විශ්ව විද්‍යාලය

Ms.Congeniality

Written by Colombo Beacon

Ms. Congeniality වචනය ගොඩක් දෙනෙක්ට නුහුරු නුපුරුදු වචනයක්නේ.ඉතින් මේ වචනේ science එකේ හැම notice board එකකම වගේ මේ දවස් වල දක්නට ලැබෙනවා. මොකක්ද මේ Congeniality කියන  වචනයේ තේරුම?

What does Ms. Congeniality mean?

  1. agreeable, suitable, or pleasing in nature or character: congenial surroundings.
  2. suited or adapted in spirit, feeling, temper, etc.; compatible: a congenial couple.
  3. අනුකුල :අනුරුප :හුරු:හිතකර:ගතියෙන් හා ගුණයෙන් සමාන.
  4. Of a pleasant disposition; friendly and sociable: a congenial host.
  5. Suited to one’s needs or nature; agreeable: congenial surroundings.​

ඉතින් ඔන්න ඔය වගේ තේරුම් ගොඩක් තියන Ms. Congeniality වචනෙ තේරුම අපිට දැනෙන තේරෙන හැටියට කියනවනම්, ජනප්‍රිය,මිත්‍රශීලි තේරෙන සිංහලෙන්ම කියනවනම් “හොද fit කෙල්ල” කියන එකයි. ඉතින් මේ fit කෙල්ලව තෝරාගන්න හදන්නේ science එකේ 1st year නංගිලා අතරින් කෙනෙක්ව.ඒකත් ඉතින් ඔහේ අවට ගියාට කරන්න බැහැ නොවැ. ඒකටත් තියනවනේ ක්‍රමයක්,ඉතින් ඒකට කියන්නේ ඡන්දය  කියලනේ.
ඔන්න ඉතින් අපේ නංගිලා මල්ලිලට පුළුවන් ඔයාලගේ හිත ගිය fit කෙල්ලව Ms.Congeniality කරන්න.

රට පුරාම පළාත් සභා ඡන්ද උණුසුමක් තියන වෙලාවේ,එළබෙන 19 වෙනිද ඉදලා 23 වෙනිදා දක්වා science 1 ඇතුලෙත් පොඩි ඡන්ද උණුසුමක් පවතීවි කියල අපි බලාපොරොත්තු වෙනවා. සියලුම ඡන්ද  ප්‍රචාරක කටයුතු අද(18) මධ්‍යම රාත්‍රී 12න් අරබෙනවා.ඔයාලා කැමති නංගි කෙනෙක් මේ තරගෙන් ඉදිරියට ගෙනියන්න පෝස්ටරයක්, අත් පත්‍රිකාවක් බෙදන්න ඔයාලට පුළුවන්.මුලික ඡන්ද විමසීම 23 වෙනිදා අවසන් උනාට පස්සේ එදා රැ 8 වෙද්දී ඡන්ද ප්‍රථිපල www.colombobeacon.com හරහා ඔයාලට ලබා දීමට සංවිධායක මඩුල්ල මේ වනවිට කටයුතු යොදමින් යනවා.

ප්‍රථිපල අනුව වැඩිම ඡන්ද ලබාගත් නංගිලා 5 දෙනා අවසාන වටයට එහෙමත් නැත්නම්,Final Round 1ට යනවා.ඉතින් මේ නංගිලා 5 දෙනාට ඉදිරි සති 2ක කාලය ඇතුළත ප්‍රසිද්ධ හා ජනප්‍රිය රුපලාවන්‍ය ශිල්පිනියන් ජයග්‍රාහිකාවන් වෙනුවෙන්ම  මෙහෙයවනු ලබන වැඩමුලු කිහිපයකටද සහභාගී වෙන්න අවස්ථාව තියනවා.

දැන් තේරෙනවනේ නංගි මල්ලියේ??? ගැහැණු ළමයෙක්ට විශ්ව විද්‍යාල ජිවිතයේ එක් වරක් අඩු වශයෙන් තරග කිරීමට හැකි වන මෙවැනි තරගයක් අත හරින්න එපා! හැම නංගි කෙනෙක්ටම දිනන්න අවස්ථාව තිබෙනවා

ප .ලි . මල්ලිලා, Ms. Congeniality සදහා සැබෑවටම සුදුසු, දින්නට පස්සේ මුල අමතක නොවෙයි කියල හිතෙන fit නංගි කෙනෙක් වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Colombo Beacon

Leave a Comment