු වසර නංගිලා මල්ලිලා ඒ ගොල්ලන්ගේ මනාප වලින් පත් කර ගන්න කෙනෙක් Miss congeniality,මේකෙදි තෝරන්නෙ batch එකේ ඉන්න මිත්‍රශීලීම කෙනාව.ඉතිං තමන්ගෙම සහෝදර සහෝදරියන් ගෙ කැමැත්තෙන් කිරුළු පළඳින එක ලොකු අවස්ථාවක්. Batch queen competiton එක ගැන කතා කලොත් මේ තරඟයට කලින් අපි නංගිලා වෙනුවෙන් වැඩමුළුවක් සංවිධානය කළා,ඒ සඳහා අපිට සහය වුණේ 2008 miss sri lanka ෆේත් ලැන්ඩර්ස් මහත්මිය.මං හිතනව ඒකෙන් නංගිලට ලොකු පිරිසක් ඉදිරියෙ බය නැතුව කතා කරන්න,මූණ දෙන්න හොඳ පුහුණුවක් ලැබුනා කියලා.

Q13:photo booth එකකුත් අපි වෙනුවෙන් විවර වෙලා තිබුණා එදා?
welcome එක කියන්නෙ විශ්ව විද්‍යාල ජීවිතයේ අමරණීය අවස්ථාවක්.ඉතින් ඒ අවස්ථාව මතක හිටින්න දෙයක් නංගිල මල්ලිලා ගාව තියෙන්න ඕනේ.ඒ නිසා තමා ඔවුන් වෙනුවෙන් මේ විදිහට photo booth එකක් විවර කලේ.
Q14: අයියලගෙ batch එක සහ අපේ batch එක අතර සහයෝගිතාව වර්ධනයට මේක අවස්ථාවක් වුණාද දැනගන්න කැමතියි.
ඔව් අනිවාර්යෙන්ම මාස දෙකක් පුරාවට NAT show එකේ පුහුණුවීම් වලදි ඒ සඳහා දායක වුණු නංගිල මල්ලිලා හා අපි අතර ඇති වුණු සහෝදරත්වය ඒ බැඳීම අමතක වෙන එකක් නැහැ.
Q15: විශේෂයෙන් ස්තූති කරන්න/මතක් කරන්න පිරිසක් ඇතිනෙ?
විශේෂයෙන් ස්තූති කරන්න ඕනේ උපකුලපති තුමාට මේ සඳහා අවසර ලබා දුන්නු එකට,ඒ වගේම පිඨාධිපති තුමා මහානාම සර්,Permanant Student Counselor අංජන බණ්ඩාර සර්,Senior treasurer රුශාන් අබේගුණවර්ධන සර්,ජගත් සර්,විශේෂයෙන් කියන්න ඕනේ ජගත් සර් උදේ 4ට විතර අපි කතා කරපු ගමන් අනධ්‍යයන කාර්යමණ්ඩලය එක්ක කතා කරල අපිට අවශ්‍ය ශාලා සකස් කරලා දුන්නා,ඒ වගේම BLT ශාලාව අපට ලබා දුන් යාපා සර් වත් මේ අවස්ථාවේ මතක් කරනවා.අපේ 2013/2014 batch එකේ සහෝදර සහෝදරියන්ටත් ස්තූතිවන්ත වෙනවා ඇත්තටම එක්කෙනෙක් දෙන්නෙක් විශේෂ කරලා සඳහන් කරන්න බැහැ හැම කෙනෙක්ම උපරිම සහොයෝගය ලබා දුන්නා.
Q16. පළමු වසර නංගිල මල්ලිලට අවසානයේ මොනවද කියන්න තියෙන්නේ?
මං හිතන්නෙ අපි හොඳ අත්තිවාරමක් දැම්මා welcome එකට.ඒ මතින් අපේ තිබුණු වැරදිත් හදාගෙන අපි කරපු හොඳ දේවල් තවත් වැඩි දියුණු කරලා ඊළඟ අවුරුද්දෙදි මීටත් වඩා හොඳ දෙයක් කරන්න කියලා තමා කියන්නෙ.අවසානයේ මේ තරම් කාලයක කරපු හොඳම welcome එක එයාලා සංවිධානය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
කාර්යබහුල රාජකාරි රාශියක් මධ්‍යයේ අපිත් එක්ක මෙලෙස සුහද පිළිසඳරක යෙදුණු පැතුම් අයියාටත් ස්තුති වන්ත වෙමින් අවසානයේ අපි ඔහුගෙන් සමුගත්තා.

Leave a Comment