ආදරෙන් කවියකට පණ දෙනමගේ සුදු දඟකාරියේ…ඔබේ කවි පොත වැහෙන්නම මා කෙසේ සිටියෙද භාරියේ…කවක් ගොතනට හැඟුම් දම්වැල්ඔහේ වැටුණම හිත දිගේ…“ලියූ කවියත් නොදී ගියහම හේතු කෝ මට…?සාවියේ…” චමුදිනී...
Tag - ColomboBeacon
හන්තාන යුවතිය…
බලන් සඳ, අර නැගෙන ඉරඔව් ඔබ එනතුරු සිටි හන්තාන,අද හිනැහේවි හරි ලස්සනට,මීදුම් දුමාරෙක, සීත මදනලකඔබ විඳින පහස,මටත් තිබුණා නම් අද, සතුට නම් නෑ නිම,නැති වුවද, ළඟ රැඳෙනමනහරම හසඟනයි නුඹ,ඉතිං, නගිනු මැන...
රොබරෝසි කුසුමියේ…
ළා රෝස මල් පෙත්තවිකසිතව පුබුදිද්දී රොබරෝසි කුසුමියේ,පාළු නැතිව ද නුඹට…එනතුරා අපි යළිත්,නුඹේ සුවඳේ දැවටෙන්නරොබරෝසි කුසුමියේ,පර නොවී නුඹ ඉන්න…කවි හිතේ නුඹ නමින්මැවෙන හැඟුමන්...
අරගලයට ආදරයෙන්…
මහවුන් රජයන පොඩි උන් පෑගෙන යුගයක බිහි වුණ මහ පිරිසක් අරගල කරලා යුක්තිය සොයනා මී මැසි පොද වන් බල පිරිසක් ලක්මව රක්නට එකාවන්ව ආ ජාතිභේද නොතැකූ බලයක් ඒ බල හමුවේ නකුට හකුල ගිය මහබල ඇති පාලකයො රැසක්...
හෙටත් පිපියන් රෝස කුසුමක් අරගලේ ජය මාවතේ…
ගෙවි ගෙවී අතීතෙට එකතු වෙන තත්පරෙත් දිලි දිලී දැල්වෙනා පැතුමක්ව හදවතින් රිදි රිදී ගලා ගිය රුධිර බිඳු නවතමින් දැවි දැවී හඬන සිත් සනසන්න යුක්තියෙන් සටන් පාඨෙන් හඬ නගන්නේ අසාධාරණෙ නිසාමයි ගිටාරයකින් ලොවට...
ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ලක් මෑණී… රකිමූ සැමදා… හෙල විරු දහදිය ලේ වැගිරූ බිම ඉන් මුතු මිණිකැට ඉපදුණ භූමිය…// දීන නොවුණ ජාතියෙ සරු හෙළ කෙත ලොවට උතුම්...
නැගී ආ ෆීනික්ස් …
කල් ගෙවී අළු මතින් නැගී ආ ෆීනික්ස්… දහදියෙන් කඳුළකින් වරම් ලද මොහොතකින්… රුධිරයෙන් නැහැවුණ රතු රෝසයන් මගහරින්… ස්වේතයෙන් නැහැවුණ නුරාවෙන් මත් වෙමින්… වෙඩි හඬින් වැසුන සවනක් නුරාවේ...
වරෙවු අත් බැඳ රකිමු ලක් අම්මා…
වරෙවු අත් බැඳ රකිමු ලක් අම්මා යුක්තියේ පහන්සිල… පෙනෙන ඉම… නොව නොපෙනෙනා ඉම… සොයා යන්නට… වරෙවු අත් බැඳ රකිමු ලක් අම්මා… තුරුණු රුහිරය කුමට මහ පොළවට… වදන ඇත…...
මගේ දරුවනි මෙමා බේරා ගනිල්ලා…
අඳුර දුරලන එළිය අරගෙන වරෙල්ලා යදම් සිඳ බිඳ පවුරු පෙරලා දමල්ලා දසත විහිදෙන සීහ නාදය නගල්ලා මගේ දරුවනි මෙමා බේරා ගනිල්ලා දීන සොර මුළ මෙමා වට කර – මගේ සාරය උරා බොන කල සඳලුතලවල රජ මැදුරුවල –...
හෙට උදා වන්නේ…දේශයයි මා පැතූ…
හෙට උදා වන්නේ… දේශයයි මා පැතූ…! අලුත් වැස්සක පිනිති අරුණලු වැටී තෙත්වීලා සීහ ධජයේ නේක සායම් පෙඟී සැඟවීලා… යුක්තියේ නිදහසේ පැහැය මුසු සෙනෙහසින් සසිරි සිරිලක සීහ ධජයම වර්ණ ගැන්වීලා… දීන සිතිවිලි නැසූ...
විරුවෙකි නුඹත්…
විරුවෙකි නුඹත්… අම්මා නසන්නට නොව නිවාලන්නට කැපවෙනා මව්බිමෙ නාමයෙන්… හද කකියවයි… පන ගැහෙන හදවත් නිවාලන හඬ නගා කියනා පද වැලේ නාමෙන්… ලක් බිමේ පිනට ලක් මවේ ඉපිද නොනිමෙනා ගිනි සිළු...
මල් පිපෙනු වස් නිවනු මැන හදේ අග්නි…
බක් මහක සැර වෙච්ච අකුණු හඬ තලාවි නිසැකවම නුදුරේම වැහි බිංදු වැටේවි ළතෙත් බව සුරකිමින ලක් පොළෝධාරී මල් පිපෙනු වස් නිවනු මැන හදේ අග්නි…// පන්ති කුමකට ද අපි එක මවගෙ ජාතියක් තුන් වේල රැක ගන්න රටම...