LIFE අම්මගේ බඩෙන් ඉපදුන කොටම අපිට ලැබෙන දේ තම life එක .කොහොමින් කොහොමහරි දනගාල බඩගාලා ලොකු ලමයක් වෙලා කියල හිතල අවුරුද්දක් මොන්ටිස්සොරි යනවා ..ඊට පස්සේ ඉතින් අවුරුදු 13ක් ඉස්කෝලේ යනවා ….ඔන්න එනවා කැම්පස් පාසලන් පිටවුන සුහුබුල් මානව මානවිකාවෝ . අවුරුදු 3ක්,4ක්, 5ක්.කැම්පස් life එක ගත කරන්න එනවා……ආවා කීවට මොන්ටිසූරි මානසිකත්වය තියන පොඩි බබාල බබීල වගේම පුළුවන්තරම් ඉන්න ආපු uncle ත් ඉන්නවා …
අපී ජීවිත සල්ලි එක්ක සමාජේ එක්ක හරියට ගැටෙන්න ගන්නේ මේ කලේ …නිදහස් අධ්‍යාපන හැමෝටම පොදු නිසා කැම්පස් එකට ගමෙන් කැකිරි වගේම කොලබින් කිරිත් එනවා…කොළඔ ජීවිත වෙනස් නොවුනට ගමෙන් එන ජීවිත කැම්පස් එකත් එක්ක වෙනස් වෙනවා ..ගමේ දම්මි සුගත්ලගේ වෙරළු කතා වලින් එහා ගිය ආදර කතා වගේම “OBEL ” T එකට ” BAMBARK ” slippers දෙකට “ Sunsung ” phone එකට පිස්සු වැටෙනවා .. .ඒවත් එක්ක උන් කොන්ඩේ ඇදුම් posh වෙනකොට එවන msg වගේම fb comment වලින් කොළඔ උන් කොර වෙනකොට …මන් වීරයා කියල හිතගෙන ටින් ටින් culture එක හිටපු උන්ට නම් ටිකක් තද වෙනවා…
කොල්ලෝ ඉක්මනට culture එකත් එක්ක change .උනත් කෙල්ලෝ මේ එකට හුරු වෙන්න ටිකක් කල් යනවා..ඇලේ දොලේ දිග රෙද්ද පටලවන් සංස්කෘතිය පොරවන් නාපු උන් wash room වල posh වෙනවා…. මල් මල් ගවුම ගැලවිලා ඩෙනිම් three quarter ඉස්සෙනකොට විටමින් A ,D සපිරි බටර්,මාගරින් avacado මුනේ ගැවෙනවා . එක එක whitening cream සුදු වෙන්න මුනේ ගැවට ඕව ගාල කළු උන අයත් නැතුව නෙවෙයි .
LOVE….සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියල උදේ හවස ඇහෙන රටක…. අනුන්ගේ ගෑණි තමන් කරගන්න තමාගේ ගෑණිට පිහියන් අනින සාමාජේක කැම්පස් love එක කියන්නේ ටිකක් වෙනස් කතාවක් …..කවුද කියල තියනවලු love එක ආතල් එක තියන්න පස්සෙන් යනකොටි boot කනකොටයි කියල..පොඩ්ඩක් හිතල බලුවම එකේ වැරද්දකුත් නැහැ …හිතට වදින features තියන කෙල්ල දැක්කම කාගේ කාගේත් තවුස් දැහැන් බිදනවා.. දවසින් 2න් ගොඩ යන ඒවා වගේම අවුරුදු ගණන් බඩගාල දනගාල යුගල් වෙන අය ඕනෑතරම්.. හුගක් වෙලාවට junior batch එකඟ ගොඩ යන්න තමයි අයියලාගේ කැමැත්ත..ඕව අතරේ හන්තානට පායන සද chapter එකන් අවසන් කරලා පට ගත්තු ඒවා හොයාගන්න බැරි කමක් නැහැ.ඒ අතරේ සමහර ඒවා නම් ගොලූ හදවතින් බොදමීදුමක් වෙලා අවසන් වෙලා යනවා….ඕව මොකක් හරි හුටපටයක් වෙලා break වෙලා මූඩ් ගහගෙන් ඉදල කොටට මෙට්ට බදන් ඇඩුවත් ටික කලක් ගිහින් වෙන එකක් සෙට් කරගන්නවා ඊලග කැල්ල තවත් රසවත් වෙයි කියල …ඊ අතරේ එක ආදරයක් හිත තියාගෙන සදාකාලිකව ජීවත් වෙන අවංක ප්‍රේමවන්තයෝත් ඉන්නවා…. අර සුජීව ප්‍රසන්නආරච්චි කීවට වගේ ආදරේ ගින්දරක් කියල ….හුගක් එවුන් කරන්න ඒ ගින්නන් තව ගින්නක් අවුලෝ ගන්න එක නැත්තම් මස් ටිකක් පුච්චන් කාලා බඩ පුරෝ ගන්න එක..මොකෝ මස් කන්න පුළුවන් දත් තියනකන් විතරයිනේ ……
ඕව අතරේ…. බෝඩින් සයමාසිකව මාරු වෙනකොට ….හැමදාම එකම රස එන canteema.බත් එකයි planty එක්ක කැම්පස් ජීවිත ගෙ ගෙවෙනවා….event එකක් එනකොට පැන්, stickers විකුණලා සල්ලි හොයල දත කාල ලොකු company .වලට කතා කරලා sponsorship හොයාගෙන්. poster ගහල publish කරලා කට්ටිය ගන්න ගන්නවා ..කොල්ලෝ කෙල්ලෝ මාරම ෆිට් එක වැඩ කරනවා…ඕව ඉවර වෙලා තියනDJ වල කරටි කැඩෙනකන් නටනවා…semester එකක් ඉවර වෙලා කොල්ලෝ fun එක ට්‍රිප් යනකොට කෙල්ලෝ ඒවාට හුල්ලනවා ,..මොන පිස්සුව නැටුවත් exam ලං වෙනකොට කොහොමහරි කුප්පි දාගෙන .. ඇක දාල ටික subject ටික ගොඩදාගන්නවා .සමහර උන්ගෙන් ඇහුවම lecture එක කොහොමද බන් කියල කියන්නේ මොකුත් තෙරුන් නැහැ ඔයි නිකන් සුද්දෙක් කතා කරයි බැලුව වගේ කියල.. ඒ උනාට උන්ගෙන් result ඇහුවම ඉතින් අපිට ජැනේලෙන් පනින්න හිතෙනවා….
මොකක් උනත් මේ කාලය අයිමත් ජීවිතට එන්නේ නැහැ ආ.. තල්.fun,සැප දුක.සතුට …වලි… ..හැම feeling එකක්ම blend වෙච්ච කාලයක් මේක ..කියන්න බොහෝ දේ තව ඉතුරුයි…..ජය වේවා !!
Leave a Comment