තරඟය නිම වීමට තවත් පන්දු දෙකයි. ඒක්කෝ පරාජය නැතිනම් යන්තමින් ජාමේ බේරා ගැනීම. එකක් තුරුම්පුවක්. අනික බාල්දුවක්.
පන්දුවට මුහුණ දෙන්නේ ශ්‍රීලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු ඌ නුවන් ප්‍රදීප්. මාගේ මතකය නිවැරදි නම් ඒ 2014 වසරේ ජුනි මස 14 වනදා.
“Nuwan pradeep went behind it, watched it, didn’t panick, two balls remaining, Englad need 1 wicket. It’s pretty much gloomy and gloomy for the Sri Lankan coach Mavan Atapattu as well,he can’t even watch”
විස්තර විචාරකයන් එලෙස පවසද්දී ක්‍රීඩකයන්ගේ මෙන්ම ප්‍රේක්ශකයන්ගේද හද ගැස්ම උච්චතම අඩියටම දැනිලා ඉවරයි. මුලු ක්‍රීඩාගාරයම මීයට පිම්බාක් මෙනි.ශ්‍රීලංකා ක්‍රිකට් නම් හාට් ඇටෑක් යන්න තහවුරු කිරීමට මේ තරගයක් කදිම සාක්ශියක්.
එවකට ශ්‍රීලංකා කණ්ඩායමේ ප්‍රදාන පුහුණූකරු වූ මාවන් අතපත්තු නලල රැලි අතගාමින් ඔලුවේ අතගාසගෙන. සියලු බලාපොරොත්තු ඔහු වෙතින් සුන් වී ඇති බවක් ඔහූගේ මුහුණෙන් දිස්වූ අයූරූ අදටත් මට මතකයි. ඒ මක්නිසාද යත් පන්දුව අතින් ගෙන සිටියේ එන්ගලන්ත කණ්ඩායමේ ප්‍රභලම වේගපන්දු යවන්නෙකු වූ අඩි 6*4 ස්ටෘවට් බ්‍රෝඩ් නිසායි. එවකට අන්තර්ජාතික ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 3 වන ස්තානයේ ඔහු පසු වූයේ පන්දූ දෝලනයෙන් කඩුලු ලබාගැනීම ඔහුට ඉතා පහසු කටයුත්තක් නිසාම තමයි.
එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ තරගයක් ජය ගැනීම කියන්නේ වෙනම මාතෘකාවක්. ඒ තරම් වටිනාකමක් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයට ලැබෙන්නේ එය ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරිගෙය වීමම ප්‍රදාන හේතුවක්.
පලවෙනි වතාවට එවැනි ජයග්‍රණයක පහස සොයාගෙන මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රීලංකා කණ්ඩායම ලෝර්ඩ්ස් පිටියට බහින්නේ ජුනි 10 වෙනිදා.
කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දෙන්නේ ඇලිස්ට්‍රයා කුක් ප්‍රමඛ එංගලන්ත කණ්ඩායමයි. පලමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 575ක් ලබාගෙන ඉනිම අත්හිටුවන්නේ එංගලන්ත වේගපන්දු තනතීරු තුල ශ්‍රීලංකාවට ප්‍රභල අභියෝගයක් ලබාදෙමින්. ඉයන් බෙල් සහ මැට් ප්‍රයර් අර්ද ශතක ලබාගනිද්දී තරුණ ක්‍රීඩක ජෝ රූට් තමාගේ මංගල ද්විත්ව ශකතය එම ඉනිමේදී ලබාගන්නවා.
ලැබුණූ අභියෝගයට යම්තාක් දුරකට හෝ සාර්තක පිලිතුරක් ලබාදෙන්න ශ්‍රීලංකා කණ්ඩායම සමත්වෙනවා. තමා ලෝර්ඩ්ස් පිටියේ ක්‍රීඩා කරන අවසන් තරගයේ මේ ඉනිමේදී තම පලමුවෙනි ලෝඩ්ස් ශතකය ලබාගන්න සංඟා සමත් වෙනවා. මැතිස්ව් ලබාගත් ශකයෙන්ද, මහේල සහ කෞශාල් ලැබූ අර්ද ශතක වලින් පණ ලැබූ ශ්‍රීලංකා ඉනිම 453කට සීමාවෙනවා.
ශ්‍රීලංකාවට වඩා ලකුණු 122ක් ඉදිරියෙන් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 267ක් ලබාසිටීයදී තම ඉනිම නවත්වනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණූ 390ක ඉතා අසීරූ ඉලක්කයක් ලබාදෙමින්. මෙම ඉලක්කය ලබාගැනීමට ඔවුන් ශ්‍රීලංකා කණ්ඩායමට පස්වන දවසම ඒ කියන්නේ පන්දුවාර 90ක්ම ලබාදෙනවා.
එංගලන්ත වේගපන්දු තනතීරූ තුල මේ ඉලක්කය ඉතාම අපහසු ඉලක්කයක් කියලා ඕනම කෙනෙක් දන්නවා.ඒ නිසාම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙන එක තමයි කණ්ඩායමේ වගේම ප්‍රේක්ශකයන්ගෙත් අන්තිම බලාපොරොත්තුව වුනේ.
