Interview විශ්ව විද්‍යාලය

One drop – One hope

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර සිසු සංවිධානත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන් දීමේ කඳවුර සඳහා සියලු කටයුතු සූදානම් කෙරෙන අවදියක ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමේ අරමුණින් එහි ප්‍රධාන සංවිධායකයින් ලෙස කටයුතු කරන විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන නදීශානි ඒකනායක, ජනේන්ද්‍ර ජනාර්ථ සහ උසිත මිහිරංග සමඟ Colombo Beacon අපි පිළිසඳරක යෙදුණා.

1. මේ දවස් වල විශේෂ වැඩකට ලැස්ති වෙනවනේ. ඒක ගැන විස්තර ටිකක් කියමු.

Welcome එකෙන් පස්සේ විද්‍යා පීඨ පළමු වසර සිසුන් සංවිධානය කරන මුල්ම function එක විදියට ‘One drop – One hope’ යන තේමාව යටතේ ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරලා තියනවා. මේ වැඩසටහන ඔක්තෝබර් මස 23 වන සදුදා, පෙ.ව. 9.00 සිට ප.ව.3.00 දක්වා කොළඹ  විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ zoology department එකේ BLT 2 සහ 3 යන දේශනා ශාලා වල පැවැත්වෙනවා.

2. ලේ දන් දීමේ වැඩසටහනේ අරමුණ ගැනත් සදහන් කරමු.

ලේ දන් දීම කියන්නේ රට පුර කෙරෙන සමාජ සත්කාරක වැඩසටහනක්. විශ්ව විද්‍යාල තුළ ඉන්නේ රටේ හෙට දවස බාරගන්න ඉන්න පිරිසක්. ඉතින් මේ වගේ සමාජ සත්කාරක වැඩසටහනක් විශ්ව විද්‍යාල ඇතුළෙන්ම ආරම්භ කරලා, ඒ ගැන දැනුවත් කරලා, හැමෝවම ඒ සදහා දායක කරගන්න සහ විශ්ව විද්‍යාලය තුළ සිසුන්ගේ සුහදතාවය වර්ධනය කිරීම අරමුණු කරගෙන තමයි මේ වගේ දෙයක් සංවිධානය කලේ.   

3. කොළ  විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර සිසුන් සංවිධානය කරන ලේ දන් දීමේ වැඩසටහනේ ඉතිහාසය ගැන සදහන් කරමු?

කොළඹ  විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සැම වර්ෂයක් පාසාම නොකඩවා මෙම ලේ දන් දීමේ වැඩසටහන පවත්වාගෙන යනවා.

4. මෙවර ලේ දන් දීමේ වැඩසටහනේ තේමාව ‘One drop- One hope’ ලෙස නම් කරලා තියනවා. ඇයි මේ වගේ තේමාවක් ගන්න හිතුනේ. මොකද්ද එකෙන් කියවෙන්නේ?

සංවිධාන කටයුතු පටන් ගත්තට පස්සේ මේ සදහා සුදුසු තේමාවක් තෝරාගන්න ඕන උනා. ඉතින් අපි පහුගිය වර්ෂ වල තේමාවන් ගැන හොයල බලද්දී ‘One drop- One hope’ කියන තේමාව මෙවර වැඩසටහනටත් හොදින්ම ගැලපෙනවා කියල හිතුනා. ඒ නිසා මෙම තේමාව භාවිතා කලා. මෙය අනන්‍ය තේමාවක් විදියට ඉදිරි වර්ෂ වලත් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා.

5. ලේ දන් දීමේ වැඩසටහනට සහභාගි වෙන්න පුළුවන් කාටද?

විශ්ව විද්‍යාලය තුළ හෝ පිටත, අදාළ සුදුසුකම් තිබෙන ඕනෑම නීරෝගී පුද්ගලයෙකුට මේ සදහා සාහභාගී වෙන්න පුළුවන්.

6. ලේ දන් දෙන අයට තිබිය යුතු සුදුසුකම් මොනාද? ඒ අය ලැස්ති වෙලා එන්න ඕනි කොහොමද?

