කොළඹ විශ්ව විද්ද්‍යාලයේ කළමණාකරණ පීඨය විසින් පසුගිය දිනක තවත් ලස්සන වැඩසටහනක් සංවිධානය කලා. මෙය නමින් “Trailblazer ” . ඉතින් මේ “Trailblazer “වැඩසටහන පිළිබඳව අප කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ අලෙවිකරණ දෙපාර්තමේන්තුවේ ශිෂ්‍ය සංගමයේ වත්මන් සභාපති තුමන් වන හේමංග සමරසිංහ අයියත් සමඟ මෙසේ සංවාදයේ යෙදුනා.
Q1. “Trailblazer ” event එක පැවැත්වුණ දිනය, වේලාව සහ ස්ථානය මුලින්ම සඳහන් කරමු ද?
මේක පැවැත්වුනේ පෙබරවාරි 14 වෙනිදා, සවස 2 සිට 7 දක්වා, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී .
Q2. “Trailblazer ” event එක සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණ මොකක්ද?
මෙහෙමයි මේකෙ අරමුණු කිහිපයක් තියෙනවා. දැන් මෙහෙමයිනෙ අපි fourth year batch එක . අපි out වෙලා එලියට යද්දි එක එක්කෙනා විවිධ විදිහට අපි දිහා බලනවා. සමහරු political mind එකෙන් බලනවා. තවත් සමහරු නිකන් කට පාඩම් කරල ආපු පිරිසක් විදිහට බලනවා. ඉතින් අපිට ඕන වුනේ අපි ඊට වඩා වෙනස්, practically ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුලුවන්, වෙනස් විදිහට හිතන්න පුලුවන්, අනාගතය බාර ගන්න පුලුවන් මිනිස්සු පිරිසක් විශ්ව විද්‍යාලයෙන් බිහිවෙනවා කියන්න අපිට ඕන වුනා.
Q3. මේ event එක පළමු වෙනි වතාවටද කොළඹ විශ්ව විද්‍යාලයේ සංවිධානය වුනේ, නැත්තම් සෑම වර්ෂයක් පාසාම සිදු වෙන event එකක්ද?
ඔව්. මේ වගේ event එකක් කොළඹ විශ්ව විද්‍යාලයේ තියෙන්නෙ නම් ප්‍රථම වතාවට. ඒත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ “Vibes” කියල event එකක් තියෙනවා. ඒ වගේම කැළණිය විශ්ව විද්‍යාලයේ “Stylish Marketing” කියල එකක් තියෙනවා. ඉතින් අපිත් හිතුවා මේ වගේ දෙයක් පටන් ගන්න ඕන කියල. මේ පටන් ගත්තු දේ දිගටම continue වෙනවා අනිවාර්යෙන්ම.
Q4. Event එක සංවිධානය කරද්දි මූලිකත්වය ගත්තු පිරිසක් ඉන්නවද? Event එකේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කලේ කව්ද?
Marketing Department එකේ Student committee එක තමයි organize කලේ. මූලිකත්වය ගත්තෙ මම. තව අපේ Department එකේ 54ක් ඉන්නවා. හැමෝගෙම සහයෝගයෙන් තමයි කලේ.
Q5. Student committee එකේ වත්මන් නිළධාරි මණ්ඩලය සහ එහි වැඩ පිළිවෙල සිදුවෙන ආකාරය පිළිබඳවත් මතක් කරමු.

සභාපතිතුමන් මම, ලේකම් තුමිය මහේෂි දුනුවිලගේ, උප සභාපතිතුමන් මියුරු ගමගේ, භාණ්ඩාගාරික තුමන් එරංග ඩිල්ෂාන්, ඒ වගේම members ලා ඉන්නවා. එයාල තමයි අසේල, ජීවා, විශ්වරංගි, මිලින්ද.. මේක Marketing Department එකේ අපි හදාගත්ත Committee එකක්. අපි බලාපොරොත්තු වෙනවා මේක තව මාසෙකින් විතර Club එකක් විදිහට Develop කරලා හදන්න.
Q6. තරඟ වට 2ක් විදිහටනෙ එක සංවිධානය වුනේ. ඒ ගැනත් event එක සිදු වුන ආකාරය ගැනත් සඳහන් කරමු. තරඟවලට සහභාගි වුන අය, විනිශ්චය වරුන්, කොහොමද තරඟ සිදුවුනේ වගේ දෙවල් දැනගන්න කැමතියි.
ඔව්. මේකට එකතු වුනා ප්‍රසිද්ධ company දෙකක්. Service category එකෙනුයි, Product category එකෙනුයි. service category එකෙන් “SLT” එක, product category එකෙන් “Dimo” එක. “SLT” එකෙන් අපිට service එකක් දුන්නා “SLT Voice” කියලා. Dimo එකෙන් අපිට product එකක් දුන්නා “Magic man” කියලා. මේවා ලංකාවේ තියෙන products සහ services. අපිට ඕනා වුනේ මේකට Advertising strategy එකක් හදුන්වා දෙන්න. ඒකට අපේ campus එකේ Marketing Department එක Trailblaser organize කලා. අපේ campus එකේ marketing department එක නැතුව අනිත් සියලුම දෙනාටම සහ අනිත් ඕනම Campuse එකටම invite කලා. මේකට Teams 42ක් සහභාගි වුනා. එක Team එකක membersලා 4ක් හිටියා. ඌව වෙල්ලස්ස, රුහුණ,IIT,KDU.. මේ වගේ private, government universities ගොඩක් ආවා. පළමු තරඟ වටය විදිහට Briefing Session එක තිබුනා. ඒකෙදි SLT එකෙන් SLT Voice ගැන කියලා දුන්නා. ඔවුන්ට අවශ්‍ය Advertising strategy එක මොන වගේද කියල පැහැදිලි කලා. ඒ විදිහටම Dimo එකෙනුත් “Magic man” product එක ගැන පැහැදිලි කරල ඔවුන්ට අවශ්‍ය Advertising strategy එක ගැන පැහැදිලි කලා. ඊට පස්සෙ අපිට එකතු වුනා Advertising firm එකක් “Triad” කියලා. ඔවුන් strategy එක හදන ආකාරය කියලා දුන්නා. එදා teams ටික ඔවුන් කරන්නෙ service එකක්ද product එකක්ද කියල ලිව්වා. ඉන්පසු අපි ඔවුන්ට proposal එක mail කරන්න කාලයක් ලබා දුන්නා. මේකෙන් teams 3ක් තෝරගත්තා. teams තෝරන්න campus එකේ lecturersල සම්බන්ද වුනේ නෑ. ඒ සඳහා Dimo එක, SLT එක සහ Advertising firm එක සම්බන්ද වුනා. දෙවෙනි තරඟ වටය විදිහට final session එක තිබුනා. final session එකේදි නම් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිනි “ඔටාරා ගුණවර්ධන” මැතිණිය .
Q7. ඇයි මේ වගේ Advertising තරඟාවලියක් කරන්න තීරණය කලේ, ඒකෙන් මේ event එකේ අරමුණට මොන වගේ පිටිවහලක්ද ලැබුනෙ?
නැත්තම් අපේ campus එකට විතරක් අපේ අරමුණ සීමා වෙනවනෙ. අපිට ඕනා වුනේ එහෙම නොවී හැමෝවම එකතු කරගන්න. තනියම කරනවට වඩා අපේ අරමුණ සාක්ෂාත් කරගත්ත නම් ඒක ගොඩක් ප්‍රතිඵලදායකයි කියලා හිතුනා.
Q8. මූල්‍යමය ප්‍රතිපාදන සම්පාදනය කරගත්තේ කාෙහාමද?
Demo එකයි SLT එකයි Platinum Sponsorsලා. Litro එක Gold sponsor විදියට අපට හම්බවුණා. අපිට තව බැනර් sponsorship හම්බවුණා 3ක් විතර. ඒතෙකාට අපේ Marketing Department එකේ T.shirt ඒහෙමත් ඒ කාලෙමයි කලේ ඒකෙනුත් අපි යම්කිසි profit ඒකක් ගත්තා.
Q9. එදින සහභාගී වූ ප්‍රධාන අාරාධිත අමුත්තා පිළිබදව මතක් කලොත්?
ඔටාරා ගුණවර්ධන තමයි ප්‍රධාන අාරාධිත අමුත්තා වුණේ.
Q10. මේ වගේ විශාල event ඒකක් සංවිධානය කරද්දි ගොඩක් ගැටළු වලට මුහුණ දෙන්න සිදුවෙනවනේ. මතුවුණ ගැටළු සහ ඒවට විසදුම් සොයා ගත්තු අාකාරය ගැනත් සදහන් කරමු.
ගැටළු විදිහට ගත්තොත් මෙහෙමයි අපි මුලින්ම NATඑක වෙන් කරලා තිබුණා. Event ඒකට හරියටම සතියකට කලින් වගේ මම ආයෙමත් confirm කරගන්න ගියා. ඒ වෙලාවේ NAT එක ගන්න බෑ කියලා කිව්වා.එතකොට මේ Event එක පොඩි පොඩි තැන් වල තියන්නත් බෑ. මොකද Company එකත් ලොකු තැනක් බලාපොරොත්තු වුණා. NAT ඒක අපිට දෙන්නම බෑ කිව්වා. ඒ දවසෙම Event එක කරන්න සුදුසු නැති වෙලාවක් දුන්නා.උදේ දහය ඉඳන් හවස දෙක වෙනකන් වගේ වෙලාවක කරන්න බෑනේ Event ඒකක්. ඒ හින්දා අපි බෑ කිව්වා. ඊට පස්සේ අපි හතර වටේ ගිහින් hall හොයලා, hall එක ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණා. ඊට පස්සේ අපි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය වෙන් කර ගත්තා. ඒතනදි අපිට සල්ලි ප්‍රශ්නයක් අාවා. සමහර තැන් වලදි අපිට තිබුණ වෙන වියදම් කපාහරින්න වුණා. අපිට ඒක පාරට සතියකින් මේ ඔක්කොම දේ කර ගන්න බැරි වුණා. මේක මුලින්ම කල හින්දා lecturers ලටත් ළමයින්ටත් අළුත්. අනික අපේ Department එකේ ළමයිනුත් ඉන්නේ 54යි. ඒ කියන්නෙත් ලොකු අවධානමක්, මොකද ඒයිනුත් 20ක් 25ක් විතර job වලට ගිහිල්ලා. ඒ ළමයිනුත් අපිට සල්ලි වලින් හරි උදව් කළා. අපේ Department එකේ හැම ළමෙෙයක්ම කීය කීය හරි දීලා උදව් කළා. ඉතින් ඒ වගේ එක එක බාධක අාවා. අපේ Event coordinators ලා විදියට තිලිණි අලහෙකා්න්, දිනුකා විෙජ්තුංග lecturers ලා අපිට ලොකු support ඒකක් දුන්නා. සමහර වෙලාවට මේ මිස්ලා අතින් වියදම් කරලා උදව් කළා.
Q11. Faculty එකේ අනිත් අයෙගනුත්, university එකේ අනිත් අයෙගනුත් මොනවගේ සහයෝගයක්ද ලැබුනේ?
විශේෂයෙන් උදව් කරපු පිරිසක් ඉන්නවනම් මතක් කරමු. අපේ Department එකේ ළමයි අපිට මාර විදියට උදව් කළා. ඒ වෙග්ම අනෙක් Department වල අයත් ඊට කලින් දවසේ අැවිල්ලා ලොකු support ඒකක් දුන්නා. මොනවාද අපෙන් වෙන්න ඕන කියලා අහලා. ඒ වගේම අපේ R .සේනාධිරාජා ඩීන් මැඩම් ඒහෙම ලොකු Support ඒකක් දුන්නා. Department head K.කජේන්ද්‍ර සර්ව අනිවාර්යෙන් මතක් කරන්න ඕන. ගොඩක් ලොකු help ඒකක් දුන්නා. Colombo Beacon නොමිලේම photo coverage එක දීපු එකටත් ගොඩක්ම ස්තූතියි .
Q12. මීට අමතරව Marketing Department එකෙන් සිදුකරන advertising හෝ වෙනත් programme තියනවද?
මීට අවුරුදු 2,3කට කලින් තිබිලා තියනවා. මීට කලින් අවුරුද්දෙත් තියන්න හැදුවා. ඒත් තියන්න ලැබුෙන් නෑ. මේ පාර පටන් ගත්ත Trailblazer දිගටම continue වෙයි කියලා හිතනවා. ඊළග අවුරුද්දෙත් 4th year batch එකෙන්. Q13. අවසාන වශෙයන් event ඒක ගැන මොන වගේ හැගීමක්ද තියෙන්නේ? Trailblazer event ඒක සාර්ථකයි කියලා හිතනවද? අනිවාර්යෙන්ම පිටින් අාපු හැමා්ම කිව්ව ගොඩක් සාර්ථකයි කියලා. මොකද හැමෝටම සතුටක් වුණ එක හේතුවක් තමයි, අපේ Faculty එකේ social ඒකක් තියනවා.ලොකු වියදමක් දරලා ටවර් හෝල් ඒකේ තමයි තියන්නේ. ඒක කවුරුවත් දන්නේ නෑ. එහෙම ඒවා තිබුනට අර brand ඒකක් විදිහට එළියට ගියේ Trailblazer විතරයි දැනට. ඒ නිසා සතුටක් තියනවා. අපි පටන් ගත්තා. පටන් ගන්න එකයි අමාරු. දිගටම කරගෙන යන්න පුළුවන්. දැන් ඉතින් පළවෙනි අඩිතාලම දාල තියෙන්නේ. ඒක ගැන සතුටක් තියනවා.

ඊළග වසෙර් පැවත්වන Trailblazer event ඒක තවත් සාර්ථක වේවා කියා Colombo Beacon අපි ප්‍රාර්ථනා කර සිටින අතර මෙම Event ඒක සම්බන්ධව අපිට විස්තර සැපයූ ප්‍රධාන සංවිධායක හේමංග සමරසිංහ සාෙහායුරාටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමු.
Leave a Comment