14 වෙනිදා උදෑසන පිටියට පිවිසෙන ශ්‍රීලංකා පිල යම් අවස්තාවක් පන්දුවාර 43 අවසානයේ එක් කඩුල්ලකට ලකුණූ 123ක් ලබා ගෙන යම් අස්වැසිල්ලක් ලබනවා.
කතාව පටන් ගන්නේ මෙතැන් ඉදන්.
අර්ද ශතක ලබා සිටි සංගා සහ කෞශාල් දැවී යාමෙන් අනතුරුව ශ්‍රීලංකා ක්‍රීඩකයන් එකා පසු පස එකා ක්‍රීඩාගාරයට යනවා. මැතිව්ස් පමණක් පන්දු 90ක් තුල ලකුණු 18ක් ලබාගනිමින් තම අන්තය ආර්ක්ශා කරගන්නවා. දිනයේ යවන 86 වන පන්දුවාරයේ අවසන් පන්දුවට මැතිව්ස් දැවී යන්නේ ඇන්ඩර්සන්ගේ පන්දුවක් හමුවේ. දැන් ශ්‍රීලංකා කණ්ඩායම ලකුණූ 201 කඩුලු 8යි. සියල්ලන්ම බලාපොරොත්තු අතෑර හමාරයි.
බවුන්සර් එකක්, යෝකර් එකක්, බවුන්සර් එකක් ඇන්ඩර්සන් හා බ්‍රෝඩ් එලෙස අභියෝගය එල්ල කරන්නේ දිනයේ අවසන් පන්දුවාර තුනේදී ශ්‍රීලංකා අවසන් කඩුලු දෙක ගැලවීමටයි.
යන්තමින් බේරෙමින් සිටි හෙරත්, බ්‍රෝඩ් යවන බවුන්සර් පන්දුවසට හසුව දැවි යන්නේ දිනයේ අවසාන පන්දුවාරයේ පලමු පන්දුවටයි. දැන් නම් නියත පරාජයකි.
90 වන ඕවරයේ 5 වැනි පන්දුව බ්‍රෝඩ් දිවවිත් යොමුකරනවා. යන්තමින් තම පිත්ත එයට යොමු කරන නුවන් ප්‍රදීප්ගේ දෑස විශ්මයට පත්වෙන්නේ නිමේශයකින්. ඉතාමත් ප්‍රභල ඉල්ලීමක්.
“That’s the ball, That’s the ball and that’s the test match”
විනිසුරුතුමා නුවන් ප්‍රදීප් කඩුල්ල මුවා කීරීමේ වරද සිදුකොට ඇති බවට නම් කරනවා, එංගලන්ත ක්‍රීඩකයන් ප්‍රෙක්ශකයන් ක්‍රීඩයන් ජයග්‍රණය සමරන්නේ මහත් ඔල්වරසන් හඩින්. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රේක්ශකයන් දෑත ඔලුවේ බැදගෙන සිදුවූයේ කුමක්ද කියා බලාගෙන ඉන්නවා.
සිදුවූයේ කුමක්ද කියා විශ්මයෙන් සිටින ප්‍රදීප් එම විනිසූරූ තීරණය අභියෝගයට ලක් කරනවා.
“OH noo, Big insideage”
ප්‍රේක්ශකාගාරය තුල ශ්‍රීලංකා ඔල්වර්සන් නාදය ඉහල යද්දී ශ්‍රී ලංකා ක්‍රීඩයකයන්ගෙ මෙන්ම ප්‍රේක්ශයන්ගේ හදවත් නැවත සක්‍රීය වෙනවා. ඒ විනිසුරූ තීරණය නැවත හරවා නුවන් ප්‍රදීප් නොදැවුණූ ක්‍රීඩකයෙක් ලෙස නම් කිරීම නිසා. පිත්තේ ඇතුලත අග්‍රයේ පන්දුව වදිනවා විනිසුරු තුමා නොදකින්නට ඇති.
අවසානයේ ඉතිරි පන්දුවෙනුත් බේරී තරගය ජය පරාජයෙන් තොරව අසවන් කරන්නට නුවන් ප්‍රදීප් සමත් වෙන්නේ හෘදයාබාද ඇති කරපු තරගයක් ප්‍රෙක්ශක මතකයට ඉතිරිකර දෙමින්.
මෙම තරගයට මෙසේ වටිනාකමක් එක් කිරීමට ලොකුම හේතුව නම් මෙම තරගාවලියේ දෙවන තරගය ශ්‍රීලංකා කණ්ඩායම මෙසේම හදගැස්මක් එක්කරමින් ජයග්‍රණය කරනවා. එම ජයග්‍රණයත් සමගින් එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් පලමුවරට ජයග්‍රණය කිරීමට ශ්‍රීලංකා කණ්ඩායම සමත් වෙනවා. එවැනි දස්කමක් කිරීමට ශ්‍රීලංකා කණ්ඩායමක් මෙහෙය වූ පලමු නායකයා බවට මැතිව්ස් ගෞරව ලබනවා.
අදටත් එංගලන්තය සහ ලංකාව කිව්වම මතක් වෙන්නේ මේ තරඟ දෙක.
ක්‍රිකට් අපිට දීපූ මේ අපූරූ මතක නිසා වෙන්නැති ක්‍රිකට් අපේ ජිවීත එක්ක මේතරම් ලඟින් බැඳිලා තියෙන්නේ
Image Courtesy – https://bit.ly/2ysz8n9 , https://bit.ly/2RfjClj
Leave a Comment