Interview

IS and MF සුහද හමුව

කොළඹ විශ්වවිද්‍යාලයේ මෑතකදී ආරම්භ කරන ලද කර්මාන්ත සංඛ්‍යානය හා ගණිතමය මූල්‍ය පාඨමාලාවට වසර 10ක් පිරීම නිමිතිකොට ගෙන එම පාඨමාලාව හදාරන විශ්ව විද්‍යාල සහෝදර සහෝදරියන් විසින් විශේෂ කටයුත්තකට මේ දිනවල මුල පුරන බව Colombo Beacon අපට දැනගන්න ලැබුණා. ඉතින් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු කතාබහ කරන්න අපි එකතු කරගත්තා දැනට සිව්වන වසරේ කර්මාන්ත සංඛ්‍යානය හා ගණිතමය මූල්‍ය පාඨමාලාව හදාරමින් සිටින නිලංග ජයසිංහ හා ධනුෂ්ක ලක්මාල් සොහොයුරන්ව..

1. කර්මාන්ත සංඛ්‍යානය හා ගණිතමය මූල්‍ය පාඨමාලාව හදාරන අපේ සහෝදර සහෝදරයින් මේ දවස්වල අළුත් වැඩ කටයුත්තක් සංවිධානය කරමින් පවතින බව දැනගන්න ලැබුණා. අපි කැමතියි ඒ ගැන විස්තර ටිකක් දැනගන්න.

මේක ඇත්තටම මල්ලි අපි බැලුවේ අපේ පාඨමාලාව ආරම්භ කරලා වසර 10ක් වෙනවානේ. ඒක විශේෂ අවස්ථාවක් නේ, ඉතින් අපි බැලුවා මේක සමරන්න පොඩි සුහද හමුවක් පවත්වන්න. මේ පාඨමාලාව අවසන් කරලා ගියපු පරණ අයියලා අක්කලාත් එකතු කරගෙන කට්ටියට අඳුර ගන්නත් එක්ක තමයි මේක සංවිධානය කළේ.

කලින් මේකට අදහස ආවේ 1st batch එකේ අයියලාගෙන්. එයාලත් ඇහුවා මේ වෙනුවෙන් මුකුත් කරන්නේ නැද්ද කියලා. පස්සේ එයාලා යෝජනා කරලා තිබුණා අපි ළමයින් වෙනුවෙන් මොනවාහරි දෙයක් කරන්න ඕන කියලා. ඉතින් අපි හිතුවා ඒකට පසුබිමක් හදාගන්නත් එක්ක මේ වගේ සුහද හමුවීමක් තියලා කට්ටිය එකතු කරගන්න එක හොඳයි කියලා.

2. මේ වගේ event එකක් සංවිධානය කරන පළමු අවස්ථාවද?

ඔව් මල්ලි මේක පළවෙනි අවස්ථාව. මේ පාඨමාලාවට වසර 10ක් පිරීම නිමිත්තෙන් තමයි මේක අපි සංවිධානය කළේ.

3. කවුද මේකේ මූලිකත්වය අරගෙන සංවිධානය කරන්නේ?

ඔව්, අපේ SAIFA කියලා සංගමයක් තියනවා. ඒකේ ඉන්න ගොඩාක් සාමාජිකයින් IS එකේ කට්ටිය. ඒක හින්දා අපි හිතුවා මේක SAIFA එක හරහා කරන්න කියලා.

4. කාටද මේ අවස්ථාවට සහභාගී වෙන්න පුළුවන්?

ඇත්තටම මෙහෙමයි. අපි මේක සංවිධානය කරන්නේ කර්මාන්ත සංඛ්‍යානය හා ගණිතමය මූල්‍ය පාඨමාලාවේ 10 වන වසර සමරන්නනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ 1st yearsලා නැතුව එතනින් උඩ batch නවයෙම IS හදාරපු සියළු දෙනාට ආරාධනා කරන්න. මේ පාඨමාලාව අවසන් කරලා ඉන්න පිට අයට එයාලගේ කවුරු හරි එක්ක එන්න අවස්ථාව තියනවා, ඒත් විශ්ව විද්‍යාලය ඇතුළේ වෙනත් අයට මේකට සහභාගි වෙන්න අවස්ථාවක් දෙන්න දැනට තීරණය කරලා නැහැ. Campus එක ඇතුළේ ඉන්න අයට මේකේ ලොකු විශේෂත්වයක් දැනෙන එකක් නැහැ. නමුත් මෙය අවසන් කරලා දැනට පිට ඉන්න අයියලා අක්කලා එකතු කරගන්න එක තමයි ප්‍රධාන අරමුණ.

Event එක ගැන කතාබහෙන් තරමක් එහාට ගිහින් අපි ඔවුන් සමඟ මෙම පාඨමාලාව ගැනත් ටිකක් කතාබහ කරන්න මෙය අවස්ථාවක් කරගත්තා.

5. IS&MF හදාරන ශිෂ්‍යයින් විදිහට අයියලා කොහොමද හිතන්නේ මේ පාඨමාලාව ගැන? පාඨමාලාව තවත් වැඩි දියුණු වෙන්න ඕනද? නැත්නම් අයියලා පවතින පාඨමාලාව ගැන සෑහීමකට පත්වෙනවාද?

ඇත්තටම ඉතින් අපි නම් හිතන්නේ මේක දැන් තියන තත්ත්වෙට වඩා තව දුරටත් ඉස්සරහට ගියොත් හොඳයි කියලා. මොකද දැනට ගත්තොත් එහෙම 4 year General degree එකක් කරාට එයාලට කියලා වෙනම 4 year General degree එකක් කියලා නෑ. එයාලා පළවෙනි අවුරුදු තුනේ වෙනම IS අය විදිහට ඉගෙන ගත්තට 4 year General එකකට ගියාට පස්සේ එයාලට වෙනමම කරන්න courses කියලා නෑ. ඔක්කොම Physical අයත් එක්ක කවලමේ තමයි කරන්න තියෙන්නේ. B.Sc. කියලා තමයි උපාධිය එන්නේ.

අපේ batch එකයි, පල්ලෙහා batch එකටයි තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එන අලුත් batch එකේ අයට syllabus එකත් එක්ක වෙනස් වෙලා එයාලට 4G degree programmes ඇවිල්ලා තියෙනවා. අපේ Special යන අයට ඇරෙන්න අනිත් අයට නිකම්ම B.Sc. කියලා තමයි උපාධිය හම්බවෙන්නේ.

දැන්නම් පොඩ්ඩක් ඇත්තටම හැදිලා තියනවා. ඒත් අර තවම Market එකට ගැලපෙන විදිහට courses එහෙම හැදිලා නෑ. තාම අර subject එකේ pure පැත්ත තමයි තියෙන්නේ. Industry එකට හැදෙන්න මදි තාම. Practical පැත්ත හරියට හැදිලා නෑ තාම. ඉතින් ඒවා හැදෙන්න ඕන කියලා තමයි අපි හිතන්නේ.

6. මේ වගේ උපාධියක් හදාරලා විශ්ව විද්‍යාලයෙන් එළියට යන අයට මොන මොන ක්ෂේත්‍ර වල වගේද රැකියා තියෙන්නේ? අපේ නංගිලා මල්ලිලාට දැනගන්නත් එක්ක අපි ඒ ගැනත් ටිකක් කතා කරමු.

IS කරලා පැති දෙකකින් යන්න පුළුවන්, එකක් Stat පැත්ත, අනිත් එක Finance පැත්ත. Finance පැත්තෙන් යනවානම් ගොඩක් වෙලාවට Acturial වගේ Mathematics වලට අදාළ රැකියා වලට යන්න පුළුවන්. මොකද, අපි දන්න විදිහට ලංකාවේ විශ්ව විද්‍යාලයක මේ පාඨමාලාව තියෙන්නේ මෙහේ විතරයි. මේ ගන්න 60 විතරයි අවුරුද්දකට රැකියා වෙළඳ පොළට එළියට යන්න ඉන්නේ. Bank, Insurance company වගේ ඒවට යන්න පුළුවන්. අනිත් ඒවා නම් ඉතින් ගොඩක් Stat වලට බර ඒවා තමයි.

7. නැවතත් අපේ පර්‍ධාන මාතෘකාවට හැරුණොත්, මේ event එක තියන තැන, දවස, වෙලාව ගැනත් කියමු.

එක තියෙන්නේ පෙබරවාරි මාසේ 21, හවස 3.00ට විතර තමයි පටන් ගන්නේ. 3.00 ඉඳන් රාත්‍රී 8.00, 9.00 විතර වෙනකන් තියනවා. අපේ විශ්ව විද්‍යාල ක්‍රීඩා භූමියේ තමයි පවත්වන්නේ.