ලේ දන් දීම සදහා නිර්දේශයක් තියනවා. වයස අවුරුදු 18ට වැඩි සහ බර 50kg ට වැඩි නීරෝගී පුද්ගලයන්ට ලේ ලබා දෙන්න පුළුවන්. ඒ අවස්ථවේදී පෙර රෝග විනිශ්‍යකට ලක් කරලා වෛද්‍ය නිර්දේශයට අනුව තමයි ඒ දේ සිදු වෙන්නේ. ලේ දන දීමට එන අයට කියන්න තියෙන්නේ ලේ ලබා දෙන්න පැයකට පමණ පෙර හෝ හොදින් ආහාර ගෙන පැමිණෙන්න කියල.

7. මෙවර ලේ දන් දීමේ වැඩසටහනට තියන සුදානම කොයි වගේද?

ඇත්තටම හොද සුදානමක් තියනවා. මෙම වැඩසටහන සංවිධානය කරන්න තිබ්බේ සති 3ක වගේ ඉතාමත් කෙටි කාලයක්. වෙනත් වැඩ රාශියක් දී තිබුනත් වාර්ෂිකව කරන සමාජ සත්කාරයක් නිසා මේ වර්ශයෙත් නොකඩවා කරන්න අපි හිතුවා. දැන් වෙනකොට අපි ගොඩක් වැඩ කටයුතු අවසන් කරගෙනයි තියෙන්නේ. තව පොඩි වැඩ කීපයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ.

8. මෙම වැඩසටහනට ලේ බැංකුවෙන් තියන සහයෝගය ගැන මතක් කරමු?

ඇත්තටම ලේ බැංකුවේ සහයෝගය ගැන විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මුලින්ම අපි මේ වැඩසටහන ගැන විස්තර ලේ බැංකුවේ නිළදාරින්ට දුරකථන ඇමතුමක් දීලා තමයි කිව්වේ. ඒ උනාට අපි අයෙත් දවසක ලේ බැංකුවට ගියා වැඩසටහන ගැන විස්තර කතා කරගන්න.  ඒ යද්දිත් එයාලා දිනය වෙන් කරලා, වැඩසටහනට එන්න ඔක්කොම සුදානම් කරලයි තිබුනේ. කියන පමාවෙන් ඒ අවශ්‍ය දේවල් සුදානම් කරලා දුන්නා. ඔවුනුත් අසාවෙන් ඉන්නේ මේ වගේ වැඩසටහන් ගැන.

9. මේ දැවැන්ත කටයුත්තට බොහෝ පිරිසකගේ සහයෝගයක් ලැබෙනවනේ. ඒ ගැන විශේෂයෙන් මතක් කරමු.

ඔව්. විශාල පිරිසකගේ සහයෝගය ලැබෙනවා.මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ කොළඹ විශ්ව විද්‍යාලය විද්‍යා පීඨයේ, පීඨාධිපති මහාචාර්ය K.R.R.මහානාම මහතට. අපිට මෙය සංවිධානය කරන්න තිබ්බේ කෙටි කාලයක් උනටත් අපි ගැන විශ්වාස කරලා මේ සදහා අවසර ලබා දුන්නට. ඒ වගේම අපේ union එකේ president අයියට සහ union එකේ පිරිසට, 4th year, 3rd year, 2nd year අයියල අක්කලට සහ අපේ 1st year batch එකේ සහෝදර සහෝදරියන්ටත්, අපිට උදව් කරපු දෙමව්පියන්ටත්උදව් කරපු සැම දෙනාටම  ස්තුතිවන්ත වෙනවා.  

                                               “One drop-one hope…”

ඔබ අද දින දන් දෙන ලේ බිඳුව හෙට දින තවකෙකුට ජිවිතය දීමට හේතු විය හැකිය. විද්‍යා පීඨ පළමු වසර සිසු සහෝදරත්වයේ මෙම පුණ්‍ය සත්කාරය සමඟ අත්වැල් බැඳගැනීමට ඔබ සැමට අපි ආරාධනා කර සිටිමු..
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නෙත්මි දයාරත්න

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment