Interview

Sports කරපු එක Maths Special එකට උදව්වක් උනාද?

Written by Colombo Beacon

නම :- නමේෂ් මාතරආරච්චි 
වයස :-23
පාසල :- හෝමාගම ජනාදිපති විද්‍යාලය .කොලඹ රාජකීය විද්‍යාලය 
පදිංචිය :- හෝමාගම 
පවුලේ  විස්තර :- අම්මා ,තාත්තා අයියා ,අක්කා 
විශ්ව විද්‍යාලයේ පාඨමාලාව :- Physical Science-  Mathematics Special.

ක්‍රීඩාවට ඔහු කෙතරම දක්ෂද යන වග අතිශයෝක්තියකින් ප්‍රකාශ කල යුතු නැත . ක්‍රීඩාවට ඇති හැකියාව ඔහු සිය ක්‍රීඩා කෞශල්‍ය   තුලින් අපුරුවට ප්‍රකාශ කර ඇත. ක්‍රීඩාවට නොදෙවැනි ලෙස අධ්‍යාපන කටයුතුද කරමින් ඔහු අද කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා  පීඨය තුල ගණිත විශේෂ උපාධ්ය  මේ වනවිට හදාරමින් සිටියි. විශ්ව විද්‍යාල ජීවිතයේ 4 වන වසර ගෙවන ඔහු card  එකන් අප සැම හදුනන “බරියා ” අයියා සමග කල පිලිසදරක්…….

අයිය මේ  දවස වල ටිකක් අවිවේකි කියල ආරංචි?

ඔව්, මේ දවස වල අපි නැවත  SLUG games  වලට එල්ලේ  practice පටන් අරන් ඒ වගේම volleyball practice පටන් ගන්න සුදානමින් ඉන්නවා . ඒ වගේම මගේ ඉගෙනීම කටයුතුත් කරගන යනවා.

පාසල් කාලය ගැන සදහන් කලොත් …

මම හෝමාගම ජනාදිපති විද්‍යාලයන්  5 වසර ශිෂත්වය සමත් වෙලා කොළ රාජකීය විද්‍යාලයට ඇතුලත් උනා.එහි 6,7 වසර වල basketball  ක්‍රීඩා කලත් දෙමාපියන්ගේ කැමැත්ත තිබුනේ ඉහලට ඉගෙන  හන්නවා දකින්නයි.මම පාසල් කාලයේ  Scrabble  Club  සහ සිංහල සාහිත්‍ය සංගමයේ කමිටු  සාමාජිකත්වය දැරුව .

ජීවිතයේ හැරවුම් ලක්ෂය පාසල් කාලය කිවොත් නිවැරදිද?

ඔව්, 10 වසරට වගේ එනකම් ජීවිතය බරපතලක් තේරුනේ නැහැ සහල්ලුවන් සතුටන් ජීවිතය ගත කලත් පසුව නිදහස අධ්‍යාපනේ වටිනාකම තේරුම් ගත්ත නිසා අද  campus  එන්න ලැබුන.

විශ්ව විද්‍යාල ජීවිතය ගැන කියනවා නම් ……

මම 2008 A /L  pass වෙලා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුල් උන.මගේ අරමුණ Engineer  කෙනක් වීම උනත්  maths special එකක් කරන්න ආසාවක් තිබුන. ඒ අරමුණ මුලික කරගෙන P6 (pure maths, statistics, applied maths ) subject combination එක තෝරගන ඉදිරියට ගියා.

ක්‍රීඩාවට සම්බන්ධ උනේ?

1st year  එක ඉදන්ම එල්ලේ වලට සහභගි උනා .2nd  year ඉදන් volleyball ක්‍රීඩා කළා.

ක්‍රීඩාවන් ලැබුණු වීශේෂ ජයග්‍රහන …

පසුගිය වසරේ  inter university  එල්ලේ ශුරතාවය දිනාගන්න පුළුවන් උනා..volleyball වලින් දෙවන ස්ථනය ලබාගන්න පුළුවන් උනා.

එල්ලේ සදහා  අවස්ථා තුනකදීත් , volleyball සදහා  අවස්ථා දෙකකදිත් විශ්ව විද්‍යාල වර්ණ (Colours) ලැබී තියනවා. 2013 වසරේ එල්ලේ කණ්ඩායම නායකත්වය හිමිවී තියනවා.

මේ ජයග්‍රහණ වලට හේතුව ?

කැපවීම හා කණ්ඩායම් හැගීම.

​විශ්ව  විද්‍යාලයට අවේ නැත්තම්?

රට යනවා ..

ජීවිතය දුර්වලතා ??

ඉක්මනට කේන්ති යනවා ..

ක්‍රීඩාව නිසා ජීවිතයට ලැබුණු දේවල්??

campus එක තුල බොහෝ පිරිසක් අදුනගන්න ලැබුන. පිළිගැනීමක් ලැබුනා 

ආදරය ගැන……

ජීව්තයට අත්‍යවශය දෙයක්..

පෙම්වතියක් ඉන්නවද ?  කියන්න කැමතිද?

ඔව්…එයාගේ නම දිල්හානි. ඇයත් කොළ විශ්ව විද්‍යාලයේ  stat special කරනවා.

ව්නෝදාo??

යාළුවොත් එක්ක trip යනවා සින්දු  අහනවා

Role model….

Chamara පීරිස්….(4th year science)

එයාගේ යම් කිසි වැඩකට  කැපවීම, කැපකිරිම සහ කණ්ඩායම් හැගීම ඉතා  ඉහලයි .

අවසාන වීශේෂයෙන් ස්තුති කලයුතු අය  ඉන්නවනම්……

අම්මා ,තාත්තා  ඇතුලු  පවූලේ හා ජීවිතයේ ඉගැන්වූ සියලු ගුරුවරුන්ට….

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Colombo Beacon

Leave a Comment