මල් තුහින පොද වටෙන හැන්ඳෑ වරුවේනෙත් දැහැන ගිලගත්ත මුව මඬලේ අරුමේදම් පාට මල් රේණු තටු සලන යාමේමල් පලස ඇතිරූවේ නුඹටයි...
Tag - Flash
ගිමත් කාර්තුවක
අනාරාධිත ප්‍රේමයේ හිස්තැන් මැකූ ආරාධිතම විරහව… අපරිමිත හීනවල නිමැවුමින් පසුව ආගන්තුක ස්නේහයක හිමිකරුයි, සිව්වසර සරසවිය… රීඩ්මග මංසලක මියැදී පෙම් සිහිවටන… ඉගිල්ලී සැඟවුණා සුළඟකින්...
දියුණුයිලු අපි…?
අවි ආයුධ ඇත සැනින් නැසිය හැක ලොවම සයිබරය ඇත තවකෙක් වැනසිය හැකි ය… න්‍යෂ්ටික අවි ඇත පරපුර ගණනක් අංග විකල කළ හැකි ය තවමත් නැතැයි ටෙක්නොලොජියක් මරණය දකින මිනිසුන්ට ජිවිතය දිය හැකි ය…
අවසර
කියන්නට තිබුණත් දහසක් දේකියන්නට බෑ මට වචනෙන් මෙලෙසේසිතන්නට තිබුණත් දහසක් දේසිතනු නොහැකිය සිතින් මෙලෙසේ සිත කය පෑවත් මා පිටු මෙලෙසේපණ ගැහේ අතැඟිලි ළඟින් මාගේඉතින් අවසර කරන්නට කවි පදගැහෙන අතැඟිලි...
ටේලර් සාප්පුව
අඟල් වියත් ගළපමින්නූල් සෙල්ලම් දමමින්පයට පෑගෙන මැෂිමෙන්මසයි ඇඳි වත, මිනිස් විලි වසමින්…කැපී විසි වන නූලකහැඩය හුරු නැති රෙද්දකඅතට අවපැහැ ගැන්වුණජීවිතත් ඇත, මිනිස්කම වස්ත්‍රේ පාටින් මනින… රවිඳු...
තිසා වැවට කියූ කතා…
වංකගිරියේ හිත පැටලිලා අලිකනට අපි රහස් කියු දා…සීගිරියෙ පුටු බංකු අතරේනැවක් ඇවිදින් තිබෙනු දුටුවා…එදා ඉඳලා පවුර කැටපත් පුරා මගෙ කවි ලියවිලා තිබුණා…කුකුළු කොටුවට පේන දුරකින් සියලු කොකු කටු වැටේ...
මට කුමට ප්‍රේමය
හන්තාන සුළඟට නොකී රහසක එතෙන්නට ඉඩ හසර ඇත්නම්.. කොළොම්පුර සරසවි මතක පෙත මැදින් දුරකට යන්න ඇත්නම්.. ඉමක් නොපෙනෙනෙ ඈත අහසක සේද සලුවක් වන්න ඇත්නම්.. ඉතිං, ප්‍රේමය කුමකටද.. මට ළඟින් සිප සනසන්න නැත්තම්..
වාරෙක ඇරඹුම
නේක දන මනදොල පුබුදනභක්ති පූජා නදින් මන්දනසමනොළට සමනලුන් පියඹනඅසිරි බර තුසිතයකි මේ ගිරඋතුම් සුමන මහ දේව ඇරයුමකරණකොට බුදු හිමිඳු වැඩමුවගිරෙහි සමනොළ මස්තකයෙහි මතහිඳුවෙ පා සටහනකි වම්දර පේවි දන මහ සෙනඟ...
ගජමන් ඔබ නම්,
හද සලිත කල්පනාරස බසින් තවරලා කවි නෙතින් ගල ගලා කවි කඳුළු බේරුණා… අකුරු මුතු ඇට උඳුල වී බබළනා සඳ කවි පොතේ කවිය හදවත තුළට වී අමරණීයයි කවි ලොවේ… කවිකාරියයි ලොව...
තාත්තා
කඩදහි ඔරුවට රුවල ඇද්දකුරුම්බැට්ටි මැෂිම පැද්දපොල්පිති හරකට හෙමින් තලපුමගේ පුංචි තාත්තා…ඉරට තවත් ඉරක් නොවුණුසඳට තවත් සඳක් නොවුණුමුළු අහසෙම බර දරාපුඅපේ ඇත්ත තාත්තා…චණ්ඩි කමට නොවැන්දාටරැවුල...
පිළිතුරු
නෙතට නෙතු ගැටෙන්නේ හුරු පුරුදු නිසාම යසවන්පත් හඬ රැව් දෙන්නේමිහිරි හඬක් නිසාම යආදරය නොකියා අපි අපිව හොයන්නේහැඟුම් ලස්සනනිසාම ය… චතුරි ශෂිකලාපළමු වසරශාස්ත්ර පීඨය
සසරේ පතා ආ ආදරය…
දෑසට දෑස් කතා කරන්නේමහිතවලට දැනෙන්නම ය…සවනට මියුරු වදන් ඇසෙන්නේමඔබේ හඬ මිහිරි නිසාම ය…ආදරය නොකියා හිත් බැඳෙන්නේමසංසාරේ පැතුම නිසාම ය… දුනිත් දේසිත අතුකෝරලපළමු වසරතාක්ෂණ පීඨය