8. එදාට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? විශේෂ අංග මොනවාහරි සංවිධානය කරලා තියනවාද?

එදාට මුලින් Dean sir ගේ කතාවක් තියනවා. ඊළඟට තව විනෝදකාමී කණ්ඩායම් ක්‍රියාකාරකම් වගේ කවුරුත් සම්බන්ධ වෙන විදිහේ items කීපයක් තියනවා. හවසට සාදයක් Open එකේ තියනවා, ඊට පස්සේ Dj එකක් තියනවා BLT එකේ. එච්චර තමයි.

9. මේ වගේ විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමේ අරමුණ මොකක්ද?

මේක ගොඩක්ම කට්ටිය අඳුරගන්න තමයි සංවිධානය කළේ. ඇතුලේ ඉන්න අයට රැකියාවකට යන්න වුණත් කලින් batch වල හිටපු අය එක්ක සම්බන්ධතා ඇති කරගන්න වගේ තමයි. ඇත්තටම අපිට අදහසක් නෑ කලින් batch වල අය මොන වගේ තැන් වල ඉන්නවද කියලාවත්. මේ පාඨමාලාවත් අළුත්, ඒ වගේම අපිටත් තවම කිසි අදහසක් නෑ මේ පාඨමාලාව කරන අයට වෙළඳපොලේ රැකියා තියද, නැද්ද කියලාවත්. අපි දන්නේත අපේ batch එකට උඩ batch දෙකක අය විතරයි. අපි අනිත් අයව දැකලාවත් නෑ, අඳුරන්නෙත් නෑ, කොහොමද කියලා හිතාගන්නවත් බෑ.

ගොඩක්ම අපි මේක සංවිධානය කරන්න අරමුණ වුණේ ඒ උඩ batch වල අයව අඳුර ගන්නයි, වසර 10ක් පිරීමේ අවස්ථාව සමරන්නයි, රැකියා පිළිබඳ ඒ අයත් සමඟ කතා කරන අතරතුර යම් විදිහකින් අදහසක් ලබා ගන්නයි තමයි.

10. ප්‍රධාන අමුත්තන්ට එහෙම ආරාධනා කරනවාද?

Dean සර්ට තමයි අපි ආරාධනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව සංජීව සර්ටයි, ඒ වගේම , Maths department එකෙයි Stat department එකෙයි ප්‍රධානීන් වශයෙන් වැඩ කරන සර්ලාටත් ආරාධනා කරනවා.

11. මේ සඳහා මූල්‍ය වියදම් දරන්නේ කොයි විදිහටද?

මුල්‍ය වියදම් සොයාගත්තේ අපි මල්ලි, Fund raising project එකක් කරා bookmarks විකුණලා. ඒකෙන් තමයි. ඊට අමතරව අපි t-shirt එකක් ලෑස්ති කරලා තියනවා එන අයට මේ දවස මතක් වෙන්න වගේ. ඒකත් මුදල් ලබාගැනීමේ පරමාර්ථයෙන් නෙවෙයි. මේක ලොකු වියදමක් යන එකක් නෙවෙයි ඇත්තටම.

අවසාන වශයෙන් Colombo Beacon අපිත් ඔවුන්ට මේ විශේෂ වැඩසටහන සාර්ථකව පවත්වන්න හදපිරි සුභ පැතුම් එක්කරමින් ඔවුන්ගෙන් සමුගත්තේ ඔවුන්ට අපගේ ස්තුතිය ද පළ කරමිනි.

කර්මාන්ත සංඛ්‍යානය හා ගණිතමය මූල්‍ය පාඨමාලාව හදාරන, දැනට පාඨමාලාව අවසන් කර රැකියාවේ නියුතු ඔබත් නොවරදවාම පෙබරවාරි 21 හවස 3.00ට විශ්වවිද්‍යාල ක්‍රීඩා පරිශ්‍රයට එන්න, විනෝද වෙන්න, පරණ යාළුවන්, අළුත් යාළුවන් මුණ ගැහෙන්න. ඒ දවසත් ඔබේ ජීවිතයේ තවත් අමතක නොවෙන දවසක් කරගන්න.

ඔබට අපෙන් සුබ පැතුම්!

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිල්ශාන් රවිසර

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

About the author

ජයනි විජේසිරිවර්ධන

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment