“එකම ඉලක්කයක් හබා තරඟ වැදි,
අසමසම කුසලතාවන්ගෙන් පිරි,
අති දක්ෂතමයින් දහසක්…
ලෙලෙන ධජ’තර – දිලෙන අභිමානයන් 14ක්….”
විශ්ව විද්‍යාල ක්‍රීඩා ඉතිහාසයේ මහා කළෙලි මංගල්‍යය, Sri Lankan University Games (SLUG) XIII, මෙවරත්, රුහුණු විශ්ව විද්‍යාලයීය සත්කාරකත්වය යටතේ ක්‍රීඩා කෞශල්‍යයන් 22ක් පෙරටු කොට ගනිමින් ක්‍රීඩික ක්‍රීඩිකාවන් පන්දහසකට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් පසුගිය දා (සැප්තැම්බර් මස 7වන දින) සම්භාවනීය ආරාධිතයින් රැසකගේ ම සහභාගිත්වයෙන් රුහුණු විශ්ව විද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණීය ශ්‍රවනාගාරයේ දී, ලාංකීය ක්‍රීඩා ඉතිහාස පොතේ අති උත්කර්ෂවත් නිමාවක මතකයන් එක් කරමින් SLUG ඉතිහාස වංශ කතාවේ රන් අකුරින් සනිටුහන් විණි. දහසක් අභියෝගයන් සාර්ථකව ජයගනිමින්, සිය ජයග්‍රහණයේ මං පෙත් කරා සාර්ථක පියවරයන් තබමින්, ජයග්‍රාහී නිමාවක අවසානය සනිටුහන් කරනු වස් සංවිධානය වූ SLUG XIII සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අසුන, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, කුමාර් සංගක්කාර මහතා විසින් හොබවනු ලැබූ අතර ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල ක්‍රීඩා කවුන්සිලයේ සභාපති, මහාචාර්ය තිලක් පී. ඩී. ගමගේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද මේ සඳහා සහභාගී විය. නැටුමින්, ගැයුමින්, වැයුමින් මෙන්ම රැඟුමින්ද වර්ණවත් වූ සමාප්ති උළෙල, කුසලාන අත දැරූ විශිෂ්ටයින්ගේ ජය ගොසින් ද, දිනූ කුසලානයන්ගේ තේජාභිමානයෙන් ද කුල්මත්ව දසත ඒකාලෝක කරමින් පැවතිණි.
රුහුණු විශ්ව විද්‍යාලයීය උපකුලපති, මහාචාර්ය සුජීව අමරසේන මහතා අතින් පැමිණ සිටි සියලූම සම්භාවනීය අමුත්තන් උණුසුම් පිළිගැනුමකට ලක් වූ අතර මහාචාර්ය තිලක් පී. ඩී. ගමගේ මහතා විසින් උළෙල අවසානයේ දී පුරා දින 40ක් පුරා පැවති SLUG XIII අතිසාර්ථකව නිමාකර ගැන්ම උදෙසා නන් අයුරින් සහාය දුන් සැමට රුහුණු විශ්ව විද්‍යාලය වෙනුනෙන් තුති පිදීය.
1980 වර්ෂයේ දී සය විශ්ව විද්‍යාල එකමුතුවකින් ඇරඹී තෙවසරකට වරක් ලාංකීය ක්‍රීඩා භූමියේ නොමැකෙන සලකුණු සනිටුහන් කරමින් ඔද තෙද නංවන්නා වූ SLUG, මෙවර පා තුබූයේ සිය තුදුස්වන කුසලානයේ හිමිකාරිත්වයට උරුමකම් කියන්නා වූ අති දක්ෂයින් සොයා යමිනි.
SLUG ඉතිහාසයේ රුහුණු විශ්ව විද්‍යාලය සත්කාරකත්වය දරනුයේ මේ දෙවන වරටය. 1998 වසරේදී විශ්ව විද්‍යාල නවයක් එකමුතුව පැවැත්වූ SLUG VI සඳහාද නිල සත්කාරකත්වය දැරූයේ මෙම විශ්ව විද්‍යාලය යි. අවසන් 2016 SLUG XII සඳහා සත්කාරකත්වය වයඹ විශ්ව විද්‍යාලය දැරූ අතර මීළඟ 2022 SLUG XIV සඳහා නිල සත්කාරකත්වය හිරු නැගෙන සරසවිය ලෙසින් විරුදාවලිය ලැබූ නැගෙනහිර විශ්ව විද්‍යාලයට හිමි විය. ඒ සඳහා වූ ධජ ආරෝහණය විශ්ව විද්‍යාල ද්විත්වයේ උපකුලපතිවරුන් අතින් සමාප්ති උළෙලේ දී සංකේතවත් විණි.සමාප්ති උළෙලේ නිල සමාප්තිය ප්‍රධාන ආරාධිත අමුත්තා වූ කුමාර් සංගක්කාර මහතා අතින් ප්‍රකාශයට පත් කරලීමෙන් අනතුරුව ජාතික ගීය ගායනයෙන් උළෙල නිමා විය. උළෙල අවසානයේ පැමිණ සිටි සියලූම ආරාධිතයින් සඳහා සංග්‍රහයක් සූදානම් කර පැවතිණි.
එකිනෙකට නොදෙවෙනි පෞරුෂත්වයකින් හා නොසිඳෙන ධෛර්යයකින් යුත් ආක්‍රමණශීලි තරඟ විලාසයන් අනුගමනය කරමින් සහෝදර ප්‍රතිවාදීන් අභිබවාලමින් ජයග්‍රහණයේ කිරුළ සොයා ඇරඹි ගමනේ පෙරටුගාමීත්වය විශ්වවිද්‍යාලය කිහිපයක්ම අතර විටෙන් විට හුවමාරු වෙමින් අවසානයේ සමස්ත ක්‍රීඩාවලියේ ශූරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සතු විය. සමස්ත ක්‍රීඩාවලියේ කාන්තා ශූරතාවය කොළඹ විශ්ව විද්‍යාලය සතු වූ අතර එහි පිරිමි ශූරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හිමි කර ගන්නා ලදී.
SLUG XIII කිරුළින් තම තම සරසවි මෑණියන්ගේ සිරස සරසාලීමේ ඒකායන අභිප්‍රායෙන් තරඟ බිමට අවතීර්ණ වූ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එකිනෙකට නොදෙවෙනි දක්ෂතා පිළිබිඹු කරමින් තරඟ බිමේ උරෙන් උර ගැටෙමින් ජය පතා යුධ වැදුනහ. අවසානය තෙක් ජය පැරදුම විනිශ්චය කළ නොහැකි තරමේ තරඟකාරීත්වයක නියැලෙමින් හිඳි ඔවුහු සිය උපරිම දක්ෂතාවයත් කැප වීමත් පිළිබිඹු කරමින් ජයග්‍රහණය කරා තරඟ වැදියේ දක්ෂතම රණකාමීන්ට නොදෙවෙනි පෞර්ෂයයක් විදහා දක්වමිනි.
ඒක පුද්ගල ව්‍යායාමයන් මෙන්ම සාමූහික ව්‍යායාමයන්ගේද සඵල ප්‍රතිඵලය කැටි කොට ගනිමින් අසමසම ක්‍රීඩා කෞශල්‍යයන් විදහා දක්වමින් ප්‍රතිවාදී කණ්ඩායම් අභිබවාලමින් එලෙස ඔවුන් තරඟ වැදියේ හුදෙක් තම තමාගේ ජයග්‍රහණය උදෙසාම පමණක් නොව දහසකුත් තම විශ්ව විද්‍යාල ක්‍රීඩා ලෝලීන්ගේ සියලු බලාපොරොත්තූන් සඵල කරලීමේ ඒකායන අරමුණ පෙරදැරි කොට ගනිමිනි . එබැවින් ජයග්‍රහණයේ කුසලානය කිනම් මොහොතේ කිනම් කණ්ඩායමක් සතු වේදැයි පූර්ව කථනයක නියැලීම තරඟ අවසානයවන තෙක් ම තරඟ විචාරකයින්ට පවා නිශ්චය කරලීම නිසැකයෙන්ම දැවැන්ත අභියෝගයක්ම බවට පත්ව පැවතිණි.
නොපසුබස්නා උත්සාහයත්, නොසිඳෙනා ධෛර්යයත්, අද්විතීය කැප වීමත්, අඛණ්ඩ පුහුණුවත් හමුවේ මෙවර ද රනින් දිලෙන SLUG XIII කුසලානය නිශ්චිතවම එක් කණ්ඩායමක් අත දැරීය. නමුත් එ මගින් ලද්දා වූ අත්දැකීම් හා බැඳුනා වූ සහෝදර හදවත්, කිරුළු පැළඳියේ හුදෙක් ක්‍රීඩාවේ ජයග්‍රහණය පමණක්ම නොව සහෘදත්වයේ සබැඳියාව මුසු වූ ධෛර්යයේ අභිමානය කැටි කැපවීමේ ජයග්‍රහණය යි. SLUG XIII යනු හුදෙක් තවත් එක් තරඟ බිමක් පමණක් ම නොවූයේ මෙවන් වූ සුවිශේෂී කරුණු කාරණා බොහොමයක්ම කරණ කොට ගෙනය.
එසේ නම් SLUG XIII, ලාංකීය විශ්ව විද්‍යාල ගණනාවක සහෘදත්වයේ දැවැන්ත සංකේතයක් ලෙස අර්ථ දක්වමින් හුවා දැක්වීම කිසිවකුටත් කරන අසාධාරණයක් නම් නොවනු ඇත.
දිවා රෑ නොබලා පුහුණු වෙමින්, දහසකුත් කැප කිරීම් මධ්‍යයේ වැටෙමින්, නැගිටිමින්, තරඟ වදිමින්, ඉදිරියට ඇදුනු අපේම සහෘදයන්ගේ ධෛර්යය මෙතෙකැයි යැයි ලඝු කොට දක්වාලීම නම් කිසි විටෙකත් කළ නොහැක්කකි. තරඟ බිම තුල මෙන්ම ඉන් එපිට භූමියේ ද කුසලානය වෙනුවෙන් දහසකුත් කැප කිරීම් රැසක් සිදු වෙමින් පැවතුණි. ඒ සියල්ල තිරය පිටුපස කතාය. නමුත් ඒ සියලු චරිතයන් ජයග්‍රහණයේ කුසලානයට උරුමකම් කියන්නා වූ මාර්ගයේ දිරි දුන්නා වූ දැවැන්ත පෞරුෂයන් ය.
SLUG XIII කුසලානය තමා සතුකර ගැන්මේ ශීත යුද්ධය මේ වන විටත් දසත ඇවිලී අවසානය. බුර බුරා නැගෙන්නා වූ ජයග්‍රහණයේ ගිණි දළු අවසානය ළං වත්ම සෑම හදවතක්ම ආක්‍රමණය කරමින් පැවතිනි. අවශ්‍ය වූයේ වාසනාවේ සිහිල් සුළං රොදක පහස පමණි. සුළඟේ දිශාවට අවනතව රන්මුවා කුසලානය මෙවරත් එහි උරුමකරුවන් සොයා ගියේ එලෙසිනි. නොසිඳෙන ධෛර්යය හමුවේ හමන සුළඟේ දිශාව වෙනස් කොට රුවලේ ගමන් මග වෙනස් කර ගත හැකි බවද මෙහිදී විශේෂයෙන්ම කිව මනාය. එබැවින් අවසානය වන තෙක්ම කුසලානයේ සැබෑ හිමිකාරිත්වය නම් කා සතු වේදැයි පැවසීම නොවිසඳුණු අභිරහසක් ම වී පැවතිණි.
ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල ක්‍රීඩා ඉතිහාසයේ දෙවන වරටත් SLUG කුසලානය තමා සතු කර ගන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය ක්‍රීඩකයින් මෙවර වාසනාවන්තයෝ වූහ. ඒ SLUG XII සහ SLUG XIII කුසලාන ද්විත්වයම තමන් සතුකර ගනිමිනි. පළමු අනුශූරතාවය කොළඹ විශ්ව විද්‍යාලයීය දක්ෂයින් අත දැරි අතර දෙවන අනුශූරතාවය මොරටුව විශ්ව විද්‍යාලයීය දක්ෂයින් සතු විය. Colombo beacon වෙනුවෙන් අපි ඔවුනට අපගේ හදපිරි සුභාශිංසන පිරිනමමු.
මෙහි පවතින සුවිශේෂී ම කරුණ නම් මෙවර අනුශූරකත්වය දිනා ගත් කොළඹ විශ්ව විද්‍යාලය, තවමත් SLUG ඉතිහාසය තුල වැඩිම වාර ගණනක් SLUG කුසලානයට උරුමකම් කියූ විශිෂ්ටයින් අතර රැඳී සිටීමයි. 1983 හා 1986 දෙවසරේත්, 1992, 1995 හා 1998 යන තෙවසර තුල පිට පිට නොකඩවාත්, 2010 වසරේත් SLUG කුසලානයට උරුමකම් කියූ කොළඹ විශ්ව විද්‍යාලීය දක්ෂයින් මෙම වසරේ එනම් SLUG XIII කුසලානයේ අනුශූරතාවයට උරුමකම් ලදහ. කුසලාන 13 කින් අර්ධයකට ආසන්න ප්‍රමාණයකට තවමත් හිමිකම් කියන්නා වූ කොළොම්පුර දක්ෂයින්ගේ දක්ෂතාවය පිළිබඳව විශේෂිත වැනුමක් අවශ්‍ය නොවන්නේ එබැවිනි. සමබර තරඟයක ශූරතාවය බෙදී යා යුතුමය. තරඟකාරීත්වය උණුසුම් වන්නේ එවිටය. SLUG කුසලානයේ උරුමකරුවන් අතර කුසලානය හුවමාරු වන්නේ ද එබැවිනි.
ජය කෙහෙළි නංවමින් රනින් දිලෙන SLUG XIII කුසලානයේ ශූරතාවයට හිමිකම් කියූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය අති දක්ෂයින්ටත්, අනුශූරතාවයේ උරුමකමරුවන් වී කොළඹ විශ්ව විද්‍යාලයීය සරසවි මෑණියන්, අභිමානනීය තේජස මුසු ගෞරවයෙන් ඔසවා තබා ලාංකීය විශ්ව විද්‍යාල ඉතිහාසයේ රනින් කර වූ සලකුණු අතර කොළඹ විශ්ව විද්‍යාලයීය නාමය ද රැන් දූ කොළොම්පුර අභිමානනීය අපේම සොයුරු සොයුරියන්ටත් Colombo Beacon අපි අපේ හද නැගෙන හෘදයාංගම සුභාශිංසන තුටු සිතින් පුද කරමු. දක්ෂයින්ට අවැසි වන්නේ ජය මගේ නැගෙන ඔල්වරසන් හඬ පමණි. අපේම සහෘද හදවත් වෙනුවෙන් මේ එක් කරනුයේ Colombo Beacon හදවත්වල රැව් පිළිරැව් දෙන්නා වූ ජයග්‍රහණයේ ප්‍රීතියෙන් මුසපත් වූ ඒ ඔල්වරසන් හඬ යි.
සැමට ජය!!!
Leave a Comment