ඇසි පියන් නෙතු සඟවා මුවතින් නෙතඟ ගැටි දින සිහිවේ නිතැතින්නොදුටු ලෙස නෙතු සැඟව අතුරින්දුරක් ඇදුනේ සිතට රහසින් පැනය සැමදා සිතම විමසූපවන ඇවිදින් කනට කෙඳුරූපෙමක පැතුමන් හදෙහි රැන්දූරහසකී ඒ අහස පැවසූ කවිඳු මුණසිංහ පළමු වසර තාක්ෂණ පීඨය
Posts
අප්පත් නැති පුංචි එකී…
රෑ මැද්දේ උල ලේනා මහ හඬින් හඬ දෙද්දී ලෙඩ ඇඳේ අම්මගේ හීන් කෙඳිරිය එද්දී ණය ඉල්ලා සුමනේ මාමා වෙච්ච රණ්ඩුව මතක් වෙද්දී නිදා නොනිදා රැයක් පසුදාට එළිවෙද්දීගෙයි මිදුලේ අඹ ගහේ එල්ලිලා “අප්පච්චි”.. “අප්පත් නැති පුංචි එකී” යනෙන හැමෝම කිව්වෙ එහෙමවසරකුත් ගත...
නිල් කූඹි…
තරඟය ද, උත්සව ද, විශේෂ ම දිනයක් දඋන් නොයන සරසවියේතැනක් මම දුටුවේ නැත…බැඳ කරේ, මලු අතේ කඩිසරව දරාගෙනපිම්මේ උන් දුවනවා වගකීම් දරාගෙන…ඔව් පුතේ, කූඹි දැන් බෝ වෙලා හැමතැනමසුදුකූරු පෙට්ටියත් අහවරයි ඇඳලාම…කූඹි වගෙමයි ඉතින් දුරින් ඉඳ බැලුවාමඒත්උන්...
පිළිතුරක අපූරුව
ආදරය ගැන කවියක් ලියවෙන හැම මොහොතකම පිළිතුර හරි රසවත්… කවිකාර ආලයට කවිකාරියක නගන හැඟුම ඒක වෙනම කතාවක්… වෙලාවකට කවියත් හිත් යා කරන විදිය හරි පුදුම අහම්බයක්… Design : Dunith Desitha
මැනලා ද නුඹට කිරි දුන්නේ මගේ පුතේ…
මැනලා ද නුඹට කිරි දුන්නේ මගේ පුතේ දුන්නේ සියලු සැප නුඹ රජ වෙන්න පුතේ පිය සෙනෙහසත් අඩු කෙරුවේ නෑනේ පුතේ ඇයි ද නුඹට මා අමතක මගේ පුතේ දෙනෝදහක් ගැවසෙන මේ මහ පාරේ හෙව්වේම නුඹේ දෑසයි මා ඒ හැම අතරේ...
වැස්ස නුඹ වෙත…
වැස්ස නුඹ නැවතියන් හනික දරන්න බෑ ඇවිලෙනා හදවතේ ගින්න පැටවුන් අඬන්නේ දැනිලා බඩගින්න අනේ උන් ඉන්නේ නොකා තුන්වේල… යන්නේ කොහොමද මං කුලී වැඩට වැස්ස නුඹ හරස්වෙලා ඒ මැදට කෝටියක් දෙවියන් වුණේ නෑ පිහිට හිරු දෙවියනි, පායපන් අපේ ලොවට… Design : Dunith Desitha
තුති පුදමි…
ලතා මඬුලු අත නොපෑවාට ගෙන්දගම් පොළවෙත් ආදරේ තිබුණා උතුරන්න… හන්තානට පායන සඳ සිසිල අපට නොදුන්නට රොබරෝසියා නුඹට තුති මේ ගෙන්දගම් පොළවත් අමතක නොකොට සිප ගත්තාට… Design – Samudini Doraliyagoda
දෙව්බඹු වැඳුමට පේවූ සිරිපා…
අවසන් කොට මේ වසරේ වාරය සැරහෙයි සිරිපා පුද දෙව් වැඳුමට භක්ති දනන් පුද කෙරු සිරිපා යුග සොබාදමේ වැඳුමයි මේ ඇරඹුණ වැසි වසිනා කාලයකිය මේ එළඹුණ මිහිපිට සැබෑම දෙව්ලොවකිය අද කියන්න බැරි තරමට හරි ලස්සන පුද බිමකිය මේ සුන්දර වෑහෙන සමනොළ ගිරි සිරසට පුද වඳිනා...
නුඹයි මමයි
දැඩි ගිම්හානය තිබූ එදවස ද කිසිත් නොවිමසා දරා උන්නු… පුංචිම තුහින බිඳකින් දිවි රැක ගත් අපූරුව නුඹයි මමයි… වදන් ගොළු වුව හිතින් නිතරෝම ඇමතූ… මිල අධික මගේ සිනාව නොමිලේ ම ලැබූ… දුරු වූ තත්පරෙත් කවියකින් හෝ මතු වූයේ නුඹ ය… සිහින දකිමින් නොහිඳ අවැසි තැන...
තිසා වැවට කියූ කතා 8 (නිදිමතේ දේශනය – අනාගත සිහිනය)
ඇහිපිල්ලමට බර වැඩිව ද මේ කරුණු… දේශකතුමන් හරබර කතාවක නැළවිල්ලක් මෙන් මියුරු… නිදිමත දරාගෙන පිරෙනා පොත් පිටුලූ… හෙට දින දිනන්නට අද අපි නිදිවරමු… Design : Samudini Doraliyagoda
තිසා වැවට කියූ කතා 7
(රට වටෙන් ආපු අපි) මචං උඹ කොහෙද බන්කොල්ලෝ ඇහුවා එහෙම…මං හලෝ බැටික්ලෝකෙල්ලෝ කිව්වා එහෙම…ඔහේලට මහන්සි දඑකෙක් ඇහුවා එහෙම…රට වටෙන් ආපු උන්බර කතාවක එහෙම…සරසවියේ පළමු දාරහට ගෙවුණා එහෙම…
පිළිතුරු – ආදරණීය හමුව
අතරමඟකදී හමු වෙලා කොඳුරා ම රහසේ ම එතරම් ම හදවතට ළං වුණි ද නුඹටමාත් නොදැනීම පද අතර සඟවාලා පුලුවන් ද මෙතරම් ම සිනහවක් ගෙන දීනෙතඟ කඳුළු පිසලන්නට සියුම් ලෙස සුපෙම්වතිය…දුනිත් දේසිත අතුකෝරලපළමු වසරතාක්ෂණ පීඨය