නිසදැස්

MBBS

අහම්බෙන් හමුවුණේ ඉස්පිරිතාලෙදි
මං හිටියෙ එකේ වාට්ටුවෙ
එදා වගේමයි ඔයා…
නැහැ වෙනසක් ⁣පොඩ්ඩක්වත්
නලාවත් අතින් අරගෙන කඩිමුඩියෙ
යනවා එහෙට මෙහෙට
“අලුතින් නේද පත්වීම මෙහෙට?”
ඇහුවා මම හෙමීට නර්ස් නෝනගෙන්
A/L වලින් පස්සෙ තිත තියන්න වුණානෙ කතාවට…
කමක් නෑ ඒක මොකටද අද?
තව දවස් ගොඩක් මෙහෙ ඉන්නවනෙ මම…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පාරමී අයෝධ්‍යා

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment