ක්‍රීඩා

SLUG XIIl -2019

“ලෝකයේ තාරකා සමූහයක් තිබිය හැකි නමුදු ඔවුන් තනිව ගත්කල නැගෙන රශ්මිය,එක්ව ගත්කල නැගෙන රශ්මිය තරම් කිසිවිටක විශාල නොවේ .”
බුද්ධිය සහ දැනුම වර්ධනයට අමතරව අපි අපගේ ජීවිතයට මුසු කරගන්නා දේ බොහෝය. ඒ අතරට සංගීතය,නර්තනය, රංගනය, ක්‍රීඩාව වැනි දේ සුලභය. කෙනෙකු තමන්ගේ ජීවිතය සේ ආදරය කරන එක් දෙයක් පැවතිය හැකිය. එවිට ඔහු හෝ ඇය තම ඉලක්කය කරා ගමන් අරඹන්නේ එතුලිනි. තවත් කෙනෙකු මේ සියල්ලටම නිපුණ විය හැකි නමුදු සියල්ල තුලින් ඔහුද හඹායන්නේ ඔහුගේ ප්‍රිය විෂය පසු පස නොවේද? එම ගමනේදී දහසක් බාධක කම්කටොළු දුෂ්කරතා පැමිණියද ඔවුහු තම ඉලක්කය කරා නොසිඳෙන බලාපොරොත්තුවක් වීර්යයක් සිතේ කැටි කොට තම වායාමය, පියවරෙන් පියවර ඔසවමින් ඉදිරියට ඇදෙති.

ඒ අතුරින් ක්‍රීඩාව තම ජීවිතය කරගත් පිරිස් බොහොමයකි. තම දහඩිය,කදුළු ජයග්‍රහණයේ මාවත මත පතිත කරමින් ඉදිරියට යන ඔවුන් අවසානයේ තම ජය හෝ පැරදුම සමසිතින් විඳීමට තරම් මානසික ශක්තියකින්ද කායික ශක්තියකින්ද හෙබිය. SLUG XlII ක්‍රීඩා තරඟ මාලව මෙවන් පිරිස් එකම පිටියකට එක් රැස් කරන්නා වූ තරඟ මාලාවකි.

SLUG XIIl -2019

විශ්ව විද්‍යාල 14 ක් එකිනෙකා සමග එකම කිරුළක ජයපතා තරඟ වදින SLUG XIIl තෙවසරකින් පසු මෙවර ශ්‍රී ලංකා රුහුණු විශ්ව විද්‍යාලයේ සත්කාරකත්වය යටතේ මේ වන විටත් පැවැත්වෙමින් පවති. එහි සමාරම්භක උළෙල අති උත්කර්ෂවත් අන්දමින්, 2019 ක් වූ අගොස්තු මස 26 වන සඳු දින,අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

උණුසුම් තරඟාවලි පෙළක් අතුරින් අවසන් තරඟ බිමට සපැමිණීමට වාසනාවන්ත වූ ඔවුන් විවිධත්වයෙන් සමකල නොහැකි ක්‍රීඩා කෞශල්‍යයන්ගෙන් හෙබි ශක්තිවන්තයෝ ය. එසේ නම් ඔවුන් මේ සොයන්නේ කුමක්ද? ඒ ඔවුන්ගේ කැපකිරීමේ හා කැපවීමේ අමිල ප්‍රතිඵලයයි.

ක්‍රීඩාවන් 22 ක් මුළුල්ලේ ජයග්‍රහණයේ පහස සොයන තමන්ගේම උන් දෙස සියල්ලන්ම ඉමහත් අභිමානයෙන් නෙත් යොමා බලා සිටින්නේ, මේ ඇරඹි තරඟ මාලවේ ජය කවරෙකු හිමිකරගනීද යන්නයි. එය අප කාගේත් කුතුහලයයි. එසේ නම් සියලු කණ්ඩායම් උදෙසා තම තමන්ගේ උපරිම දක්ෂතා දැක්වීමට හැකි වේවායි ,අපි Colombo Beacon, හදවතින්ම සුභ පතන්නෙමු.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දුල්මිණී දේශප්‍රිය

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment