Colombo Beacon අපිත් එක්ක රැදී සිටිය ඔබව අපි නිතර Inter University Games පිළිඹඳව දැනුවත් කලා. තව දුරටත් විස්තර දැනගැනීම සඳහා Amalgamated Club එකේ President, බාසුර පෙරේරා අයියව සම්බන්ධ කරගන්න අපි අදහස් කලා. අපි අයියත් සමඟ අපේ අදහස් බෙදාගත්තේ මෙසේයි.
1. Amalgamated club එකේ president අයියානේ, club එකේ club board එක ගැන මුලින්ම සදහන් කරමු.
Club එකේ secretary පියුමිකා විජේසිංහ- Karate vice captain, Vice president සංජිත් ඩයස්- Swimming captain , Junior Treasurer අසීම් අමින්- Basketball captain, Assistant secretary නිශාදි හසරංගි- Table tenis captain , Editor නවිදු තරංගන – Cricket captain.
2. Inter University Games කියන්නේ විශ්ව විද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන වටිනා අවස්ථාවක්. ඉතින් ඇත්තටම අයියට ඒ ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?
අපි campus එකකට එන්නේ acadamic අතින් හොද තැන ඉන්න නිසා, ඇත්තටම ගත්තොත් බොහොම සුළු පිරිසකටනෙ campus එන්න අවස්ථාව ලැබෙන්නෙ. එහෙම ඇවිල්ලත් Sport එකක් තෝරාගන්නේ ඒ පිරිසෙන් Academic සහ Sports balance කරගන්න පුළුවන් පිරිසක්.. පාසල් කාලයේ Sport එකක් කරලා තියෙන්නත් පුලුවන්, නැතිවෙන්නත් පුලුවන්. විශ්වවිද්‍යාලය ඇතුලෙ වගේම පිටත් Contacts හදාගන්න මේක ලොකු chance එකක්. ඒ වගේම කවද හරි extra qualification එකකුත් වෙනවනෙ Sport එකක් කරල තියෙන එක. විශේෂයෙන්ම Campus එකේදි Sport එකක් කරල තියෙන එක. ඒ නිසා විශ්ව විද්‍යාලයට එන ළමයින්ට Inter University Games කියන්නෙ තමන්ගෙ දක්ෂතා ඔප මට්ටම් කරගන්න වගේම, ජීවිතේට අත්දැකීම් රැසක් එකතු කරගන්න ලැබෙන වටිනා අවස්ථාවක් .
3.මෙවර Inter University Games වල දැනට තිබ්බ Matches සහ ඉදිරියට පැවැත්වෙන්න නියමිත Matches පිළිබඳවත් සදහන් කරමු.
දැනට අවසන් වුනු ක්‍රීඩා තියනවා 15ක්. ඊට අමතරව Chess, Wrestling, Taekwondo, Hockey, Table tennis, Football සහ Basketball යන ක්‍රීඩා තව 7 ක් ඉදිරියට පැවැත්වෙන්න තියනවා.
4. සමස්ත ලකුණු සටහනේ දැනට ඉදිරියෙන් ඉන්න විශ්ව විද්‍යාලය මොකද්ද? කොළඹ විශ්ව විද්‍යාලය කිවෙනි ස්ථානයේද ඉන්නේ? දැනට ලබාගෙන තියන points ගණනත් මතක් කරමු.
දැනට සමස්ත ලකුණු සටහනේ කාන්ත අංශයෙන් ලකුණු 97.5 ක්ලබාගෙන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පළමු ස්ථානයේත්, ලකුණු 90ක් ලබාගෙන කොළඹ විශ්ව විද්‍යාලය දෙවන ස්ථානයේත් සිටිනවා. පිරිමි අංශයෙන් ලකුණු 129ක් ලබාගෙන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පළමු ස්ථානයත් ලකුණු 125ක් ලබාගෙන කොළඹ විශ්ව විද්‍යාලය දෙවන ස්ථානයත් හිමි කරගෙන තියනවා. ඒ අනුව සමස්ත ලකුණු සටහනේ ලකුණු 226.5 ක් ලබාගෙන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පළමු ස්ථානයේ රැදී සිටිනවා. කොළඹ විශ්ව විද්‍යාලය ලකුණු 215ක් ලබා දෙවන ස්ථානය ලබා සිටිනවා.
5.අයියා හිතාගෙන හිටපු විදියට කොළඹ විශ්ව විද්‍යාලය හොදින් perform කරලා තියනවද? හිතපු නැති Teams ඉදිරියට ඇවිත් තියනවද?
මෙහෙමයි නංගි ක්‍රීඩාව කියන්නේ අවිනිශ්චිත දෙයක්නෙ. Tournament එකකට කලින් කියන්න බෑ අපි කොච්චර success වෙයිද කියලා. හැබැයි දැනට තිබුණු sports වලින් 1ක් 2ක් හැරෙන්න අනිත් ක්‍රීඩා වලින් හොදට Perform කරලා තියනවා. විශේෂයෙන්ම එල්ලේ සහ Baseball කණ්ඩායම්දෙක මතක් කරන්න ඕනි. ඒ Teams දෙක මේ වර්ෂයේ විශාල කැප කිරීමක් කලා. ඒ වගේම අනිත් හැම ක්‍රීඩාවක්ම පසුගිය වර්ෂයට වඩා හොද වර්ධනයක් පෙන්නලා තියනවා.
6.කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩාවට ඇති කැපවීම සහ Team Spirit එක මොන වගේද?
කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා කරන ගොඩක් අය පාසල් යන කාලයේ ක්‍රීඩාවට ගොඩක්ම දක්ෂ අය නෙමේ. ක්‍රීඩා නොකර campus අවට පස්සේ පටන් ගත්තු අයත් ඉන්නවා. ඉතින් කොළඹ විශ්ව විද්‍යාලය මේ ලබාගෙන තියන result එක පිටිපස්සේ තියන ලොකුම රහස තමයි Team Spirit එක. ඒ වගේම හැම ක්‍රීඩක ක්‍රීඩිකාවක්ම විශාල කැප කිරීමක් කරනවා. සමහර අය Lectures පාඩු කරගෙන. Exam වලට පාඩම් කරන ගමන් තමයි Practice කරන්නේ. Inter University Games කාලෙට ground එකේ පුහුණුවීම කරන්න අමාරුයි. ඒ තරමට Sports ගොඩක් වල අය පුහුණුවීම වල යෙදෙනවා. ඉතින් Club එකේ President විදියට හැම කණ්ඩායමක්ම එක විදියට කැප වෙන එක ගැන බොහොම අහිංසක සතුටක් ලබනවා.
7.විශ්ව විද්‍යාල අතර සහෝදරත්වය ගොඩනැගෙන්න Inter University Games වලින් මොන වගේ පිටිවහලක්ද ලැබෙන්නේ?
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල 14ක් තියනවා නෙ. ඒ හැම එකකින්ම උපරිමෙන්ම ක්‍රීඩා වලට සහභාගි වෙනවා. විශ්ව විද්‍යාල වල Club and Societies වලටත් වඩා Inter University Games වලදී අනිත් විශ්ව විද්‍යාල සමග හොද සම්බන්දතා ගොඩනගා ගන්න පුළුවන්. Inter University Games වලින් කෙරෙන වැදගත්ම දෙයක් තමයි මේ Games වල ඉන්න හොදම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට World University Games වලට සහභාගි වෙන්න chance එකක් ලැබෙන එක. එතන තියෙනේ හැම විශ්ව විද්‍යාලයකම සංයුතියක්. ඒ නිසා Inter University Games වලින් අනිත් විශ්ව විද්‍යාල සමග සහයෝගිතාව වර්ධනය කරගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා.
8.මම දන්නා තරමින් කාලෙකට පස්සේ Inter University Games වලින් 3වන ස්ථානය දිනා ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලිය රගර් Team එක සමත් වුනා. අපි රගර් Team එකේ කැපවීම සහ එකමුතුකම ගැනත් සදහන් කරමු.
මීට කලින් රගර් Team වල දක්ෂතාවයේවත්, කැපවීමේවත් අඩුකමක් නෙමේ නංගි. ඇත්තටම ඕනම දේකට වාසනාව කියල දෙයකුත් තියෙනවානෙ. ඉතින් එහෙම දෙයක් වෙන්න ඇති. මේ අවුරුද්දේ වෙනදා නොතිබුනු පොඩි වාසනාවක් තිබ්බා. ඒ එක්කම කියන්න ඕනා රගර් කණ්ඩායමේ නායකයා විදියට මට කිසිම Pressure එකක්, ලොකු වගකීමක් තිබුනේ නෑ. සමහර වෙලාවට කණ්ඩායමේ දුර්වල විදියටම ක්‍රීඩා කරපු කෙනා මම. මොකද කණ්ඩායමේ අනිත් 14 දෙනාම දක්ෂ ක්‍රීඩකයන් නිසා. ඇත්තටම මේ වගේ කණ්ඩායමක නායකයා වීමට ලැබීම මට ලැබුණු වාසනාවක්.
මෙවර අපි ලබගත්තු ජයග්‍රහනයට ස්තුතිවන්ත වෙන්න ඕනි රගර් කණ්ඩායමේ පුහුණුකරු සුදත් සම්පත් මහතාටත්, කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ටත්. වාසනාවයි, කැපවීමයි සේරමත් එක්ක අපිට තෙවන ස්ථානය ලබා ගැනීමට හැකි වුනා කිව්වොත් මම හරි.
9. අයියා Amalgamated club එකේ President විදියටත්,රගර් Team එකේ Captain විදියටත් කටයුතු කරන ගමන්, විශ්ව විද්‍යාලයේ තවත් වගකීම් රැසකුත් දරමින් Acadamic කටයුතු Balance කරගන්නේ කොහොමද?

Acadamic Balance කර ගැනීම, කාලය කළමනාකරණය සහ ඒ දේවල් Priority දෙන එක මත රදා පවතිනවා. රගර් වල දවස් 5ම Practice තියනවා, President විදියට Club එකේ වැඩ කටයුතු තියනවා, ඊට අමතරව මම Rotaract සංගමයේ සභාපති වෙලා හිටියා. මේ දේවල් එක්ක Acadamic balance කරගන්න මට උදව් කරන්නෙ මගේ යාලුවෝ. විශ්ව විද්‍යාලයෙන් හම්බුන හොදම දේ තමයි‘ගැට්ට’ කියන එක. ඒකට පින් සිද්ද වෙන්න Acadamic වැඩ සමබරව කරගන්න මට පුළුවන් උනා. ඒ සදහා ස්තුතිය දෙන්න ඕනි විශ්ව විද්‍යාලයේ මගේ යාලුවෝ පිරිසට වගේම මට වචනයකින් හරි උදව් කරන හැමෝටම.
10. මෙවර Colours Night සංවිධානය කිරීමේ ප්රධාන වගකීම තියෙන්නේ අයියට නේද? ඉතින් ඒ සදහා තියන සූදානම සහ සැලැස්ම මොන වගේද?
ඔව්. දැනට ක්‍රීඩා පැවැත්වෙන නිසා නොවැම්බර් මාසය වනවිට Colours Night තියන්න plan කරගෙන ඉන්නවා. විශ්ව විද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයට පසුව පැවැත්වෙන ලොකුම Event එක තමයි Colours Night කියන්නේ. මහන්සි වෙන, කැප කිරීම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දෙයක් ලැබෙනවනම් ලැබෙන්නේ එදාට. ඒ නිසා හැකිතාක් උත්කර්ශවත් සහ වර්ණවත් විදියටත් පවත්වන්නත්, ක්‍රීඩකයන්ට අමතක නොවන අත්දැකීමක් ලබාදෙන්නත් පුලුවන් උපරිම දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
11. විශ්ව විද්‍යාලක් විදියට ක්‍රීඩාව සදහා තියන කැපවීමට මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ? ඉදිරියට දියුණු විය යුතුයි කියලා හිතෙන්නේ මොන වගේ දේවල්ද?
මම හිතන්නේ නෑ වෙනත් කිසිදු විශ්ව විද්‍යාලයක, කොළඹ විශ්ව විද්‍යාලය තරම් පහසුකම් ලැබෙනවා කියලා. ඒ සදහා ස්තුතිවන්ත වෙන්න ඕනි කොළඹ විශ්ව විද්‍යාලයේ Vice Chancellor sirටත්, Sports Board Chairman, Science Facutly Dean sirටත්, Physical Education Department එකේ ඉන්න Actine Directors ලාටත් සහ සියලුම Instructors ලාටත්. ඇත්තටම ක්‍රීඩාවට ලොකු සහයෝගයක් ලැබෙනවා.
12. මෙවර Inter University Games සමස්ත ශුරතාවය දිනාගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයට හැකියාව ලැබෙයිද?
දැනට ක්‍රීඩා 7යි ඉතිරිව තියෙන්නේ ඒ වගේම ලකුණු 11.5ක පරතරයක් තියනවා. ඒත් තාමත් ශූරතාවය ගැන බලාපොරොත්තු තියාගන්න බැරි කමක් නෑ. Chess, Hockey, Basketball යන ක්‍රීඩා 3න්ම ශුරතා දින ගැනීමට ලොකු Chance එකක් තියනවා. Table tenis, Taekwondo, Football වලත් අපි ගිය අවුරුද්දෙ ගොඩක් ඉදිරියෙන් හිටියා. අනිත් ඉතිරිව පැවතීම ක්‍රීඩා, පසුගිය වර්ෂයේ අපි ඉස්සරහින් හිටපු Sports. Chess, world ranking එකක් තියෙන ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරනවා. ඒ වගේම අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ගොඩක් පුහුනු වීම් කරනවා. ක්‍රීඩකයන්ගේ කැපවීමත් එක්ක මෙවර සමස්ත ශුරතාවය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්.
13.අවසාන වශයෙන් අයියට විශ්වවිද්යාලයේ නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නෙ මොකක්ද?
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හැමෝම Sports වලට සහභාගි වෙන්න කියල. තමන් දෙයක් කරනවනම් ඒ වෙනුවෙන් තමන්ට දෙයක් ලැබෙනවා. Sport එකක් කරන එක Campus එකට වගේම තමන්ට Extra Qualification එකකුත් වෙනවා. කවද හරි CV එකට දාන්නත් පුලුවන්. තමන්ගේ ශාරීරික, මානසික ශක්තීන් දියුනු කරගන්නත් ලොකු අවස්ථාවක්නෙ ක්‍රීඩාව කියන්නෙ. ලොකු ආත්ම තෘප්තියකුත් ලැබෙනව අනිවාර්යෙන්ම. Academic වලට බාධාවක් වෙනව කියල හිතන්න එපා. ඇත්තටම එහෙම වෙන්නෙ නෑ. ඒකට ඕන තරම් සාක්ෂි තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් ක්‍රීඩා වලට සහභාගි වෙලා Campus ජීවිතේ උපරිම ප්‍රයෝජනය ලබා ගන්න කියලා කියනවා.
ඉදිරි තරඟ වලදී උපරිම හැකියාවන් පෙන්වීමට අවස්ථාව ලැබී, සමස්ථ ශූරතාවය දිනාගැනීමට වාසනාව ලැබේවායි Colombo Beacon අපි හදවතින්ම ප්රාර්ථනා කරමු.
Leave a Comment