Colombo Beacon

Happy 6th Anniversary Colombo Beacon Family

Colombo Beacon කියන්නේ මොකක්ද කියලා Colombo Beacon එක ගැන අහල තියෙන කෙනෙක්ගෙන් ඇහුවොත් අපිට “club එකක් එහෙමත් නැත්තන් media partner කෙනෙක්” වගේ උත්තර තමයි අපිට හම්බෙන්නේ.. ඒ ප්‍රශ්නෙම අපි Colombo Beacon එක ගැන දන්න කෙනෙක්ගෙන් ඇහුවොත් Colombo Beacon කියන්නේ youth organization එකක් කියලා උත්තරේ හම්බෙයි අපිට .. ඒ උනාට Colombo Beacon එකත් එක්ක ජීවත් උන ජීවත් වෙන අපේ කෙනෙක්ගෙන් ඒ ප්‍රශ්නේ අහුවොත් අපිට හම්බෙන්නේ සරල ලස්සන ආදරේ හිතෙන එකම එක උත්තරයයි.ඒ ” Colombo Beacon කියන්නෙ පවුලක්” .

ඔව් ඇත්තටම ඒක ලස්සන පවුලක්.
ඇති තරම් හැමෝම හිනාවෙන
වෙලාවකට හැමෝම එකතු වෙලා එක්කෙනෙක්ට හිනා වෙන
ගොඩක් දෙවල් ඉගෙන ගන්න
අපිට පුලුවන් දෙවල් උගන්වන
එකතු වෙලා කවදාවත් කවුරුවත් කරපු නැති දේවලුත් කරන
සමහර වෙලාවට චූටී රණ්ඩුත් වෙන
මේ හැම දේකටම වඩා සතුටින් ඉන්න
ලස්සනම පවුලක්

ඉතින් අදට හරියටම අවුරුදු හයයි Colombo Beacon අපේ පවුලට.

ඒක අපූරු පවුලක්,
Photo ගහන්න එන අය Article ලියන
Marketing කරන්න එන අය design හදන
ලියන්න එන අය Finance පැත්ත බලන
Video කරන්න එන අය Announcing නුත් කරන
මොන වැඩේට ආවත් හැමෝම Photographers ලා වෙන
අපූරුම තැනක්.

මුලදී Science Faculty එකෙන් පටන් ගත්තත්

දැන් මුලු කැම්පස් එක පුරාම ව්‍යාප්ත වුන
වයස් බේදයකින් තොරව
faculty බේදයකුත් නැතිව
භාශාවත් ප්‍රශ්නයක් කර නොගෙනම
හැමෝම එකතුවෙලා ලොකු ලොකු වැඩ ලස්සනට කරන
ආදරේ හිතෙන තැනක්

අවුරුදු 6ක් කියන්නේ ලොකු කාලයක්.2013 අවුරුද්දේ පටන් ගත්ත අපේ Beacon එක ආපු මේ ලොකු ගමන් මගත් , අපේ Beacon එක දැන් තියෙන තැනත් දැක්කාම එදා Beacon එක ආරම්භ කරපු අයියලා අක්කලාට වගේම දැන් කැම්පස් එකේ නැති අපේ Beacon පවුලේ හිටපු අයියලා අක්කලා හැමෝටට නිහතමානී ආඩම්බරයක් ඇති කියන එකනම් නොඅනුමානයි.

ඉතින් අපේ Colombo Beacon පවුලට අනාගතයේදීත් තවත් දක්ෂ නිර්මාණාත්මක හැකියා ඇති සාමාජිකයෝ ගොඩක් එකතු වෙයි . කවදාවත් කවුරුවත් කරපු නැති වැඩ හැමෝම එකතු වෙලා ලස්සනට කරයි.එදාට අපි කැම්පස් එකේ හිටියත් නැතත් ඒ දේවල් දැකලා අපිටත් ආඩම්බර හිතෙයි සතුටු හිතෙයි.

ඉතින් මේ ලස්සන අපූරු ආදරේ හිතෙන පවුල මේ තැනට ගේන්න මහන්සි උන චමොදිත් අයියා ඇතුලු දැන් campus එකේ නැති අයියලා අක්කලා හැමෝටමත්, දැනට Top Board එකේ ඉන්න අයියලා අක්කලා ඇතුලු Beacon පවුලේ අයියලා අක්කලා හැමෝටමත් , Middle Board එක අතුලුව Beacon පවුලේ අපේ අය හැමෝටමත් නුදුරේදී අපිත් එක්ක එකතු උන නංගිලා මල්ලිලා හැමෝටමත් හදවතින්ම Colombo Beacon එක වෙනුවෙන් මම සුභම අනාගතයකට සුභ පතනවා.

ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ
Happy 6th Anniversary Colombo Beacon Family
hail_beacon

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කල්පනී ආරියරත්න

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment