Interview

Star Quest 2015

තාරකා විද්‍යාව යනු අපි කාටත් හරි රසවත් මාතෘකාවක්. ඉදින් අද අපට  beacon හරහා මුණ ගැසෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ සභාපති තුමා වන මිතුන් ඉමේෂ්ක අයියවයි. මේ දිනවල තාරකා විද්‍යා සංගමය විශේෂ වැඩකට සූදානම් වෙනවනේ. අපි අයියත් එක්ක ඒ පිළිබඳ අදහස් ටිකක් බෙදා ගත්තේ මේ අයුරිනි.

Q1. මුලින්ම අපි කැමතියි තාරකා විද්‍යා සංගමය දැනගන්න. 

මේ සංගමය අපේ විශ්ව විද්‍යාලයේ තිබෙන සංගම්වලින් පැරණිතම සංගමයක්. 1959 වර්ෂයේදී ගණිතමය හා තාරකා විද්‍යා සංගමය(mathematical & astronomical society)  කියල තමයි මුලින්ම මේක ආරම්භ වුනේ. නමුත්  mathematics department එකයි, physics  department එකයි departments දෙකකට බෙදිලා තිබෙන නිසා පසුව  2015 වර්ෂයේදී අපි  mathematical යන කොටස ඉවත් කරලා astronomical society( තාරකා විද්‍යා සංගමය) කියලා අලුතෙන් නම් කරලා තියෙන්නේ. 1959 සිට මේ වන තුරු ලෝකයේම තාරකා විද්‍යාවට ප්‍රසිද්ධ විද්‍යාඥයින් අපේ සංගමයෙන් බිහිවෙලා තියනවා .ඒකට හොඳම උදාහරණයක් තමයි මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සර්. ඒ වගේ ගොඩක් විද්‍යාඥයින් අපේ  සංගමයෙන්  බිහි වෙලා තියනවා.

Q2. මේක අපේ විශ්ව විද්‍යාලයේ විතරක් තියෙන සංගමයක්ද? තවත් විශ්ව විද්‍යාලවල මෙවැනි සංගම් තියනවද?

මගේ දැනුමේ හැටියට තාරකා විද්‍යාව පිළිබඳ සංගමයක් විදිහට විශ්ව විද්‍යාලවලින් මෙතරම් සාර්ථකව සිදුවෙන්නෙ අපේ විශ්වවිද්‍යාලයේ තමයි. ලංකාව පුරාම මෙතෙක් කාලයකට විශාල events සියල්ලම වගේ cover කරලා තියෙන්නෙ අපේ සංගමයයි.

Q3.අචාර්ය මණ්ඩලයේ කවුද සංගමයේ මූලිකත්වය අරන් කටයුතු කරන්නේ?

මහාචාර්ය චන්දන ජයරත්න සර් තමයි මූලිකත්වය අරන් කටයුතු කරන්නේ. සර් තමයි අපිට හැම කටයුත්තකදිම මඟ පෙන්වන්නෙ.

Q4.මොකක්ද අයියේ මේ සංගමයේ තිබෙන විශේෂත්වය? මේ සංගමය හරහා මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ?

ඔව් නංගි ඇත්තටම අපේ ලොකුම අරමුණ තමයි පාසල් ළමුන් තුල තාරකා විද්‍යාව සඳහා ඇති ඇල්ම සහ දැනුම වර්ධනය කිරීම.ඉතින් අපි ලංකාව පුරා ගිහින් ග්‍රාමීය පාසල්වල වගේම අනෙකුත් සියලුම පාසල්වල ළමුන්ට තාරකා විද්‍යාව පිළිබඳ ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම බෙදා දෙනවා.ඒ සෑම දෙයකදීම අපිත් එක්ක මහාචාර්ය චන්දන ජයරත්න සර් එනවා.ඒ වගේම අපේ සංගමයේ ඉන්නවා ගොඩක් තාරකා විද්‍යාව පිළිබඳ දේශන දෙන්න පුලුවන් පිරිසක්.ඉතින් එයාලත් අපිත් එක්ක පාසල්වලට ගිහින් පාසල් ළමුන්ට තාරකා විද්‍යාව පිළිබද ලොකු දැනුමක් ලබා දීල ඔවුන් තුළ තාරකා විද්‍යාව පිළිබඳ ඇති උනන්දුව වර්ධනය කරන්න විශාල දායකත්වයක් ලබා දෙනවා.

Q5.සංගමය හරහා සංගමයේ සාමාජිකයන්ට අත්වන ප්‍රයෝජන මොනවද?

ඔව් ඔවුන්ටත් අත්දැකීම් සමඟින් ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම ලැබෙනවා. ඇත්තටම සජීවීව ලබා ගන්නා දැනුම ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා.ඒ තුලින් ගොඩක් වාසි අත්වෙනවා.අපිට කලින් අපේ සංගමයේ හිටපු අයියලා තාරකා විද්‍යාව පිළිබඳ පර්යේෂණවලට යොමු වෙලා තියනවා. උදාහරණයක් විදිහට පසුගිය වර්ෂයේ සංගමයේ  හිටපු හසිත එරන්ද අයියා  “B-type star ” පිළිබඳ සර්. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ  පර්යේෂණයක නිරත වෙලා තියනවා. ඒ  වගේම අශාන් ආරියවංශ අයියා “සූර්ය දැල්” පිළිබඳ පර්යේෂණයක නිරත වෙලා තියනවා. මේ වගේ ගොඩක් බාහිර අවස්ථාවන් අපේ සංගමය හරහා  උදා වීමේ හැකියාව තියනවා.  

Q6.මොකක්ද මේ දිනවල සංවිධානය වන විශේෂ event එක?

event එකේ නම තමයි  “Star Quest 2015”. මේක ලංකාවේ පාසල් ළමුන් සඳහා පැවැත්වෙන තරඟයක්. 2007 වසරේ  තමයි ආරම්භ කළේ. එදා ඉදන් හැම අවුරද්දකම පැවැත්වෙනවා.ඒ වගේම  කියන්න ඕනෙ අපේ සංගමයෙන් 2007 වසරේ ඉදන් හැම අවුරුද්දකම සඟරාවක් එළිදක්වනවා “Sigma magazine” කියල. තාරකා විද්‍යාව පිළිබඳ ගොඩක් ලිපි එහි අඩංගු වෙනවා. 2007 වසරේ සඟරාව පටන්  ගත්තට අපි 36 වෙනි volume එකයි එළි දක්වන්නේ.

Q7. ඇයි මේ වගේ දෙයක් සංවිධානය කරන්න හිතුවේ?මොකක්ද අයියේ අරමුණ?

මම කලින් කිව්වා වගේ අපේ ප්‍රධාන අරමුණක් තමයි පාසල් ළමුන් තුල තාරකා විද්‍යාව පිළිබඳ දැනුම වර්ධනය කිරීම සහ උනන්දුව ඇති කිරීම. ඇත්තටම අද තාරකා විද්‍යාව කියන්නේ පාසල් විෂය නිර්දේශයේ වැඩි අවධානයක් යොමු නොවන කොටසක්. මෙවැනි තරඟයක් නිසා ඔවුන් තාරකා විද්‍යාව පිළිබඳ පුංචි හෝ අවධානයක් ලක් කරන්න පෙළඹෙනව. ඒ නිසා අපි උත්සහ කරන්නේ මෙවැනි තරඟයක් තුලින් පාසල් ළමුන්ට තාරකා විද්‍යාව පිළිබඳ  ඇති අශාව සහ උනන්දුව වැඩි කිරීම.

Q8. මුදල් සම්පාදනය කරගත්තෙ කොහොමද?කවුරු හෝ දායක වුනාද?

ඔව්. අපිට ආයතන කිහිපයකින් දායකත්වය ලැබෙනවා.

Q9. event එක සංවිධානය කරද්දි මතුවුණ බාධක මොනවද?

මුලින්ම නම් මුදල් තමයි ප්‍රශ්නයක් වුනේ. ඒත් පසුව මුදල් හොයා ගන්න පුලුවන් වුනා. බාධක නම් ඉතින් ඕනම දෙයකදි තියනවනෙ. ඒවා ජයගන්න එක තමයි වැදගත් වෙන්නෙ.

Q10. event එක පැවැත්වෙන තැන,දිනය සහා වේලාව සඳහන් කලොත්? 

කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ   NBLT  ශාලාවේ , නොවැම්බර් මස 7 වෙනිදා උදේ 8 සිට සවස 6 පමණ වන තුරු පැවැත්වෙනවා.

Q11. විශේෂයෙන් මතක් කරන්න/ස්තූති කරන්න පිරිසක් අනිවාර්යයෙන් ඇතිනෙ.ඒ කව්ද?

ඔව් මුලින්ම මහාචාර්ය චන්දන ජයරත්න සර්ට ගොඩක් ස්තූති වන්ත වෙනවා. සර් තමයි හැම වැඩකදිම අපිට ශක්තියක් වෙන්නෙ. ඒ වගේම ආචාර්ය මහේෂ් එදිරිසිංහ සර්ටත් ගොඩක් ස්තූති වන්ත වෙනව.ඒ වගේම උප සභාපති නදීශ කැටකුඹුරටත්, කසුන් සංකල්පටත්, පුබුදු සහ ඩිල්ෂාන් යන අයටත්, දෙවන වසරේ විමුක්ති මල්ලිට සහ පළමු වසරේ සමිත මල්ලිටත්, නම් කියපු නොකියපු හැමෝටමත් අපිට වචනයකින් හරි සහයෝගය දක්වපු හැමෝටමත් ස්තූති වන්ත වෙනවා. 

Q12. අවසාන වශයෙන් අයියට මොනාද කියන්න තියෙන්නෙ?තාරකා විද්‍යා සංගමයට බැදෙන්න කාටහරි අරාධනා කරනව නම් මේක අවස්ථාවක් කරගන්නත් පුලුවන්.

ඔව්. අපේ සංගමයට බැදෙන්න පුලුවන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඕනම කෙනෙක්ට. කිසිම faculty භේදයක් නෑ. අපේ form එකක් තියනවා, ඒක fill කරලා දෙන ඕන කෙනෙක්ට අපේ සංගමය විවෘතයි.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

මරීනා හේෂාණි

විද්‍යා පීඨය - උපාධිධාරීනි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment